පිරිමින් වඳ කරන ශක්‌ති ජනක පාන

ඉස්‌සර පවුලක දරුවෝ හතර පස්‌ දෙනෙක්‌ ඉන්න එක සාමාන්‍ය දෙයක්‌. දරුවො දහ දොළොස්‌ දෙනෙක්‌ හිටියොත් තමයි ලොකු පවුලක්‌ කියලා කියන්නෙ. ඒත් දැන් පවුලක දරුවො හතර පස්‌ දෙනෙක්‌ හිටියොත් ඒක ලොකු පවුලක්‌ වෙනවා. පුංචි පුවල රත්තරන් කියලා කියපු නිසා දැන් පවුලක දරුවෝ දෙන්නෙකුට වැඩියෙන් හදන්න දෙමාපියන් උනන්දු වන්නේ නැහැ.

මේ තත්ත්වය දැන් තවත් අඩුවේගෙන යන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතුවෙලා තියෙන්නෙ පුංචි පවුල රත්තරන් කියලා හිතන නිසා නොවෙයි. තමුන්ගේ රූපේ වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩි වටිනාකමක්‌ ඇතිකරගන්න කියලා හිතාගෙන කරන කටයුතු නිසයි. ඇත්තටම තමුන්ගේ රූපේ වටිනාකම කාටවත් මිල කරන්න බැහැ. කාගෙවත් රූපයකට සම කරන්නත් බැහැ. 

ඒත් වර්තමානයේ තියෙන ජනප්‍රිය රැල්ල නිසා දැන් ඔක්‌කොම කනපිට හැරෙන්න පටන් අරගෙන තියෙන්නේ. සිරුරේ නිරෝගී කමට වඩා පිට පොත්ත ගැන හිතන්න ගිහින් අද ගොඩක්‌ තරුණ තරුණියන් තමන්ගේ නිරෝගීකම නැතිකරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ වනවිට බොහෝ තරුණ තරුණියන් නොදැනීම ඔවුන්ගේ ප්‍රජනන ශක්‌තිය දුර්වලවීමට පටන්ගෙන තිබෙනවා. තවත් සරල කරලා කිව්වොත් වඳ භාවයට පත්වෙලා. ඒකෙ ප්‍රතිපලය වෙන්නේ විවාහ වූ විට ඔවුනට දරුඵල අහිමි වෙන එකයි.

ඉගිල්ලෙන්න දැඟලූ අමීෂා රට අර්ජුන මෙරට

අර්ජුන කමලනාත් එක්ක ඉගිල්ලෙන්න දැඟලූ අමීෂා කාවින්දි රටෙනුත් ඉගිලිලා ගිහින්. "දැන් අර්ජුනයි අමීෂයි තරහවෙලාලු". "අර්ජුන අලුත් නිළියක් එක්ක යාළුවෙලාලු. ඒ නිසා අමීෂා අර්ජුනව දාල රට ගිහිල්ලලු..." යන එන තැන එකටම දකින්න ලැබුණ අර්ජුන අමීෂා යුවළ ප්‍රේමවන්තයො කියන කතාව හංගන්න දෙයක් නෑනේ... ඒත් ක්‍ෂේත්‍රයේ උදවිය කියන විදියට දැන් "පැණිවරකා ගහට හෙණ වැදිලාලු..." රට්ටු කියන කතා මොනවා වුණත් ඒ ගැන අර්ජුන කියන්නේ මෙහෙම කතාවක්.

"මේ කාලේ අපිට හරිම අපලයි... දෙන්නගේ ග්‍රහ චාරේ හොඳ නැති නිසා ටිකක් අෑත්වෙලා හිටියොත් හොඳයි කියලා ජේ‍යාතිෂවේදියො කිව්වා. මගේ චිත්‍රපටයට වෙච්ච අසාධාරණේ නිසාත් ක්‍ෂේත්‍රය ගැනයි, රඟපෑම ගැනයි අමීෂා කලකිරිලා හිටියේ. ඒ අතර තමයි අක්කත් එයාගේ පුංචි දරුවො දෙන්නයි අරගෙන කටාර් යන්න එයාට සිද්ධ වුණේ. මොකද අක්කගෙ මහත්තයා ඉන්නෙ එහෙනේ... අපල කාලේ ගෙවෙනකන් අමීෂා ගත්ත තීරණය හොඳයි කියලා මටත් හිතුණා..."

අර්ජුන කියන විදියට නම් මේක දෙන්නා කතා කරලා ගත්ත සාමූහික තීරණයක්.
"ආදරය කරද්දි කේන්දරේ බැලුවෙ නැතිවුණාට විවාහ වෙනකොට බලනවානේ..."

Fast & Furious 7 චිත්‍රපටයට Deepika Padukone

සුප්‍රකට සරාගී ඉන්දීය නිළි දීපිකා පදුකෝන් වෙත ලොව සුපතල ක්‍රියාදාම චිත්‍ර පටයක් වන 'The Fast and The Furious' හි 7 වන පරිච්ජේදය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවී තිබේ.

