සරත් ෆොන්සේකා යලි ජනාධිපතිවරණ සටනට

සරත් ෆොන්සේකා මහතා ඔහුගේ 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' යටතේ, ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරඟ කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 
මාධ්‍ය ආයතනයක හිමිකරුවකු හා සරත් ෆොන්සේකා මහතා අතර පැවති භෝජන සංග්‍රහයකදී එවැනි තීරණයක් එළඹ ඇතැයි පැවසේ. 
පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ෆොන්සේකා මහතාගේ පක්ෂය ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා එම මාධ්‍ය හිමිකරුවා විසින් එම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබී ඇත. 
මේවනවිට ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇති බැවින්,ඔහුට එවැනි මැතිවරණයකට ඉදිරිපත්වීමට නීතිමය බාධාවක් පවතින බවයි. 
 කෙසේවුවද, මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියකුගෙන් කල විමසීමේදී කියා සිටියේ, කවරහෝ මැතිවරණයකට ඉදිරිපත්වීම සඳහා ෆොන්සේකා මහතා නාමයෝජනා බාරදුන හොත් එය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමසාරිස්වරයට කිසිදු බලයක් නොමැති බවයි. 
කවරෙකු හෝ ඊට එරෙහි වන්නේනම් ශේෂ්ඨාධිකරණය ගොස් ඒ පිළිබඳව තීන්දුවක් ලබාගත යුතු බවද ඔහු පැවසිය. මිට ඉහතදී අධිකරණය විසින් එස්.බි. දිසානායක අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසිකර තිබු සමයේ බොහෝදෙනෙකු කියා සිටියේ, එස්,බි. ට මැතිවරණ වලට ඉදිරිපත් විය නොහැකිබවයි. 

ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය බාරගැනීමට සූදානම් - සුසන්තිකා

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ධූරයට පමණක් නොව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය සඳහා ද තමන් අනාගතයේදදී තරග වැදීමට සූදානමින් සිටින බව හිටපු සුපිරි කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය. 
ඔලිම්පික් රිදී පදක්කමක් හා ලෝක ශූරතා රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගෙන සිටින සුසන්තිකා ‘ලංකාදීපය’ ට පැවසුවේ රටේ කඩා වැටී තිබෙන කී‍්‍රඩාව ගොඩ ගැනීම සඳහා තමන් මලල කී‍්‍රඩා සංගමයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූර බාරගැනීමට සූදානම් බවය. ඇය මෙසේද පැවසුවාය. ඒ සඳහා මට ඉහළම සුදුසුකම් තිබෙනවා. 
මේ රටේ ඉහළම මලල කී‍්‍රඩා ජයග‍්‍රහණය ලද කාන්තාව මමයි. කී‍්‍රඩාවෙන් ඔලිම්පික් පදක්කම් දිනා ගත් මට කී‍්‍රඩා පරිපාලනයෙනුත් පදක්කම් දිනාගත හැකි තරමට වැඩ කරලා පෙන්වන්න පුළුවන් බව මට විශ්වාසයි. මේ වන වවිට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිනයක් ලෙස කටයුතු කරන 37 හැවිරිදි සුසන්තිකා සිය දෙවැනි දරුවා අපේක්‍ෂාවෙන් පසුවන්නීය. 

බිරිඳට ඇති බිය නිසා දුම්පානය නතර කළ බැරැක් ඔබාමා

බිරිඳට ඇති බිය නිසා තමන් දීර්ඝ කාලයක් පුරුදුව සිටි දුම්පානය නතර කළ බව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ නිලධාරියකු සමඟ කවටකමක් ලෙස ඔහු මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට පැමිණෙන අතරතුරදීය.
එහෙත් ඒ මොහොතේ තමා වෙත කැමරා එල්ල වී ඇති බව ඔහු දැනගෙන සිටියේ නැත. 
වසර 6කින් තමන් එකම සිගරැට්ටුවක්වත් පානය කළේ නැතැයි කී ඔබාමා ‘මේකට හේතුව මම නෝනට බය නිස’ යැයි සිනාසෙමින් කීවේය.

එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියාකාරි මියානා කියායි සමඟ සුහද පිළිසඳරක ඔබාමා යෙදී සිටින විට එතැන තිබූ මයික්‍රෆෝන විවෘතව තිබූ අතර ඒ මොහොතේම එය සජීවීව ලොව පුරා විකාශය විය.

දුම්පානය නතර කර ගැනීමට ඔබාමා දීර්ඝ කාලයක් දැඩි සටනක නිරත වූවෙක් වන අතර 2011දී ඔහුගේ බිරිය මිෂෙල් පැවැසුවේ තම සැමියා නරක පුරුද්දෙන් සදහටම මිදුණු බවයි.

නායක රනිල් වික්‍රමසිංහ එලවන්න ඒකමතික තීරණයක්

බස්නාහිර පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රි කණ්ඩායම ඊයේ (24 ) එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින්, වික්‍රමසිංහ මහතා වහාම එ.ජා.ප. නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ 'මව්බිම' පුවත්පත පවසයි. 
 එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ පුත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රීනාත් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ මේ යෝජනාව සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමතයෙන් ඒකමතිකව සම්මත වී ඇතැයි ද එම පුවත්පත පවසයි. 
 එම පුවත්පත් වාර්තාවට අනුව, බස්නාහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රිවරු කිසිපදෙනෙක්ම වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇති අතර පක්‍ෂය සමඟිකොට ඉදිරියට ගෙනයෑමට හා පක්‍ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට වික්‍රමසිංහ මහතාගෙන් සිදුවන බාධක හිරිහැර ගැනද ඔවුහු කරුණු දක්වා තිබේ. 

දි.මු.ජයරත්න මහතාගේ පුත් අනුරාධට මධ්‍යම පළාත් මහ ඇමැති ධුරය

මධ්‍යම පළාත් සභාවේ වැඩිම මනාප ලබා ගත් අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාට මහ ඇමැති ධුරය ලබාදීමට ජනධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දුවී ඇත.අනුරාධ ජයරත්න මහතා සිය අමාත්‍යංශයට කැඳවා අමාත්‍යවරයා එම සහතිකය ලබාදී ඇත. 
එසේම ඒ වෙනුවෙන් අගමැතිවරයා එම තනතුරින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නැතැයි ද බැසිල් ඇමතිවරයා දැනුම්දී තිබේ.

අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාට දුරකථන ඇමතුමකදී ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, ඉදිරියේදී පැවැත්වෙන සන්ධාන පක්ෂනායක රැස්වීමේදී, මාධ්‍යම පළාතේ මහ ඇමති ලෙස අනුරාධ ජයරත්න මහතාගේ නම යෝජනා කරන්නයි දැනුම්දී තිබේ. 

දයාසිරි සමග කිසිම අමනාපයක් නැ ජොන්ස්ටන් ප්‍රනාන්දු

එක්සත් ජාතික පක්ෂයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණ ශ්‍රීලනිපයේ පිරිස් සමග සමගියෙන් වැඩකරන තමාට පුලුවන්නම්, දයාසිරිත් එක්ක වැඩ කරන්න, පුතාට බැරි වෙන්න කිසිදු හේතුවක් නැතැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 
පුතා සමගියෙන් වැඩ කරන්න කැමැති බවද ඔහු කියා සිටියි. '' වයඹ මහ ඇමැතිවරයා වන්නේ දයාසිරි. ඔබගේ පුත්‍ර ‍ජොහාන් ප්‍රනාන්දු කැමැති ද ඔහු සමග වැඩ කරන්න.'' යයි ලක්බිම ‘Online’ කල විමසීමකදී ඇමතිවරයා එබව පවසා ඇත.
දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ඇඟිල්ල දිගු කරමින් තමන් කිසිම චෝදනාවක් සිදු ‍කර නැති බව ද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. පහත පළවන්නේ ඒ මහතා සමග කළ කෙටි සාකච්ඡාවකි. 

