ලයනල් මෙසීට ස්පාඤ්ඤ රජයට බදු වංචා කිරීමේ චෝදනා

ස්පාඤ්ඤ රජයට බදු වංචා කිරීමේ චෝදනා ලබාසිටින සුප්‍රකට සම්මානනීය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී හා ඔහුගේ පියා ඊයේ (27) අධිකරණය හමුවට පැමිණ තිබේ. 
වසර 2007-2009 කාලය තුළදී ස්පාඤ්ඤ රජයට යූරෝ මිලියන 4ක පමණ ප්‍රමාණයක් වංචා කර ඇතැයි මේ වන විට මෙසී හා ඔහුගේ පියා ට චෝදනා එල්ලවී තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ. 
නඩුවිභාගයෙන් පසුව මෙසී හෝ ඔහුගේ පියා ප්‍රකාශයක් සිදුකර නොමැති නමුත්, ඔවුන්ගේ නීතිඥවරයා පවසා ඇත්තේ බදු වංචා කිරීමට කිසිඳු අදහසක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් බදු බලධාරීන් සමග විසඳුමකට එළැඹීමට කැමැත්ත පිළිබඳවත් සිය සේවාදායකයන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බවයි.
 මේ වන විටත් ඔවුන් දෙදෙනා යුරෝ මිලියන 5කට අධික ‘නිවැරදිකරන ගෙවීමක්’ සිදුකර තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී පෙත්සමක් ඉදිරිපත් කරමින් මෙසී ගේ පියා විනිසුරුවරයා වෙත දන්වා සිටියේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමා සම්පූර්ණ වගකීම භාරගන්නා බවයි. 

එජාප නායක සහ ජනාධිපති අපේක්‍ෂක වෙන්නම් මහ ඇමති බෑ – සජිත්

තමාගේ බලාපොරොත්තුව දකුණේ මහ ඇමති ධුරයට ඉදිරිපත්වීම නොව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බව එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. 

ඒ මහතා පෙන්වා දෙන්නේ පක්‍ෂය තීරණය කරන්නේ නම් එජාප නායකත්වයට සහ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමන් සූදානම් බවයි. 

ජනතාව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයකදී තමන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම යයිද පවසන ඒ මහතා තමන් රට වටේ යන විට ජනතාව ඉල්ලන්නේ එයම යයි තේරුම් යන බවද කීවේය.

ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා දයාසිරි ජයසේකර

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස දයාසිරි ජයසේකර මහතා නම් කිරීම කෙරෙහි සලකා බලන්නැයි එජාප මන්ත්‍රීවරුන් පිරිසක් එජාප නායකයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. 
පසුගිය දා විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ජාවකදී එම යෝජනාව ඉදිරිපත්ව ඇත. 
ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂයේ බලවේග පමණක් නොව, රාජපක්ෂවරුන් සමග අමනාපයෙන් සිටින ආණ්ඩුවේ පිරිස්ද ගොනුකර ගත හැකි වඩාත් ජනප්‍රිය චරිතයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය එහිදී සාකාච්ජාවී ඇත.
එජාප නියෝජ්‍ය නායකයින්ව සිටි කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යන එජාපයේ ජනප්‍රිය නායකයින්ගේ නම් ද මෙහිදී සාකච්ජාවට ලක්ව ඇත. එහිදී තරුණ මන්ත්‍රීවරයකු පවසා ඇත්තේ, ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීමට සලකා බලන එකම සාධකය ජනප්‍රිය භාවය නම්, ඒ සඳහා මේ මොහොතේ වඩාත්ම සුදුස්සා දයාසිරි ජයසේකර මහතා බවයි. 
කෙසේවුවද, ආණ්ඩුවේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ලබන වසරේ සිංහල- හින්දු අලුත් අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇත.

