ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය දකුණේ තුන්වැනි බලවේගයවේ

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභාවට සභිකයන් තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ පැවති ඡන්ද ප‍්‍රථිපල අනුව මෙතෙක් තුන්වෙනි බලවේගය ලෙස පැවති ජනතා විමුක්ති දැවැන්ත පරාජයකට ලක්ව තිබේ.
 සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු 'ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය' මෙම මැතිවණයේදී බොහෝ ආසනවල 5% ආසන්න ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තා කර ගනිමින් මන්ත්‍රී ධුර 05 ක් ද හිමිකරගෙන ඇත.ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ, එක මන්ත්‍රී ධුරයක් පමණි. ෆොන්සේකාගේ පක්ෂය මධ්‍යම පළාතෙන් ඡන්ද 45,239 ක් ලබාගෙන ආසන දෙකක් හිමිකරගෙන සිටී. ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ ඡන්ද 13,887කි.  වයඹ පළාතෙන් 46,114ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනකට හිමිකම් කියයි. ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19,624කි. 

මට කල අපහාසවලට පිළිතුරු ලැබුනා වැඩිම මනාපලාභියා දයාසිරි ජයසේකර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කෙනෙහිලි කිරීම් අභිබවමින් දයාසිරි ජයසේකර මහතා ඊයේ පැවති පළාත් සභා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වැඩිම මනාපලාභියා බවට පත්ව තිබේ. 
 ඔහු ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව තුන්ලක්‍ෂ තිස්හයදාස් තුන්සිය විසිඅටකි (3,36,328) කි. 
 ඔහුට තරඟයක් දුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා ලබාගෙන ඇත්තේ, මනාප 1,34,493කි. ජනාධිපතිවරයාත්, ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ජොහාන් ප්‍රනාන්දු මහතාට මෙම මැතිවරණ ව්‍යාපාරය තුල සුවිශේෂී අනුග්‍රහයක් දක්වා තිබියදී පවා, දයාසිරි මහතා ලබාගත් ඇති විශාල මනාප සංඛ්‍යාව කැපිපෙනෙන දේශපාලන කඩඉමක් බව දේශපාලන විචාරකයින් පවසති.
 ජනාධිපතිවරයා බොහෝ පොරොන්දුදී, දේශපාලන තරුවක් වූ දයාසිරි ජයසේකර මහතා එජාපයෙන් කඩා ගෙන පළාත්සභා සටනට අතහැර දැමුවද, මැතිවරණ ව්‍යාපාරයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාට වාසිසහගත ලෙස කටයුතු කිරීම කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප ජේෂ්ඨ ආසන සංවිධායකයින්ගේ කනස්සල්ලට හේතුවී තිබිණ. 

ලොතරැයි ඉතිහාසයේ ලොකුම තෑගි මුදල දිනාගනී - Super Ball

මෙරට ලොතරැයි ඉතිහාසයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිරිනමන ලද ඉහළම ත්‍යාග මුදල වන රුපියල් පන්කෝටි විසිපන්ලක්ෂ හතළිස් එක්දහස් හත්සිය හතළිහක (රු 52541740.00) සුපිරි ජයමල්ල දිනාගෙන ඇතැයි මණ්ඩලය පවසයි.

 දිනුම් අදිනු ලැබූ 98 වන වාරයේ සුපර්බෝල් ලොතරැයියේ ජයග‍්‍රාහී අංක 4 සහ ඉංග‍්‍රීසි අක්ෂරය නිවැරදිව තිබීම නිසා එම සුපිරි ජයමල්ලේ ජයග‍්‍රාහකයා බිහිවී ඇත. 

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නයිනමඩම අලෙවි නියෝජිත ආර්. එම්. ආර්. එස්. රාජපක්ෂ මහතා විසින් අලෙවි කරන ලද ලොතරැයි පතකට එම සුපිරි ජයමල්ල හිමිවී තිබේ.

