Channel 4 නිෂ්පාදක තවත් චිත‍්‍රපටයක් නිර්මාණය කරයි

පිටපත් රචකයෙකු හා සිනමාකරුවෙකු වන කැලම් මැක්රේ ශ‍්‍රී ලංකා රජය හා හමුදාව දැඩි ලෙස විවේචනයට බඳුන් කරමින් 2009 යුද්ධයේ අවසාන කාලයේ සිදුවීම් ‘ගිනි නොබෙඳෙන ඉසව්ව‘ නමින් වාර්තාමය චිත‍්‍රපටයක් නිර්මාණය කර තිබේ.
මෙම චිත‍්‍රපටය සඳහා මුදල් ලැබී ඇත්තේ දෙමළ ඩයස්පෝරාව සමඟ කටයුතු කරන සමහර එංගලන්ත පාර්ලිමේන්තුවේ ප‍්‍රධානීන්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් බවද වාර්තාවේ. පැයක පමණ කාලයක් දිවෙන මෙම වාර්තාමය චිත‍්‍රපටයට, පසුගියදා වඩාත් ආන්දෝළනයට බඳුන්වූ චැනල් 4 හී ප‍්‍රදර්ශනය කළ එහෙත්, ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්‍ෂෙප කළ, ශ‍්‍රී ලංකා හමුදාවෙන් යැයි කීය.

කෲර ඝාතනයන් ඇතුළත්කර තිබෙන අතරම, ඒවා ලබාගෙන තිබෙන්නේ, දැනට ස්විසර්ලන්තය, කැනඩාව, එංගලන්තය සහ තවත් එවැනි රටවලට ගොස් සරණාගත භාවය අයදුම්කළ හමුදා නිළධාරීන් සතුව තිබූ ජංගම කැමරා දුරකතන වලින් බව අධ්‍යක්‍ෂකවරයා ගාඩියන් පුවත් පතට පවසා ඇත. යුද්ධයේදී 70000 සාමාන්‍ය දෙමළ ජනතාව මැරුම් කෑ බව මේ චිත්‍රපටය කියයි. ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කරයි.

පෞද්ගලික පන්ති නතර කලහොත් ආණ්ඩුව පෙරළෙනවා – උපුල් ශාන්ත සන්නස්ගල

ඉරිදා පෞද්ගලික පන්ති පැවැත්වීම නීති ගෙනවිත් එය නතර කලහොත් ආණ්ඩුව පෙරළා දමන බව ප්‍රකට පෞද්ගලික උපකාරක පන්තු ගුරුවරයකු වන උපුල් සාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කරයි. මවුබිම පුවත්පත සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එසේ වුවහොත් දෙමව්පියන් තම දරුවන් දහම් පාසලට යැවීම කෙසේ වෙතත් පන්සලට දෙන දානයදම් නවතා දමනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි. රටේ අපචාර හා දුරාචාර වැඩිපුර සිදුවන්නේ පෞද්ගලික පන්ති තුල නොව ආගමික ස්ථානවලදී බව පවසන සන්නස්ගල මහතා පෞද්ගලික පන්ති නැවැත්වීම වෙනුවට හැකිනම් ඒවා නවත්වන ලෙඩ අභියෝග කරයි. 
එහිදී අදහස් පලකරන ඔහු “ඇතැමෙක් විශ්වාස කරන්න පුළුවන් දහම් පාසල් ගියහම දරුවෙක් හදාගන්න පුළුවන්. ඒ දරුවාගේ අනාගතය යහපත් කරගන්න පුළුවන්.
දරුවාගේ ජීවිතයෙ සාරධර්ම ටික ගොඩනඟාගන්න පුළුවන් කියලා.ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් දරුවා දහම් පාසල් ගියහම විනාශ වෙනවා කියලා. මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ සමහර ආගමික ස්ථාන තියෙනවා. පාතාල මධ්‍යස්ථාන. ඒ වගේ දහම් පාසලකට යැව්වොත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක් වගේ

ලොව වේගවත්ම මිනිසා මලල ක‍්‍රීඩාවෙන් සමුගැනීමට යයි

ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලිය ලත් 27 හැවිරිදි ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් මලල ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු පවසා ඇත. වසර 2016 දී බ‍්‍රසීලයේ, රියෝද ජනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙන් පසු මලල ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තමන් තීරණය කර ඇති බව ඔහු එහිදී පවසා ඇත. 
 වසර 2008 බීජින් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව තත්පර 9‍:5:8නිම කරමින් බෝල්ට් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
 එය මීටර් 100 ඉසව්ව මිනිසකු නිමකළ හොදම කාලයයි. ඉන් නොනැවතුණු උසේන් බෝල්ට් 2012 වසරේ පැවති ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 9:6:3 කින් නිම කරමින් යළි එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමටද සමත් විය.