 මේ දිනවල එයට අදාල ගිවිසුම් සම්බන්දයෙන් සාකච්ඡ සිදුවන අතර නුදුරු දිනයකදී එය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

මේ දිනවල දීපිකා ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයක තිරගතකිරීම් සඳහා ඩුබායි බලගොස් සිටියි. මේවන විට "The Fast and The Furious" හි පරිච්ජේදය ගණනාවක් ඇමරිකාව, එංගලන්තය, රුසියාව, ඉතාලිය, මෙක්සිකෝව, ජපානය ආදී විවිද සංස්කෘතීන් සහිත රටවල් තුල පටි ගතකොට ඇත. නැවතත් ජපානය තුල 'The Fast and The Furious' හි 7 අදියර පටිගත කිරීමට නියමිත අතර දීපිකා පදුකෝන් එහිදී ටොරෙටෝගේ කණ්ඩායම් සමග එකතුවන ඇතැයි අපේක්ෂිතය.

ළමයා ගන්න නම්; කාමරයකට යමුයි කීවා - කොට්ටාවේ ලිංගික අල්ලස් සිද්ධිය

විදුහල්පතිගෙන් බේරුණු මව කොමිසමට සියල්ල හෙළි කරයි
සිය දරුවා 2014 වර්ෂයේ පාසලට ඇතුළත් කැර ගැනීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (06) නියම කෙළේය.

මෙසේ බන්ධනාගාර ගතකරනු ලැබුවේ කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ මහනාම ගම්ගීගන ගමගේ ධර්මදාස නමැත්තාය. කොට්ටාව, පන්නිපිටිය පදිංචි මවක අල්ලස් කොමිසම වෙත ඉකුත් (05) වන දින කරනු ලබන පැමිණිල්ලකට අනුව කොමිසම මගින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ.

2014 වසර පළමු ශ්‍රේණිය සඳහා සිය දරුවා සම්බන්ධයෙන් අයැදුම් පත්‍රයක් කොට්ටාව ආනන්ද විද්‍යාලයට යොමු කළ බව පවසන පැමිණිලිකාරිය එහිදී සිය දරුවා තෝරාගත් බව සඳහන් කැර ලිපියක් නොලැබුණු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිවරයා හමු වී විමසූ බවට පැමිණිල්ලේ සඳහන් වේ.

ගොඩක් බලාපොරොත්තු ඉටුකරගන්න තියෙනවා - නදිනි

සිරස “සුපර් ස්ටාර්” තරගාවලියෙන් ගායන ක්ෂේත්‍රයට පැමිණි නදිනි ප්‍රේමදාස මේ වන විට සිංහල සංගීත ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සිටින්නීය. එසේම නිවේදිකාවක ලෙස ඇය තම දස්කම් ප්‍රදර්ශනය කරන්නීය. පසුගියදා නිමාවට පත්වුණු රණවිරු රියල් ස්ටාර් Mission - III ගායනා තරගාවලියේ නිවේදිකාවක ලෙස කටයුතු කිරීමට ද නදිනිට අවස්ථාව උදාවිය. නදිනි ප්‍රේමදාස අප‍ගේ කලා කෙතට පායා එන තරුවක් ලෙස හැඳින්වීම නිවැරැදිය.

කොහොම ද ඔබ මේ දවස්වල කාර්යබහුල ද?

පසුගිය දවස්වල නම් ‘රණවිරු රියල් ස්ටාර්’ තරගය නිසා මම බොහොම කාර්යබහුල වුණා. මේ දිනවල නම් එතරම් කාර්ය බහුලත්වයක් නෑ. මේ දවස්වල ප්‍රසංග වේදිකාවල ගීත ගායනයට එක්වෙනවා.

මේ වන විට ඔබේම ගීත කීයක් විතර තිබෙනවා ද?

ගීත 20 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. එම ගීත අතරින් ගීත 10 කට පමණ රූප රචනා කරල තියෙනවා.

සුපර් ස්ටාර් තරගාවලියෙන් පසුව ඔබ සංගීත ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරත්වයක්. අනන්‍යතාවයක් ගොඩනඟා ගත්තා කියල හිතනව ද?

ශාන්තිකර්මය වැරදී යකැදුරා වලේ මැරේ

භූමි දොaෂ ඉවත් කරන බව පවසමින් වළවල් කපා එයට බැස, ලෑලි ආවරණ යොදා ඒ මත පස්‌ පුරවා ශාන්තිකර්ම කරන අයකු 74 වැනි වතාවටත් එවැනි ශාන්තිකර්මයක්‌ පිළියන්දල පැලැන්වත්තේ ගුරුවරයකුගේ නිවසක කරමින් සිටියදී ඊයේ (05 වැනිදා) අලුයම මියගොස්‌ තිබේ.