පළමු සමලිංගික ජනාධිපතිවරිය ඇමරිකාවේන්

2016 වසරේදී ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වුවහොත් පළමු සමලිංගික ජනාධිපතිවරිය ලෙසද වාර්තාවක් තැබීමට හිලරි ක්ලින්ටන්ට හැකිවනු ඇතැයි ඇමරිකානු පවුල් සංගමයේ බ‍්‍රයන් ෆිෂර් පවසයි. සමලිංගික විරෝධියකු ලෙස නම් දරා සිටින බ‍්‍රයන් දක්වා ඇත්තේ හිලරි ද්වි ලිංගික යයි බිල් තමන්ට පැවසූ බව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ අනියම් පෙම්වතිය වූ ජෙනිෆර් ෆ්ලවර්ස් ඬේලි මේල් පුවත්පතේ ලෝරා කොලින්ස්හට පැවසූ බවයි. 
 නිව්යෝක් නගරාධිපති ධුරයට තරග වැද පරාජය වූ ඇන්තනි වෙයිනර්ගේ බිරිඳ වන හියුමා ඇබෙඩින් සමග හිලරිගේ සම්බන්ධයක් ඇති බව ජෙනිෆර් ෆ්ලවර්ස් විසින් හෙළි කර ඇතැයි පැවසූ බ‍්‍රයන් ෆිෂර් පවසන්නේ හිලරි ක්ලින්ටන්ට පළමු ජනාධිපතිවරිය මෙන්ම සමලිංගික රාජ්‍ය නායිකාව වීමේ අවස්ථාවද උදාවනු ඇති බවයි. 
 පිරිමි සහ කාන්තා සමලිංගික, ද්විලිංගික සහ අන්තර් ලිංගික කටයුතු වලට එරෙහි විය යුතු යයි ඇමරිකානු ජනාධිපතිවරයාට බලකර සිට ඇති බ‍්‍රයන් මේ වසර මුලදී ඔබාමාගේ පළමු කථාව මගින් සමලිංගික අයිතීන් පිළිගැනීමෙන් අනතුරුව ඔහු දැඩි ලෙස විවේචනය කර ඇතැයි පැවසේ. 

Sri Lankan ගුවන් යානයක් බෝම්බ බි‍යක් නිසා ගොඩ බස්වයි

කොළඹ සිට ලන්ඩනය බලා ඊයේ ගමන් ගත් ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් ඒ 330 වර්ගයේ එයාර් බස් යානයේ කළහකාරී ලෙස හැසිරුණු බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු බි‍්‍රතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 එම ගුවන් යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ඊයේ රාත‍්‍රියේ ගොඩබෑමට නියමිතව තිබූ අතර ඊට පෙර මොවුන් සිය ගමන් මළුවල බෝම්බ ඇති බව පවසා යානයේ කාර්ය මණ්ඩලයට තර්ජනය කර තිබේ. ඒ පිළිබඳව බි‍්‍රතාන්‍ය පොලීසියට දැනුම් දුන් කාර්ය මණ්ඩලය, ගුවන් යානය ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලට ගොඩ බස්වා පරීක්ෂා කර ඇත.
 එහෙත් එහි කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් තිබී නොමැත. මෙම බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනා වීසා කාලය ඉකුත් වී රැඳී සිටීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අය බව වාර්තාවේ. පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 260ක් පමණ ගමන් කරමින් සිට ඇති බව ද වාර්තා වේ.

