එජාපයට ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාධාරණ මැතිවරණ ක්‍රමය රැකගැනීමටයි

එජාපය වෙනුවෙන් ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ සියළු නීති විරෝධී ක්‍රියා මධ්‍යයේ හෙයින්, එම ඡන්දය එජාපය වෙනුවෙන් පමණක් නොව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමය රැකගැනීම සදහා ද ලබා දුන් ඡන්දයක් සේ සළකන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි. 
 ඒ නිසාම ඒ ඡන්දයේ වටිනාකම ඉතා ඉහළ බව විශ්වාස කරන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. 
පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඡන්දය ලබා දුන් ඡන්දදායකයන්ට ද, පක්‍ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු පාක්‍ෂිකයන්ට ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා, පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුට ද, සංවිධායකවරුන්ට ද අපගේ කෘතඥතා පූර්වක ආචාරය පළ කර සිටින බව එම නිවේදනයේ දැක්වේ. 
මෙම මැතිවරණය පුරාම රාජ්‍ය බලය අනිසි ලෙස යොදවා ගැනීම් පමණක් නොව මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් ද, ප්‍රචණ්ඩත්වය මුදා හැරීම් ද අතොරක් නැතිව සිදුවූ අතර මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ‘තමන්ගේ අත දිගු නැති’ බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ම ප්‍රකාශ කළේ තත්ත්වය ඒ තරමටම බරපතළ බැවින් බව එම නිවේදනය මගින් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

තිසර පෙරේරාට මුදලට තරග පාවාදීමේ චෝදනා

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය චැම්පියන්ස් ලීග් තරගාවලියේදී ‘හයිද්‍රාබාද් සන් රයිසස්’ කණ්ඩායම නියෝජනය කරන ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා මුදලට තරග පාවා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. 
 ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ පසුගියදා අවසන් වූ අයි.පී.එල්. තරගාවලියේදී මෙම පාවාදීම සිදුකර ඇති බවයි.දිල්ලි පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇති බුකී කරුවෙකු විසින් අදාල තොරතුරු ප‍්‍රකාශකර ඇති බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
 හයිද්‍රාබාද් සන් රයිසස් කණ්ඩායම නියෝජනය කල තිසර පෙරේරා ඇතුලූ තවත් කී‍්‍රඩකයන් තිදෙනෙක් ඉන්දීය රුපියල් කෝටි 6 ක මුදලකට තරග පාවා දුන් බව ඔහු ප‍්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් පල කරන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීමේ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය දකුණේ තුන්වැනි බලවේගයවේ

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභාවට සභිකයන් තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ පැවති ඡන්ද ප‍්‍රථිපල අනුව මෙතෙක් තුන්වෙනි බලවේගය ලෙස පැවති ජනතා විමුක්ති දැවැන්ත පරාජයකට ලක්ව තිබේ.
 සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු 'ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය' මෙම මැතිවණයේදී බොහෝ ආසනවල 5% ආසන්න ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තා කර ගනිමින් මන්ත්‍රී ධුර 05 ක් ද හිමිකරගෙන ඇත.ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ, එක මන්ත්‍රී ධුරයක් පමණි. ෆොන්සේකාගේ පක්ෂය මධ්‍යම පළාතෙන් ඡන්ද 45,239 ක් ලබාගෙන ආසන දෙකක් හිමිකරගෙන සිටී. ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ ඡන්ද 13,887කි.  වයඹ පළාතෙන් 46,114ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනකට හිමිකම් කියයි. ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19,624කි. 