මෙලෙස මියගිය පුද්ගලයා ඉංගී්‍රසි ගුරුවරයකු මෙන්ම මනෝවිද්‍යා උපදේශකවරයකු ලෙසද කටයුතු කර තිබේ.මීට පෙර දිනක මේ ශාන්තිකර්මය සිදුකිරීමට නියමිතව තිබී ඇතත් එය එදින සිදු කළේ නම් එම නිවැසියකු හෝ ශාන්තිකර්මය කරන පුද්ගලයා හෝ මියයැමට තිබූ බව හෙතෙම නිවැසියන්ට පවසා තිබේ.මෙලෙස මියගොස්‌ ඇත්තේ කිරිවත්තුඩුව පදිංචිව සිටි ගමගේ මැක්‌ෂිම් කස්‌ත්‍රොa (32) නමැති දෙදරු පියෙකි.
පැලැන්වත්තේ පදිංචි ගුරුවරයකුගේ නිවසේ ශාන්තිකර්මයක්‌ කිරීමට ගිය මේ පුද්ගලයා එම නිවස පිහිටි භූමියේ අඩි හයක්‌ දිග අඩි හතරක්‌ පළල වළක්‌ කපා තිබේ.ඔහු එම වළට බැසීමෙන් පසු ලෑල්ලක්‌ තබා වසා ඒ මත පස්‌ දමා ගිනි තබන ලෙසත් නිවැසියන්ට පවසා ඇත.පැය දෙකහමාරකට පසු පස්‌ ලෑලි අතරින් කඩුවක තුඩක්‌ පැමිණි පසු වළ වසා ඇති ලෑලි හා පස්‌ ඉවත් කරන ලෙසත්, එමගින් සියලු දොaෂ දුරුවන බවත් මේ යකැදුරා නිවැසියන්ට කියා තිබේ.

මිහිරට දස වද දුන් ‘හිරු මෙගාබයිට්’ කණ්ඩායමේ තිදෙනක් රිමාන්ඞ්

ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිර සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක සේවය කරන බව කියන සැකකරුවන් තිදෙනෙක් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන පී. අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

බන්ධනාගාරගත කෙරුණේ ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු වන සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , ‍මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්‍රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනාය.

අගතියට පත් පාර්ශවය සහ පැමිණිලිකරු වූයේ ප්‍රකට නළු ගම්ලත් රාළලාගේ සම්පත් මිහිර සිරිතිලක මහතා ය. ඉකුත් 01 වැනිදා ඔහු ඇතුළු කිහිප දෙනෙක් ගීතයක් සඳහා දර්ශන පෙළක් රූපගත කිරීමෙන් පසු ඔවුන්ට අයත් වෑන් රියෙන් කොච්චිකඩය ප්‍රදේශයේ සිට එද්දී මගදී ජීප් රියකින් පැමිණි කණ්ඩායමක් විසින් මිහිර සිරිතිලක මහතා පැහැර ගැනීමකට ලක්කර ඇත.

දයාසිරිට ‘හමර්’ රිය දුන් කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදහන්

කුරුනෑගල කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක මහතා අතුරුදහන් වීම තම කීර්තිනාමයට හා ප‍්‍රතිරූපයට හානිකිරීමේ අරමුණින් මනාප පොරයක පැටලී සිටින පිරිසේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපලයක් බව හැඟී යන්නේ යයි කුරුණෑගල දිස්ත‍්‍රික් සන්ධාන අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි. මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
 තමන්ගේ හිතවතා,මිතුරා, ආධාරකරුවා ලෙසින් දිර්ඝ කාලයක් කටයුතු කළ කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක මහතා 2013/09/04 දින රාත‍්‍රී සිට අතුරුදහන් වීම පිළිබදව දැනගත් මොහොතේ නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතිගරු ජනාධිපතිතුමාට සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දුරකතනයෙන් ඒ පිළිබදව දැන්ම් දී ඇත.
තමාගේ හිතවතා, ආධාරකරුවාගේ ජීවිතයට යම් අනතුරක් වීමට පෙර කඩිනමින් සොයා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා ආරක්‍ෂක ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කර ඇත.ඒ අනුව ආරක්‍ෂක ලේකම්තුමාගේ උපදෙස් මත විශේෂ ආරක්‍ෂක කණ්ඩායම් දෙකක් මේ වනවිටත් විමර්ශන කටයුතු අරඹා ඇතැයි ආරක්‍ෂක ලේකම්තුමා දැනුම් දුන් බව නීතිඥ දයාසිරි ජයසේකර මහතා දන්වා සිටී.සරත් රත්නායක මහතාගේ බිරිදට හා පවුලේ ඥාතීන්ට ඒ පිළිබද දැනුම් දී ඇත.

Gossip Lanka Hot News Previous News Archive