නාමල් රාජපක්ෂ සිගරට් අරක්කු බොන්නේ නැති තරුණයෙක්

තමන්ගේ ජීවිත කාලය තුළදී කිසි දිනක සිගරට් එකක් නොබීපු බවත්, අද පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා පිළිබදව තමන් හොද හැටි දන්නා බවත්, පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 

එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටවල් 194ක් අතුරින් 2013 ජගත් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලද අමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය. 

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විය. ‘බෝ නොවන රෝග වලින් 60%ක් ලෙඩ වන්නේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි අරක්කු නිසායි. 

ලංකාවේ දවසකට 1000ක් විතර මැරෙන්නේ බෝ නොවන රෝග නිසා. එයට ප‍්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය හා දුම්වැටි තමයි. 

මං මගේ ජීවිත කාලය තුළ කිසිසේත්ම සිගරට් එකක් බීපු නැති කෙනෙක්. විශේසයෙන්ම අද ප‍්‍රධාන ආරාධිත අමුත්තා විදිහට නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමාට ආරාධනා කරන්න විශේෂ හේතුවක් තිබුණා. 

ජනප්‍රියම නිළිය වූ පූජාට ලංකාවේ නිළියන්ගෙන් විරෝධයක්

දෙරණ ජනප්‍රියම නිළිය වූ ඉන්දීය නිළි පූජා උමා ශංකර්ට ලංකාවේ නිළියන්ගෙන් විරෝධයක් ඇතැයි වාර්තා වේ. මෙරට ප්‍රධානපෙලේ නිළියන් කිහිපයක්ම මේ බව ප්‍රසිද්ධියේ පවසා ඇතැයි ද වාර්තා වේ. 

සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේක් විසින් "ඔබ සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වීම ගැන ලංකාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර පුංචි විරෝධයක් තිබෙනව කියන කතාව ඇත්ත ද?" යැයි කළ විමසීමකදී ඇය මෙසේ පවසා තිබිනි. "ඔය ගැන මටත් ආරංචි වෙලා තියෙනව. 

හැබැයි ඒ ගැන මම එතරම් හිතන්නෙ නෑ. මා ගැන විරෝධයක් තිබෙනවානම් ඒක තේරුමක් නැති විරෝධයක්. මම අවුරුද්දකට රඟපාන්නෙ චිත්‍රපටයක හෝ දෙකක පමණයි. 

අනවශ්‍ය ලෙස මම වැඩ බදාගන්නෙ නෑ. මම සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වුණේ මගෙ සීයගෙ ඉල්ලීමට. ඒ කියන්නෙ මගෙ අම්මගෙ තාත්තා. එයාගෙ ආශාව නිසයි මම සිංහල චිත්‍රපටයක රඟපෑවේ. 

මාතර ගැටුම සම්බන්ධයෙන් මංගල සමරවීර පොලිස් භාරයට

ඊයේ (05) මාතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානී හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මීට සුළුමොහොතකට පෙර පොලිස් භාරයට ගෙන ඇතැයි වාර්තා වේ. 

ඔහු සමග ඔහුගේ ආධාර කරුවන් 22 දෙනෙකුද පොලිසිය විසින් කටඋත්තර ලබා ගැනීමට පොලිස් භාරයේ රදවාතබාගෙන සිටින බවද පැවසේ. 

අදාල පිරිසෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසුව ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන ඇති ඇතැම් පුද්ගලයන් ඊයේ (05) මාතර ප්‍ර දේශයේ නොසිටි අය බවද,මේ අය අත්අඩංගුවට ගෙන ඇත්තේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ලේකම්වරයෙකු විසින් ලබාදුන් නම් ලයිස්තුවකට අනුව බවත් මංගල සමරවීර මහතාගේ ප්‍රකාශකයකු වන නීතීඥ දිනේෂ් දොඩංගොඩ මහතා පැවසීය.

චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගය මුම්බායි හා රාජස්ථාන් අතර අද

චැම්පියන්ස් ලීග් තරඟාවලියේ අවසන් මහා තරගය මුම්බායි ඉන්දියන්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර අද (06) නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතය. 

මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේ ඊයේ (05) පැවැති අවසන් පූර්ව තරගයේදී ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබෑගෝ පිල කඩුලු 6 කින් පරාජයට පත්කරමිනි. 

ඊයේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ටි‍්‍රනිඩෑඞ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 153 ක් රැස් කළේය. 

