ශී‍්‍ර ලංකාවේ පිරිමින්ගෙන් හතෙන් එකක් ස්ත‍්‍රී දූෂකයන්

ශ‍්‍රී ලංකාවේ පිරිමින්ගෙන් සියයට 14යි දශම 5ක් හෙවත් ආසන්න වශයෙන් හතෙන් එකක් කිසියම් ස්ත‍්‍රී දූෂණයකට සම්බන්ධ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙනවා. 

එම වාර්තාව උපුටා දක්වමින් බී.බී.සී. ලෝක සේවය පවසන්නේ පැපුවානිව්ගිනියාවේ පිරිමින්ගෙන් සියයට 62ක් හෙවත් දහයෙන් හයක් පමණ කිසියම් ස්ත‍්‍රී දූෂණයකට සම්බන්ධ වී තිබෙන බවයි. ආසියානු රටවල් සියල්ල සැලකීමේදී පිරිමි ජනගහණයෙන් සියයට 23ක් හෙවත් ආසන්න වශයෙන් හතරෙන් එකක් කිසියම් ස්ත‍්‍රී දූෂණයකට සම්බන්ධ වී ඇතැයිද එහි දක්වා තිබෙනවා. 

තවද එම සමීක්ෂණයේදී තමන් ස්ත‍්‍රී දූෂණයක් සිදුකළ බව පිළිගෙන ඇති පිරිමින් වැඩිදෙනෙකු ප‍්‍රකාශ කර තිබෙන්නේ කාන්තාවකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔවුන් සමග ලිංගිකව එක්වීමට තමන්ට අයිතියක් තිබෙන බවයි. විනෝදය සඳහා ස්ත‍්‍රී දූෂණයන් සිදුකළ බවද බොහෝදෙනා ප‍්‍රකාශ කර තිබෙනවා.

වෙරළේ ඇවිදිමින් සිටි විදුහල්පතිනියගේ පස්ස මිරිකලා

ගල්කිස්ස ප්‍රදේශයේ උසස් පිරිමි විද්‍යාලයක ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියගේ පස්චාත්භාගය මිරිකා ඇයට ලිංගික අතවරයක් කළ බවට ගුරුවරයකුට විරුද්ධව ගල්කිස්ස අධිකරණයේ පවරා තිබූ නඩුවේ වැඩිදුර විභාගය ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංග විමලසේන මහතා විසින් ලබන ජනවාරි 06 දිනට කල්තබනු ලැබීය.

හිටපු චීවරධාරියකු වන දැනට ගුරුවරයකු ලෙස කටයුතු කරන සැකකරුවකුට එරෙහිව ගල්කිස්ස පොලිසිය මෙම නඩුව ගොනුකර තිබිණි.පැමිණිලිකාර විදුහල්පතිනිය ව්‍යායාම කිරීම සදහා කොට කලිසමකින් සැරැසී ගල්කිස්ස වෙරළේ ඇවිද යන අවස්ථාවේ මුහුදේ නාමින් සිටි මෙම හිටපු චීවරධාරියා ඇය පසුපස ගොස් ඇයට අයුතු යෝජනාවක් කරමින් ඇගේ පසුපස මිරිකා ඇත.මේ සම්බන්ධයෙන් ඇය විසින් ගල්කිස්ස පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම හිටපු චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරීමෙන් අනතුරුව මෙම නඩුව පවරා තිබිණි.

නඩුව පසුගිය 06වනදා ගල්කිස්ස අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ පැමිණිලිකාර විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රන්ජිත් දහනායක මහතා කරුණු දක්වමින් මෙම සිද්ධිය කෙටියෙන් සමථයකට පත්කර ගැනීමට පැමිණිල්ල කැමැත්ත ප්‍රකාශ කර සිටින බව පැවැසීය.මෙම අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තරංග ද සිල්වා මහතා පවසා සිටියේ විත්තිකරු රජයේ ගුරුවෘත්තියේ යෙදී සිටින බැවින් වරද පිළිගැනීමෙන් ඔහුට අගතියක් විය හැකි බවයි.

මිහිරගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා හිරු ටී.වී. ‘මෙගාබයිට්’ නවතා දමයි

සුප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා ඉකුත් 01 වැනිදා පැහැරගෙන ගොස් ඔහුට දරුණු ලෙස අඩම්තේට්ටම් සිදුකොට මානසික හා ශාරීරික පීඩාවන්ද කරමින් ඒ සියල්ල රූපගත කොට සිදුකළ ශාරීරික හා මානසික පීඩාව සම්බන්ධයෙන් හිරු ටීවී ආයතනය මිහිර සිරිතිලකගෙන් ප‍්‍රසිද්දියේ සමාව ඉල්ලා සිටී.

ඊයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශණයේදී එම ආයතනය පවසා සිටියේ එමෙන්ම ‘මෙගාබයිට්’ වැඩසටහ නවතා දමන බව සහ රූගත කල එම දර්ශන අධිකරණය බාරයේ තබා ඇති බවත්ය.