නැටුම් උගන්වන මුවාවෙන් දැරියට අතවර කරලා

දෙහිඅත්තකණ්‌ඩිය බඹරවාන ප්‍රදේශයේ නැටුම් විෂය දරුවනට උගන්වන මුවාවෙන් බාල වයස්‌කාර දැරියක්‌ රවටා මහනුවර ප්‍රදේශයට ගොස්‌ ස්‌ථාන කීපයකදී දින ගණනාවක්‌ දැරිය සඟවා අතවරයට ලක්‌ කොට පළාගොස්‌ සිටි සැකකරු පොලිසියට කොටුවෙයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ චීවරධාරියකු ලෙස වෙස්‌වලාගෙන සිටි බවත් පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිස්‌ ආරංචි මාර්ග පවසති.ඉකුත් 2 දා අතවරයට ලක්‌වූ දැරියගේ මව විසින් දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුගෙන් ප්‍රශ්න කිරීම මත මීට පෙරද විවාහ හතරක්‌ සිදු කරගෙන සිටි බවද ඔවුන්ට දාව දරුවන් සිටින බවටද ප්‍රකාශ කර ඇත.

සැකකරු දිවයිනේ ප්‍රදේශ ගණනාවක විවිධ නම් වලින් පෙනී සිටි බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත.සැකකරු චීවරධාරියකු ලෙස ප්‍රදේශයේ සැරිසරා ඇති අතර මධුරංග, ආරියපාල මාස්‌ටර් නාට්‍ය නාමල්, විරිඳු ආරි වශයෙන්ද විවිධ නම් වලින් පෙනී සිටිමින් විවිධ අක්‍රමිකතා සිදු කර ඇති බව පොලිසිය පවසති.

මිහිරි සිරිතිලක පැහැර ගෙන දසවද දෙති - Hiru TV Mega Bite Mihira Sirithilaka

  මා සහ මගේ බිරිඳ තුළ ඇති වුණ මරණ බියට සහ මට ඇති කළ නින්දාවට මෙම රූපවාහිනී කණ්ඩායම වන්දි ගෙවිය යුතුයි.

වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ සුප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා ඉකුත් 01 වැනිදා පැහැරගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක කණ්ඩායමක් ඔහුට දරුණු ලෙස අඩම්තේට්ටම් සිදුකොට මානසික හා ශාරීරික පීඩාවන්ද කරමින් ඒ සියල්ල රූපගත කොට තිබේ. තමන්ට සිදුකළ ශාරීරික හා මානසික පීඩා සම්බන්ධයෙන් මිහිරි සිරිතිලක මහතා විසින් කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙන අතර පොලිසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කොට ඇත.

සිද්ධියට සම්බන්ධ යැයි කියන මෙම කණ්ඩායමට 5 වැනිදා කොච්චිකඩේ පොලිසිය හමුවෙහි පෙනී සිටි ලෙස පොලිසිය නියෝග කර තිබේ. මොවුන් මිහිරි සිරිතිලක මහතාට මේ ආකාරයට හිංසා පමුණුවමින් එම දර්ශන රූපගත කර ඇත්තේ පුද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් විසුරුවා හරිනු ලබන ‘මෙගාබයිට්’නැමැති වැඩ සටහන වෙනුවෙනි.

මිහිර සිරිතිලක මහතා  කතා කරමින් ඔහු මුහුණ දුන් බිහිසුණු සිද්ධිය විස්තර කළේ මේ ආකාරයෙනි.

විෂ මුසු සිසිල් පැන් දී මත්කර කනකර කොල්ලකන කල්ලියක්‌

නුවරඑළි එන්නේ ප්‍රවේශමෙන්
විෂ වර්ග මිශ්‍ර කරන ලද සිසිල් පැන් පානය කිරීමට දී මත්කර සිහි මුර්ජා වීමෙන් අනතුරුව මුදල් හා කනකර සොරකම් කරන සංවිධානාත්මක කොල්ල කණ්‌ඩායමක්‌ නුවරඑළියේ සැරිසරන බවට අනාවරණය වී ඇති නිසා එම කොල්ල කල්ලියෙන් ප්‍රවේශම් වන ලෙස නුවරඑළිය පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණි අය හා සංචාරක පිරිසක්‌ ලෙස හැසිරෙමින් නවාතැන් පහසුකම් අවශ්‍ය බව පවසමින් කාමර හා නිවාස සොයන මුවාවෙන් මෙම කොල්ල කල්ලියේ පිරිස්‌ විවිධ පුද්ගලයන් හමුවී තම අරමුණු ඉටුකර ගැනීම සඳහා සැලසුම් කරන බවත්, එසේ නවාතැන් පහසුකම් සොයා දෙන්නට ඉදිරිපත් වන පුද්ගලයන් සමග කුළුපග වී ඔවුන්ට විවිධ අයුරින් සංග්‍රහ උපකාර කිරීමට ඉදිරිපත් වන බවත් පවසති. අනතුරුව මෙම කොල්ල කල්ලිය ළඟ ඇති මත්පැන් හා සිසිල්බීම වර්ගවලට විෂ මුසු කර ඔවුන්ට පානය කිරීමටදී සිහි මුර්ජා වීමෙන් පසුව කොල්ලකරුවන්ගේම වාහනවලින් හා ත්‍රිරෝද රථවලින් සිහි මූර්ජා වූවන් රැගෙන ගොස්‌ හුදෙකලා පාළු ස්‌ථානවලදී ඔවුන් සතු මුදල් හා රන් ආභරණ සියල්ල ගලවාගෙන පලායන බවද පොලිසිය පවසයි.