චැම්පියන්ස් ලීග් තරගාවලියේන් කඳුරට මෙරූන්ස් ඉවතට

ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත නොහැකි වූ නමුත් චැම්පියන්ස් ලීග් වි:20 සුදුසුකම් තේරීමේ තරගාවලියේ එකම ජය තම පිලට හිමිකර දීමට විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ෆයිස්ලාබාද් වුල්ව්ස් පිලේ නායක මිස්බා උල් හක් සමත් විය. මොහාලි කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයේදී ෆයිස්ලාබාස් වුල්ව්ස් පිල ලකණු 10 ක ජයග‍්‍රහණයක් අත්කර ගත්තේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වූ කඳුරට මෙරූන්ස් පිලේ අවසන් උත්සාහයත් අසාර්ථක කරමිනි. 
 චාමර සිල්වා පන්දු 24 කදී ලකුණු 25 ක් ලබගත් අතර පන්දු 36 කදී ලකුණු 44 ක් ලබාගත් කුමාර් සංගක්කාර සහ පන්දු 9 කදී ලකුණු 19 ක් ලබාගත් මිලින්ද සිරිවර්ධන දෙදෙනා කඳුරට පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත් ෆයිස්ලාබාද් පන්දු යවන්නන්ගේ සැලසුම් සහගත පන්දු යැවීම සහ නායක මිස්බා උල් හක්ගේ උපායශීලිත්වය නිසා කඳුරට පිලට පරාජය අත්විය. 
 පළමුවෙන් පන්දුවට පහර දුන් ෆයිස්ලාබාද් වුල්ව්ස් පිල ලකුණු 146 කට සීමා කිරීමට කඳුරට මෙරූන්ස් පන්දු යවන්නෝ සමත් වූ නමුත් සුදුසුකම් ලැබීමේ තරග තුනෙන් දෙකකදීම නොදැවී සිටි මිස්බා උල් හක් අද පැවැති තරගයේදීත් පන්දු 60 කින් ලකුණු 93 ක් ලබාගත්තේ කඳුරට ජය මාවත තම පිලට විවර කර දෙමිනි. 

ඡන්ද කටයුතුවලට බාධා කළහොත් ඡන්දය ශුන්‍යයි

උතුරේ ඡන්දයදීම සියයට 30-35 වයඹ සියයට 40, මැදරට සියයට 25 -30
අද දහවල් වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය දීම සියයට 30 -35ක් ද කුරුණෑගල හා පුත්තලමේ සියයට 40 ක් ද, මහනුවර සියයට 25ක් ද මාතලේ සියයට 20ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් බාර නිලධරයෝ කියති. උතුර, වයඹ හා මධ්‍යම පළාත් තුනේ යපහත් කාලගුණයක් පැවැති බව ද වාර්තාවෙයි. 
පුත්තලමේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට සාමාන්‍ය බාධා එල්ල වී නැතැයි දැන ගන්නට ඇත.වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණයේ දී ඡන්ද‍පොළ කටයුතු හෝ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි කටයුතුවලට බාධා කිරීමක් හෝ ඡන්දය කඩාකප්පල් කළහොත් එම ඡන්ද‍පොළෙහි ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර ඇත. 
 යම් ස්ථානාධිපතිවරයෙක් සිය ඡන්ද‍පොළෙහි කටයුතුවලට බාධා එල්ල වූ බවට තමන් වෙත පැමිණිලි කළහොත් එම ඡන්ද‍පොළෙහි ඡන්දය ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඡන්දය ශුන්‍ය කෙරෙන ඡන්ද මධ්‍යස්ථානවල වෙනත් දිනයකදී මැතිවරණය පැවැත්වෙනු ඇත.

දයාසිරිට ප‍්‍රථම තැනට එන්න බැ - අකිල විරාජ් කාරියවසම්

වයඹ පළාත් සභා අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා කොම්පියුටර් ජිල්මාට් කතාවක් ඇදගත්තේ තමන්ට ප‍්‍රථම තැනට එන්න බැරිවීම නිසා යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ‘කොම්පියුටර් ජිල්මාට් දානවා කියන එක අද දයාසිරිගේ පරාජය, වගේම ඔහුට ප‍්‍රථම තැනට එන්න බැරිවීම නිසා කියන අදෝනාවක් විදිහටයි අපි දකින්නේ මොකද කොම්පියුටර් ජිල්මාට් දාන්න විදිහක් නැහැ.
මේ මැතිවරණ ක‍්‍රමය යටතේ විශේෂයෙන්ම සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකින්ම ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප‍්‍රධානියා විසින් එක්සත් පක්ෂය විසින් ලබා ගන්නා ඡුන්ද සහ මනාප සංඛ්‍යාව ලිඛිතව ලබා දෙනවා. එවැනි තත්වයක් යටතේ කිසිසේත් කොම්පියුටර් ජිල්මාට් දාන්න ක‍්‍රමයක් නැහැ.ඒක අපි පැහැදිලිවම කියන්න ඕනේ. කොම්පියුටර් ජිල්මාට් දාන්න පුළුවන් නම් කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරන්නේ නැහැ. 

Gossip Lanka Hot News Previous News Archive