සැප්තැම්බර් 17 වැනිදා කතරගම දෙවියන් දෘශ්‍යමාන වන බවට ජේයාතිෂවේදී මංජුල පීරිස් මහතා පළ කළ අනාවැකිය හේතුවෙන් ඊයේ (17දා) අලුයම බැතිමත්හු ලක්ෂ ගණනක් දෙනාගෙන් කතරගම පූජා භූමිය පිරී ගියහ. පෙරේදා (16දා) මධ්‍යම රාත්‍රියේ සිට කණ්ඩායම් ලෙස සෑදුණු බැතිමතුන් විශාල ලෙස කතරගමට ඇදී එනු දක්නට ලැබිණි. 17දා අලුයම වන විට එසේ ඇදී ආ ජනතාවගෙන් කතරගම දේවාල භූමිය, කිරිවෙහෙර මාවත, අභිනවාරාමය ඉදිරිපිට ඇතුළු පූජා භූමියට අයත් සියලු තැන් අතුරු සිදුරු නැතිව පිරී තිබිණි.
සාමාන්‍යයෙන් සතියේ දිනක තබා සති අන්තයේවත් මෙවන් ජනතාවක් කතරගම පූජා භූමියට නොපැමිණෙන බව කතරගම දේවාලයේ ඉහළ බලධාරියෙක් පැවැසීය. මෙවන් විශාල ජනතාවක් කතරගමට ඇදී අවේ මංජුල පීරිස් මහතා පළකළ අනාවැකිය නිසා බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.දරුවන් අතැතිව, පූජා වට්ටි ඔසවාගෙන කතරගම පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් විශාල වශයෙන් අපහසුතාවට පත්ව සිටින ආකාරයද දක්නට ලැබිණි.
මංජුල පීරිස් මහතා පළ කළ අනාවැකිය හේතුවෙන් කතරගම මෙවන් තත්ත්වයක් ඇතිවිය හැකි බවට ලැබුණු පූර්ව ආරංචි මත කතරගමට පැමිණ පැය ගණනාවක් කිසිදු තැනකට යෑමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව සිටින බැතිමතුන් කතරගම දෙවියන් දෘශමාන වනසේ බලා සිටින අයුරු දක්නට ලැබිණි.






.jpg)