මෙවැනි සිදුවීම් කීපයක්‌ සම්බන්ධයෙන් ඉකුත් සතිය තුළ නුවරඑළිය පොලිsසියට වාර්තා වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

23 හැවිරිදි එක් දරු මවගෙන් 15 හැවිරිදි දරුවාට අතවරයක්

අම්බලන්තොට පොලිස් වසමේ දෙහිගහලන්ද ප්‍රදේශයේ 23 හැවිරිදි එක් දරු කාන්තාවක් 15 හැවිරිදි පිරිමි දරුවකු ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට චෝදනා කරමින් දරුවාගේ මිත්තණිය අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.

සැකකාරිය අම්බලන්තොට පොලිසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර දූෂණයට පත් පිරිමි දරුවාගේ රහසඟ තුවාල වී තිබීමෙන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ආරක්ෂක සේවයට සම්බන්ධ ආයතනයක රැකියාව කරන සැකකාරියගේ පුරුෂයා රාත්‍රි සේවා මුරය සඳහා පිටව යෑමෙන් පසු ඔවුන්ගේ නිවෙස අසල නිවෙසක සිටින මෙම පිරිමි දරුවා සැකකාරියගේ තනියට එම නිවෙසේ රැය ගත කිරීම කලක් තිස්සේ සිදු වී තිබේ. පසුගිය 27 වැනිදා රාත්‍රි එසේ රැය ගතකොට උදේ පිරිමි දරුවාගේ නිවෙසට ගියවිටදී දරුවාගේ අපහසුතා රැසක් දුටු දරුවාගේ මිත්තණිය දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී සිදු වූ සියල්ල හෙළි වී ඇත. ඒ අනුව 28 වැනිදා මිත්තණිය දරුවා සමඟ අම්බලන්තොට පොලිසියට ගොස් පැමිණිලි කර තිබේ.

ඉන්දියාව කැළැඹූ සුරූපිනිය Sunny leone

මීට සතියකට පමණ පෙර, ඉන්දියාවේ මුම්බායි නුවරදී 23 හැවිරිදි ඡුායාරූප මාධ්‍යවේදිනියක සමූහ දුෂණයට ලක්විණි. එම අපරාධය කළ සිව්දෙනා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, රෝහල් ගත කළ තරුණියගේ තත්ත්වය යහපත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදා, මුම්බායි නුවරදී සරසවි සිසුවියක ඉතා කුරිරු ආකාරයට සමූහ දුෂණයට ලක්වීමත්, පසුව ඇය මිය යෑමේ සිදුවීමෙනුත් පසු, ඡායාරූප මාධ්‍යවේදිනිය සමූහ දුෂණයට ලක්වීම, යළිත් වරක් ඉන්දියාව කැළැඹීමට සමත් විය. 
 ඉන්දියාවේ මේ අයුරින් ස්තී‍්‍ර දුෂණ ඉහළ යෑම කනගාටුවට කරුණක් බවත් එවැනි දේ සිදුනොවීමට වගබලා ගත යුතු බවත් බොලිවුඞ් සුපිරි නළු අමිතාබ් බච්චන් ඉතා හැඟීම්බරව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවකදී කීවේය. රටේ කාන්තාවන් ආරක්ෂා කිරීමට ඉන්දීය මධ්‍යම රජයට නොහැකි යැයි යළිත් වරක් චෝදනා එල්ල වන්නට විය. ඉකුත් වසරේ සරසවි සිසුවිය සමූහ දුෂණයට ලක් වූ අවස්ථාවේදී, ඉන්දීය සමාජය පිරිහීමට හේතුව ඇතැම් බොලිවුඞ් සිනමා නිර්මාණ යැයි ද චෝදනා නැගෙන්නට විය. 
ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගත් බොලිවුඞ් චිත‍්‍රපටයක් වූයේ ‘ජිසම් 2’ ය. ‘ජිසම් 2’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කළ නිළිය සනී ලියොන්ට ද දොස් අහන්න සිදුවිය. සනී ලියොන් ඉන්දියාවට ගෙන්වා ගැනීම අනුවණ කි‍්‍රයාවකැයි ඇතැම්හු චෝදනා කරන්න වූහ. ඉන්දීය සම්භවයක් සහිත සනී ලියොන් යනු කැනේඩියානු ජාතික ‘නිල් චිත‍්‍රපට’ නිළියකි. අද ඇය බොලිවුඞ් නිළියක ලෙස ප‍්‍රසිද්ධියට පත් වී සිටියත් ඇය ලොව කාගේත් අවධානය දිනා ගත්තේ නිල් චිත‍්‍රපට සුරූපිනියක ලෙසිනි. 

Gossip Lanka Hot News Previous News Archive