හිරු නාලිකාවේ ඉදිරිපත් කල සමාව ඉල්ලීමේ නිවේදනය මෙසේය.

“නිවේදක සුනෝජ් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් මිහිර සිරිතිලක නම් වූ කලා කරුවාට සිදුවූ අපහසුතාවය පිළිබඳව පලමුව අපගේ බලවත් කනගාටුව මෙසේ ප්‍රකාශ කරන්නෙමු.

එමෙන්ම ආයතනයේ අනුදැනුමකින් තොරව සිදුවූ මෙම පටිගත කිරීම කිසි විටෙක ‘මෙගා බයිට්’වැඩසටහන හරහා ප්‍රචාරය නොකිරීමට කටයුතු කල අතර වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඉදිරියේදී හෝ ප්‍රචාරය නොකරන බවත්, අදාල පටිගත කිරීමේ මුල් පිටපත් අධිකරණය බාරදීමටත් කටයුතු කර ඇත.

කොට්ටාව විදුහල්පතිට හිරේදි 'රැග්' කරලා

දරුවෙකු 2014 වසරේ දී පාසලට ඇතුළත් කර ගැනීම සඳහා මවගෙන් ලිංගික අල්ලසක් ගැනීමේ චෝදනාව මත දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 'සී' වාට්ටුවෙහි රඳවා සිටින කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පෙරේදා (08) රාත්‍රියේ දී එහි රැඳවියන් පිරිසක් විසින් ශාරීරික වද හිංසා පමුණුවා ඇත.

එම පුද්ගලයාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයට මිරිස් කුඩු දමා වධ හිංසා පමුණුවමින්, මින් ඉදිරියට මෙවැනි අශීලාචාර ක්‍රියාවන්හි නිරත නොවන ලෙසත් එවැන්නක් සිදුවුවහොත් ලබා ‍දෙන දඬුවම මීට වඩා දරුණු විය හැකි බවත් එම රැඳිවියන් විදුහල්පතිට පවසා තිබේ.

විදුහල්පතිවරයාට වද හිංසා පමුණුවා ගුටි බැට දීමෙන් අනතුරුව ඔහුව එම බන්ධනාගාරයේ වැසිකිලි සේදීම සඳහා යොදවීමට රැඳිවියන් කටයුතු කර තිබුණි. මේ විදුහල්පතිවරයා තමන්ට රැඳිවියන්ගෙන් පෙරේදා රාත්‍රියේ හිරිහැර විඳින්නට සිදු වූ බවට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා හමුවේ ඊයේ (09) ප්‍රකාශයක් කර තිබුණි.

iPhone, Android and BlackBerry පද්ධතිවලට ඇමරිකානු ඔත්තු සේවා ඇතුල්වේ

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියට ඉතාමත් ආරක්ෂිත බව පැවසෙන අයි ෆෝන්, ඇන්ඩ්‍රොයිඞ් සහ බ්ලැක්බෙරි පද්ධතින් තුළටත් ඇතුළු වී දත්ත ලබාගත හැකි බව නව වාර්තාවකින් හෙළි වී තිබේ. අභ්‍යන්තර චරපුරුෂ ලියකියවිලි විමසමින් ද ස්පීගල් පුවත්පත අනාවරණය කර ඇත්තේ ඇමරිකානු චරපුරුෂයන් සියලූම ප‍්‍රධාන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතීන් තුළට ඇතූල් වෙමින් සබඳකම් නාමාවලිය, කෙටි පණිවුඩ, සටහන් සහ භාවිතා කරන පුද්ගලයා රැඳී සිටි සහ සිටින ස්ථානයන් පිළිබඳව තොරතුරු රැස් කරන බවයි. 
 සැම මෙහෙයුම් පද්ධතියක්ම සඳහා ක‍්‍රියාකාරී කණ්ඩායමක් ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ගොඩනගා ඇති අතර චරපුරුෂ කටයුතු සිදුකර ඇත්තේ එය මාර්ගයෙනි. 
 අයිෆෝන් පාරිභෝගික දත්ත අත්පත් කරගැනීමේ කිසිදු දුෂ්කරතාවයක් නොවූ බව වාර්තාව සනාථ කරන අතර ඇතැම් අවස්ථාවලදී දුරකථන මෙහෙයවන ප‍්‍රධාන පරිඝනකය වෙත ඇතුළු වී ස්ක‍්‍රිප්ට්ස් නම් ක්‍ෂුද්‍ර වැඩසටහනක් දියත් කරමින් තවත් අයිෆෝන් පහසුකම් 38ක පමණ තොරතුරු රැස් කර ඇති බව පැවසේ. තම පණිවුඩ හුවමාරුව අතිශය ආරක්ෂිත බව පවසන කැනඩාවේ බ්ලැක්බෙරි සමාගමේ මෙහෙයුම් පද්ධතිය වෙතද ඇමරිකානු චරපුරුෂයන් ඇතුළු වී ඇති අතර සමාගම විසින් දත්ත සකසන ආකාරය වෙනස් කිරීමකට බඳුන් කළ 2009 වසරේදී පමණක් ඔවුන් වෙත යම් දුෂ්කරතාවයක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකාවේ බාල වයස්කාර විවාහ ඉහලට