කල් ඉකුත් වූ භාණ්ඩ ඉවත් විය යුතුයි - සජිත් පේ‍්‍රමදාස

දේශපාලනයේදී ජනතාව අතර රැදී සිටීමට අවශ්‍ය කරන වටපිටාව තමන්ම සකසා ගතයුතු බැවින් කිසිවෙකුට පවට පින දිය නොහැකි බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. 
කල් ඉකුත් වූ භාණ්ඩ බවට පත් වූ විට ඉවත් වන්නැයි ජනතාව පවසද්දී මොහොතක් හෝ ප‍්‍රමාද නොවී ඉවත්වීමට දේශපාලඥයන් සූදානම් විය යුතු යැයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි. 
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කටුවනදී දුරුවන්ට ළමා ගිණුම් ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ බෙදාදීමෙ උත්සව අවස්ථාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය. දේශපාලඥයන් දඩබ්බර ඒකාධිපතීන් ලෙස වියරුවෙන් හැසිරෙන විට ජනතාව ද ඔවුන්ට පල නොකිය පලා බෙදන බවද සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර සිටියේය. 
 අවමානයට පාත‍්‍ර නොවී ජනතා ගරු බුහුමන් මැද පිටව යාමට අවශ්‍ය නම් නම්‍යශීලීවීමේ ගුණය තිබිය යුතු යැයි කී මන්ත‍්‍රීවරයා එසේ නොවේ නම් ඔවුන්ගේ දේශපාලන දිවියම කුජීත භාවයට පත්වන බව පවසයි. 

සරත් ෆොන්සේකා රට වෙනුවෙන් මෙහෙවරක් කළා - චම්පික රණවක

සරත් ෆොන්සේකා මහතා යුධ අපරාධකරුවෙක් නොවන බව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. 
කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය. ‘උතුරේ ආණ්ඩුකාරවරයා පත් කිරීම, උතුරේ හෝ ඕනෑම පළාතක ජනාධිපතිවරයාගේ අභිමතය. 
මෙයාලා කියන්නේ මොකද් ද ? හමුදා නිලධාරියෙක් පත් කළාය කියනවා. දැන් මේගොල්ලෝ 2010 වසරේ ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපති කරන්න ගියේ කවුද ? හමුදා නිලධාරියෙක් නෙවෙයි ද ? රටේ හිටපු හමුදාපති. ඔය යුද්ධය මෙහෙයවපු පුද්ගලයා. 
යුද අපරාධවලට අණ දුන්නාය කියන මනුස්සයා. 
අපි නම් එහෙම හිතන්නෙ නෑ යුද අපරාධ කළාය කියලා.  අපි නම් හිතන්නේ සරත් ෆොන්සේකා මහත්තයා රට වෙනුවෙන් මෙහෙවරක් කළාය කියලා අපි පැහැදිලිවම ඒ මතයේ ඉන්නවා” යයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. 

ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කල යුතුයි – නවි පිල්ලේ වාර්තාව ඉදිරිපත් කරයි

බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් සකස් කෙරුණු ශ්‍රී ලංකාව පිළිබඳ යාවත් කාලීන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 24 වැනි සැසි වාරයේ දී ඉදිරිපත් කෙරුණේ නියෝජ්‍ය මහ කොමසාරිස් ෆ්ලාවියා පන්සියෙරි විසිණුයි.පසුගිය අගෝස්තු මාසයේ කෙරුණු ශ්‍රී ලංකා සංචාරයේ දී ඇය විසින් කරන ලද නිරීක්ෂණ ද මෙම වාර්තාවට පදනම් වී තිබේ.

සිය සංචාරය සැලසුම් කිරීමේ සිට රටින් පිටවී යන තෙක් දැක්වූ ඉමහත් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙත ස්තුතිය පළ කරන මහා කොමසාරිස්වරිය ජාත්‍යන්තර ප්‍රජාව ගේ සහයෝගය ද ඇති ව යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ නැවත ගොඩ නැංවීමේ හා ජනයා නැවත පදිංචි කිරීමේ දී ලබා ඇති ප්‍රගතිය ඉහල ඇගයීමකට ලක් කර තිබේ.