මට කල අපහාසවලට පිළිතුරු ලැබුනා වැඩිම මනාපලාභියා දයාසිරි ජයසේකර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කෙනෙහිලි කිරීම් අභිබවමින් දයාසිරි ජයසේකර මහතා ඊයේ පැවති පළාත් සභා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වැඩිම මනාපලාභියා බවට පත්ව තිබේ. 
 ඔහු ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව තුන්ලක්‍ෂ තිස්හයදාස් තුන්සිය විසිඅටකි (3,36,328) කි. 
 ඔහුට තරඟයක් දුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා ලබාගෙන ඇත්තේ, මනාප 1,34,493කි. ජනාධිපතිවරයාත්, ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ජොහාන් ප්‍රනාන්දු මහතාට මෙම මැතිවරණ ව්‍යාපාරය තුල සුවිශේෂී අනුග්‍රහයක් දක්වා තිබියදී පවා, දයාසිරි මහතා ලබාගත් ඇති විශාල මනාප සංඛ්‍යාව කැපිපෙනෙන දේශපාලන කඩඉමක් බව දේශපාලන විචාරකයින් පවසති.
 ජනාධිපතිවරයා බොහෝ පොරොන්දුදී, දේශපාලන තරුවක් වූ දයාසිරි ජයසේකර මහතා එජාපයෙන් කඩා ගෙන පළාත්සභා සටනට අතහැර දැමුවද, මැතිවරණ ව්‍යාපාරයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාට වාසිසහගත ලෙස කටයුතු කිරීම කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප ජේෂ්ඨ ආසන සංවිධායකයින්ගේ කනස්සල්ලට හේතුවී තිබිණ. 

ලොතරැයි ඉතිහාසයේ ලොකුම තෑගි මුදල දිනාගනී - Super Ball

මෙරට ලොතරැයි ඉතිහාසයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිරිනමන ලද ඉහළම ත්‍යාග මුදල වන රුපියල් පන්කෝටි විසිපන්ලක්ෂ හතළිස් එක්දහස් හත්සිය හතළිහක (රු 52541740.00) සුපිරි ජයමල්ල දිනාගෙන ඇතැයි මණ්ඩලය පවසයි.

 දිනුම් අදිනු ලැබූ 98 වන වාරයේ සුපර්බෝල් ලොතරැයියේ ජයග‍්‍රාහී අංක 4 සහ ඉංග‍්‍රීසි අක්ෂරය නිවැරදිව තිබීම නිසා එම සුපිරි ජයමල්ලේ ජයග‍්‍රාහකයා බිහිවී ඇත. 

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නයිනමඩම අලෙවි නියෝජිත ආර්. එම්. ආර්. එස්. රාජපක්ෂ මහතා විසින් අලෙවි කරන ලද ලොතරැයි පතකට එම සුපිරි ජයමල්ල හිමිවී තිබේ.

පළමු සමලිංගික ජනාධිපතිවරිය ඇමරිකාවේන්

2016 වසරේදී ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වුවහොත් පළමු සමලිංගික ජනාධිපතිවරිය ලෙසද වාර්තාවක් තැබීමට හිලරි ක්ලින්ටන්ට හැකිවනු ඇතැයි ඇමරිකානු පවුල් සංගමයේ බ‍්‍රයන් ෆිෂර් පවසයි. සමලිංගික විරෝධියකු ලෙස නම් දරා සිටින බ‍්‍රයන් දක්වා ඇත්තේ හිලරි ද්වි ලිංගික යයි බිල් තමන්ට පැවසූ බව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ අනියම් පෙම්වතිය වූ ජෙනිෆර් ෆ්ලවර්ස් ඬේලි මේල් පුවත්පතේ ලෝරා කොලින්ස්හට පැවසූ බවයි. 
 නිව්යෝක් නගරාධිපති ධුරයට තරග වැද පරාජය වූ ඇන්තනි වෙයිනර්ගේ බිරිඳ වන හියුමා ඇබෙඩින් සමග හිලරිගේ සම්බන්ධයක් ඇති බව ජෙනිෆර් ෆ්ලවර්ස් විසින් හෙළි කර ඇතැයි පැවසූ බ‍්‍රයන් ෆිෂර් පවසන්නේ හිලරි ක්ලින්ටන්ට පළමු ජනාධිපතිවරිය මෙන්ම සමලිංගික රාජ්‍ය නායිකාව වීමේ අවස්ථාවද උදාවනු ඇති බවයි. 
 පිරිමි සහ කාන්තා සමලිංගික, ද්විලිංගික සහ අන්තර් ලිංගික කටයුතු වලට එරෙහි විය යුතු යයි ඇමරිකානු ජනාධිපතිවරයාට බලකර සිට ඇති බ‍්‍රයන් මේ වසර මුලදී ඔබාමාගේ පළමු කථාව මගින් සමලිංගික අයිතීන් පිළිගැනීමෙන් අනතුරුව ඔහු දැඩි ලෙස විවේචනය කර ඇතැයි පැවසේ. 

Sri Lankan ගුවන් යානයක් බෝම්බ බි‍යක් නිසා ගොඩ බස්වයි

කොළඹ සිට ලන්ඩනය බලා ඊයේ ගමන් ගත් ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් ඒ 330 වර්ගයේ එයාර් බස් යානයේ කළහකාරී ලෙස හැසිරුණු බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු බි‍්‍රතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 එම ගුවන් යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ඊයේ රාත‍්‍රියේ ගොඩබෑමට නියමිතව තිබූ අතර ඊට පෙර මොවුන් සිය ගමන් මළුවල බෝම්බ ඇති බව පවසා යානයේ කාර්ය මණ්ඩලයට තර්ජනය කර තිබේ. ඒ පිළිබඳව බි‍්‍රතාන්‍ය පොලීසියට දැනුම් දුන් කාර්ය මණ්ඩලය, ගුවන් යානය ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලට ගොඩ බස්වා පරීක්ෂා කර ඇත.
 එහෙත් එහි කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් තිබී නොමැත. මෙම බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනා වීසා කාලය ඉකුත් වී රැඳී සිටීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අය බව වාර්තාවේ. පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 260ක් පමණ ගමන් කරමින් සිට ඇති බව ද වාර්තා වේ.

චැම්පියන්ස් ලීග් තරගාවලියේන් කඳුරට මෙරූන්ස් ඉවතට

ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත නොහැකි වූ නමුත් චැම්පියන්ස් ලීග් වි:20 සුදුසුකම් තේරීමේ තරගාවලියේ එකම ජය තම පිලට හිමිකර දීමට විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ෆයිස්ලාබාද් වුල්ව්ස් පිලේ නායක මිස්බා උල් හක් සමත් විය. මොහාලි කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයේදී ෆයිස්ලාබාස් වුල්ව්ස් පිල ලකණු 10 ක ජයග‍්‍රහණයක් අත්කර ගත්තේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වූ කඳුරට මෙරූන්ස් පිලේ අවසන් උත්සාහයත් අසාර්ථක කරමිනි. 
 චාමර සිල්වා පන්දු 24 කදී ලකුණු 25 ක් ලබගත් අතර පන්දු 36 කදී ලකුණු 44 ක් ලබාගත් කුමාර් සංගක්කාර සහ පන්දු 9 කදී ලකුණු 19 ක් ලබාගත් මිලින්ද සිරිවර්ධන දෙදෙනා කඳුරට පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත් ෆයිස්ලාබාද් පන්දු යවන්නන්ගේ සැලසුම් සහගත පන්දු යැවීම සහ නායක මිස්බා උල් හක්ගේ උපායශීලිත්වය නිසා කඳුරට පිලට පරාජය අත්විය. 
 පළමුවෙන් පන්දුවට පහර දුන් ෆයිස්ලාබාද් වුල්ව්ස් පිල ලකුණු 146 කට සීමා කිරීමට කඳුරට මෙරූන්ස් පන්දු යවන්නෝ සමත් වූ නමුත් සුදුසුකම් ලැබීමේ තරග තුනෙන් දෙකකදීම නොදැවී සිටි මිස්බා උල් හක් අද පැවැති තරගයේදීත් පන්දු 60 කින් ලකුණු 93 ක් ලබාගත්තේ කඳුරට ජය මාවත තම පිලට විවර කර දෙමිනි. 

Gossip Lanka Hot News Previous News Archive