ඇය පසුගිය කාලයේ දී රූපවාහිනි නිර්මාණවලට එතරම් දායක වුණේ නැහැ. එහෙත් වසරක විතර විරාමයකට පසුව නැවතත් ටෙලි නිර්මාණයක රංගනයට එක්වුණා. ඇය විවාහවී පස්වැනි වසර සැමරුවේ මෙම සැප්තැම්බරයේදීයි. එකී කාලයේදී ඇය ජීවිතය ගෙවූ විදිය සහ නැවත ටෙලිනාට්‍ය රංගනයට ආ විස්තර කතාබහ කරන්නට පැමිණි අයුරුයි මේ.
මංජුලා සෑහෙන කාලයකට පසුව නේද?
සැහෙන කාලයක්මත් නෙවෙයි. පසුගිය ජූලි මාසයේ රඟපෑවට පස්සෙ තමයි මේ අවරුද්දෙ නැවත රඟපෑමට එක්වුණේ.
මොනවද පසුගිය කාලයේ කළේ?
විවාහයෙන් පසුව කොහොමටත් මගේ පුද්ගලික ජීවිතයට මුල්තැන දෙන්න ඕනෑ වුණා. ඒ වගේම එක දිගට රඟනොපා, විවේකයෙන් ඉන්න ඕනෑ වුණා. පසුගිය කාලයේදී රටවල් කීපයකම සංචාරය කළා. ඒ විදියට තමයි කාලය ගෙවී ගියේ.