මුම්බායි කණ්ඩායම පන්දු වාර 19.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 157 ක් ලබා සිය ජයග‍්‍රහණය තහවුරු කරගත්තේය. 
ඞ්වේන් ස්මිත් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 59 ක් ලබාගැනීමට සමත් විය.

එජාප පෙළපාලිකරුවෝ වෙඩි තබා ගනිති

එජාප නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා අද ආරම්බ වූ පා ගමනේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ එම පක්‍ෂ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නිෂාන්ත පූෂ්පකුමාර මහතාට බරපතල තුවාල සිදු වී ඇති බව වාර්තා වේ. 

මෛතී‍්‍ර ගුණරත්න හා ශිරාල් ලක්තිලක යන පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු පාගමනට විරෝධය පාමින් සහ රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තවදුරටත් රැදිය යුතු බවට යෝජනා කරමින් එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද විරෝධතා දෙක නිසා මෙම ගැටුම ඇති වී තිබේ. 

රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පල කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු පාගමනේ ප‍්‍රධාන සංවිධායකයෙකු ලෙසද එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නිෂාන්ත පූෂ්පකුමාර මහතා කටයුතු කලේය. මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ පාගමන් දෙකම මාතරට පැමිණිමෙන් අනතුරුවයි. 

එජාප නායකත්වයෙන් ඉවත් වීමට දින 2 ක් ඉල්ලයි

තමන්ට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීම සදහා දින දෙකක් ලබා දෙන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා තිබේ.

ජාතික භික්ෂු පෙරමුණේ අනුශාෂක පුජ්‍ය ගිරිඹේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොල්ලුපිටිය පොල්වත්ත ධර්ම කීර්තියාරාම විහාරයේ දී පැවැති සාකච්ඡාවේ දී වික‍්‍රමසිංහ මහතා මේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

වහාම එජාපයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් කිසිදු විසදුමකින් එජාපයට සෙතක් අත් නොවන බව ගිරිඹේ ආනන්ද නාහිමියන් පැවසූ විට තමන්ට නායකත්වයෙන් ඉල්ලා අස්වීම සලකා බැලීම සදහා දින දෙකක් ලබා දෙන මෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ගිරාබේ ආනන්ද හිමියන් ප‍්‍රකාශ කලේ එක්සත් ජාතික පක්‍ෂය පුළුල් ප‍්‍රතිසන්ධානයකට ලක් කිරීමේ අවශ්‍යතාව පෙරටුකර ගනිමින් යෝජනා වූ නායකත්ව මණ්ඩලයකට විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟත්වය පළ කළ බවයි.

කරු ජයසූරිය සමග සටනක් දීමට ගෝඨාභය රාජපක්ෂ එයි

ඉදිරියේ පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස එජාප හිටපු නියෝජ්‍ය නායක දේශමාන්‍ය කරු ජයසූරිය මහතා ඉදිරිපත් වුවහොත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය අනාවරණය කරයි. 

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මහ ඇමති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමේ සූදානමක් කලින් පැවතිය ද රාජපක්ෂ පවුලේ ගැටුමක් හේතුවෙන් එම අදහස මේවනවිට අත්හැර දමා ඇතයි ද එම එම වෙබ් අඩවියේ සඳහන් වේ.

බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශයන් හි සන්ධානය දුර්වලව පැවතිය ද, කොළඹ නගර අංලකරණය තුලින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ලබා ගෙන ඇති ජනතා ආකර්ශණය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ තීරණයට එළඹ ඇති බව පවසන 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.  

ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකයා නාමල් රාජපක්ෂ

සෙරන්ඩිබ් කුසලාන රග්බි 2013 තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ජනපති වැඩිමහල් පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කොට තිබේ. 

මේ තරගාවලිය පිළිබදව දැනුවත් කිරීමට අද (03) කොළඹ ගලධාරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

නාමල් රාජපක්‍ෂ ශ‍්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි.

මෙම තුන්කොන් තරඟාවලිය ඔක්තෝබර් 26දා සිට නොවැම්බර් 01දා දක්වා ටොරින්ටන්හි නව රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

අදාල තරගාවලිය ශ්‍රී ලංකාව, පෝලන්තය හා මැඩගස්කර් යන රටවල සහභාගීත්වයෙන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. 

Gossip Lanka Hot News Previous News Archive