ජයන්ත කුමාරසිරි ගේ සුදු කළුවර නවකතාව දොරට වඩින වගයි

ආර්.එල්. ස්පිට්ල් සාහිත්‍යධරයාණන් ගේ ‘සුදු ගෝනා‘ සහ ‘සුදු වැද්දා‘ ඔබ කියෙව්වාද? එම කෘතිද්වය තුළ ඇති අන්තර්ගතය මෙසේ ය.

පාසලෙන් පැනවිත් නාවිකයෙකුවන හෑන්ස්, ඇමස්ටර්ඩෑම් නුවරින් පිට වී පෙරදිගට සංචාරය කරන්නේ, නැව බිදී ලංකා වෙරළට සේන්දු වේ.

එහි දී වන වදින හෑන්ස්, වැදි රැළකට හසු වී පසු ව සුදු ගෝනෙකු නිසා කන්ද උඩරට රජු ගේ සිරකරුවෙකු බවට පත් ව රජු ගේ කපිතාන්වරු දෙදෙනා සමග කුළුපග වන්නේ ය. එයින් එක් කපිතාන්වරයෙකු ඕලන්ද ජාතිකයෙකුවන අතර, අනෙකා පෘතුගීසි ජාතිකයෙකි.

රාජ උදහසට ලක් ව තිබුණ ද අවසානයේ මරණයෙන් ගැලවෙන හෑන්ස්, කපිතාන්වරු දෙදෙනා ද සමග වන වදී. ඔව්නට උදව් කළා යැයි රජු ගේ ලේලියවන නාලිනී ද වැදි රැහැට පන්නා දැමේ. පසු ව ඇගේ පෙම්වතාවන නීල ද රජ මැදුරෙන් පැන යයි. සියල්ලෝ හෑන්ස් ගේ රැකවරණය යටතේ මහ වනයේ දිවි ගෙවති. පසු ව ඔව්න් ගේ ඉල්ලීම මත හෑන්ස්, ඔව්න් මහ වනයෙන් පහත රට ගම්මානයකට ඇරලවයි. ඒ ගම්මානය ආරම්භ වන්නේ දෙව්මැදුරකිනි. ‍දෙව්මැදුරේ වැඩ සිටින්නේ ඩේමියන් පියතුමා ය. ඩේමියන් පියතුමා යනු පෘතුගීසීන් හා ලන්දේසීන් අතර පැවති අවසන් කොළඹ මහ සටනේ පෘතුගීසි ජාතිකයෙකු වූ ගැස්පා සමග උරෙනුර ගැටෙමින් සටන් කළ විරුවෙකි. ස්පිට්ල් සූරීන් ගේ ‘සුදු වැද්දා‘ නවකතාව නිමවන්නේ එතැනිනි.

තිසර පෙරේරාට එරෙහිව කිසිදු චෝදනාවක් නැ - ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවා දුන් බවට තිසර පෙරේරාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නැතැයි ඉන්දීය පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 
සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු අයිපීඑල් තරඟයක් පාවා දුන් බව ඉන්දීය ඔට්ටු අල්ලන්නෙකු මුම්බායි පොලිසියට දුන් කටඋත්තරයක සඳහන් වන්නේ යයි ඉන්දීය පුවත්පත්වල පළ වූ වාර්තා පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්, ශ්‍රී ලංකා පාලක මණ්ඩලය ඒ බව සඳහන් කරයි.
තිසර පෙරේරා, හනුමා විහාරි, කරන් ශර්මා සහ අශීෂ් රෙඩ්ඩි සමඟ එක්ව අයිපීඑල් තරඟයක් ඉන්දීය රුපියල් කෝටි හයකට පාවා දුන්නේ යයි කටඋත්තරයේ සඳහන් වන බව ඉන්දියාවේ ඩෙකාන් ක්‍රෝනිකල් පුවත්පත සඳහන් කළේය.
ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගය හා සම්බන්ධ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive