ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස දයාසිරි ජයසේකර මහතා නම් කිරීම කෙරෙහි සලකා බලන්නැයි එජාප මන්ත්‍රීවරුන් පිරිසක් එජාප නායකයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
පසුගිය දා විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ජාවකදී එම යෝජනාව ඉදිරිපත්ව ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂයේ බලවේග පමණක් නොව, රාජපක්ෂවරුන් සමග අමනාපයෙන් සිටින ආණ්ඩුවේ පිරිස්ද ගොනුකර ගත හැකි වඩාත් ජනප්‍රිය චරිතයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය එහිදී සාකාච්ජාවී ඇත.
එජාප නියෝජ්‍ය නායකයින්ව සිටි කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යන එජාපයේ ජනප්‍රිය නායකයින්ගේ නම් ද මෙහිදී සාකච්ජාවට ලක්ව ඇත.
එහිදී තරුණ මන්ත්‍රීවරයකු පවසා ඇත්තේ, ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීමට සලකා බලන එකම සාධකය ජනප්‍රිය භාවය නම්, ඒ සඳහා මේ මොහොතේ වඩාත්ම සුදුස්සා දයාසිරි ජයසේකර මහතා බවයි.
කෙසේවුවද, ආණ්ඩුවේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ලබන වසරේ සිංහල- හින්දු අලුත් අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇත.