ප්‍රශ්නය :- දයාසිරි ජයසේකර මහතාගේ ආධාරකරුවන් ඔබ‍ගේ පුතා ජොහාන් ප්‍රනාන්දුගේ ආධාරකරුවන්ට පහර දෙනවද? 
 පිළිතුරු :- මම කිසිම තැනක එහෙම කියල නැහැ. 
ප්‍රශ්නය :- දයාසිරිගේ ගෝලයෝ නෙවෙයි නම් වෙන කවුද එහෙම කරන්නේ? 
පිළිතුරු :- කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14 ක් තිබෙනවා.ඉන්දික බණ්ඩාරනායක මහතා හැර අනික් බොහෝ දෙනා ඡන්දයෙන් පසු මගේ පුතාගේ ආධාරකරුවන්ට හිරිහැර කරනවා.

ඡන්ද පත‍්‍රිකා තොගයක් පුත්තලමෙන්

පුත්තලම - ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් තුළ තිබී හමුවූ ගණන් කරන ලද ඡන්ද පත‍්‍රිකා තොගය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා එම ස්ථානයට පැමිණීමත් සමග මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. 
දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සහ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් අතර මෙම උණුසුම් තත්ත්වය මතුව ඇත. 
 මෙම විද්‍යාලය පසුගිය සෙනසුරාදා පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද යොදාගෙන තිබිණ.පාසල් ගොඩනැගිල්ලේ තිබූ පොලිතින් උර 3 ක් පරීක්ෂා කිරීමේදී එම ඡන්ද පත‍්‍රිකා තොගය හමුවී ඇත. ප‍්‍රදේශවාසීන් මේ පිළිබඳව දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා, සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලීසිය දැනුවත් කර තිබේ.ඒ අනුව අදාළ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා උත්සාහ කිරීමත් සමග එම උණුසුම් තත්ත්වය මතුව ඇත.

ජොහාන් වැඩිම මනාප ගන්නේ යයි මා කීවේ නෑ ජ්‍යෙතීර්වේදී සුමනදාස

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂක ජොහාන් ප‍්‍රනාන්දු මහතාදිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප ලබා පළමු ස්ථානයට පැමිණෙන්නේ යයි බවට තමන් අනාවැකි නොකියූ බවත්, තමන් පෞද්ගලිකව ජොහාන් දිරිමත් කිරීමට ඔහු ‘පළමු ස්ථානයට පත් වන ලෙසට’කළ සුබ පැතුමක් වරදවා වටහාගෙන ඇති බවත් ප‍්‍රවීණ ජ්‍යෙතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසයි. 
තමන් කාලයක් තිස්සේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුලේ හිතවතෙකු බවත් එම හිතවත්කම මත තමන්ගේ පුතා පළමු වතාවට මැතිවරණයකට නාම යෝජනා භාරදීමට යන දිනයේ කුරුණෑගල නිවසට පැමිණීමට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා තමන්ට ආරාධනා කළ බවත් අබේගුණවර්ධන මහතා දන්වා සිටියි. එසේම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කිතුනු භක්තිකයෙකු නිසා ජොහාන් ප‍්‍රනාන්දු මහතාට ජන්ම පත‍්‍රයක් නොමැති බවද අබේගුණවර්ධන මහතා සදහන් කරයි.
 ‘මම මගේම පවුලේ හිතවතෙක් නිසා එතුමගේ මේ අවුරුදු 25ක් වයසැති දරුවාට පළමුවතාවට ඡුන්දයට ඉදිරිපත් වන නිසා ඒ දරුවා දිරිමත් කළ යුතු බැවින් ඉතා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගෙන පළමුවැනි ස්ථානයට පත් වෙන්න කියලා සුබපැතුම් එක් කළා.

Gossip Lanka Hot News Previous News Archive