ශ්‍රී ලංකාවේ බාල වයස්කාර විවාහ ඉහල නඟිමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව් වී ඇත.
 බාල වයසින් පාසල් හැර යන ළමුන් සංඛ්‍යාව හා ළමා විවාහ අතර ඍජු සබඳතාවක් ඇති බව පෙනී යන්නේ යැයි සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. හැත්තෑ එක් දෙනකු සම්බන්ධ කර ගනිමින් කළ අධ්‍යයනයේ දී එයින් සියයට තිහක් වයස දහ අටට පෙර ගැබ් ගෙන තිබූ බවද යුනිසෙෆ් පර්යේෂණ වාර්තාව සඳහන් කරයි. මඩකලපු ප්‍රදේශයේ දී සංදේශයට හමු වූ තරුණ මවක් ප්‍රකාශ කළේ ඇය වයස පහළොවේ දී විවාහ වූ බවයි. ''මට අවුරුදු පහළොවේ දී, දහඅටේ කෙනෙක් එක්ක පැනල ගිහින් වාකරේ ජීවත් වුනා. 
අපේ තාත්තා අපට ගෙදර එන්න කිව්වා. අම්ම සවුදි ගිහින් පස්සේ වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා.'' 2005දී විවාහ වන විට තමන්ගේ වයස අවුරුදු දා හතරක් බව තවත් මවක් පැවසුවේය. 

‘‘මම තාමත් පෙම්වතියක්” මංජුලා

ඇය පසුගිය කාලයේ දී රූපවාහිනි නිර්මාණවලට එතරම් දායක වුණේ නැහැ. එහෙත් වසරක විතර විරාමයකට පසුව නැවතත් ටෙලි නිර්මාණයක රංගනයට එක්වුණා. ඇය විවාහවී පස්වැනි වසර සැමරුවේ මෙම සැප්තැම්බරයේදීයි. එකී කාලයේදී ඇය ජීවිතය ගෙවූ විදිය සහ නැවත ටෙලිනාට්‍ය රංගනයට ආ විස්තර කතාබහ කරන්නට පැමිණි අයුරුයි මේ.

මංජුලා සෑහෙන කාලයකට පසුව නේද?
සැහෙන කාලයක්මත් නෙවෙයි. පසුගිය ජූලි මාසයේ රඟපෑවට පස්සෙ තමයි මේ අවරුද්දෙ නැවත රඟපෑමට එක්වුණේ.

මොනවද පසුගිය කාලයේ කළේ?
විවාහයෙන් පසුව කොහොමටත් මගේ පුද්ගලික ජීවිතයට මුල්තැන දෙන්න ඕනෑ වුණා. ඒ වගේම එක දිගට රඟනොපා, විවේකයෙන් ඉන්න ඕනෑ වුණා. පසුගිය කාලයේදී රටවල් කීපයකම සංචාරය කළා. ඒ විදියට තමයි කාලය ගෙවී ගියේ.

මම හොඳ කෙනෙක් ලැබෙනකම් ඉන්නවා - පූජා උමාශංකර්

පූජා උමාශංකර් ලංකාවට දැන් අමුත්තෙක් නොවෙයි. ඒ තරමටම ලංකාවේ රසික රසිකාවියන් පිරිසක් ඇය වටා රොක්වෙලා සිටිනවා. ඇය මේ දවස්වල ලංකාවට ඇවිත්. ඇගේ තොරතුරු අපි සොයා බැලුවා.

පූජාගේ අලුත් චිත්‍රපටයක් එනවා කියලා ආරංචියි?
ඔව්. ‘විඩියුම් මූන්’ කියන චිත්‍රපටය තමයි ප්‍රදර්ශනය වෙන්න තියෙන්නේ. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ බාලාජි කේ. කුමාර් කියන අධ්‍යක්ෂවරයායි. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන දවසක් නම් තාම නැහැ. කොහොම වුණත් තව සතියක් ඇතුළත චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරයි.

ලංකාවේ චිත්‍රපටයකට පූජාට ආරාධනා ලැබිලා නැද්ද?
මගේ හිතට දැනෙන, මොළයට දැනෙන, ප්‍රේක්ෂකයන්ට දැනෙන්න දෙයක් කරන්න පුළුවන් චිත්‍රපටයක් මේ වෙනකන්ම මට ආරාධනා ලැබිලා නැහැ.

Gossip Lanka Hot News Previous News Archive