චන්න පෙරේරා සහ ගයාත්‍රි ඩයස් ගේ විවාහය දෙදරලලු.දික්කසාද උනත් මේ දෙන්නා එකම ගෙදරක වෙන වෙනමලු ජීවත් වෙන්නේ.මේ තමයි අපිට ලැබුන අලුත්ම ආරංචිය.එක එක්කෙනා කියන කතා අහන්නේ නැතුව මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න අපි කෙලින්ම චන්නටයි ගයාත්‍රිටයි කතා කලා.මේ තියෙන්නේ අපි ගයාත්‍රි එක්ක කරපු කතා බහ...
ප්‍රශ්නය -:
ගයාත්‍රි ඩයස් කියන්නේ ජනප්‍රිය නිළියක් විතරක් නෙමේ රූපලාවන්‍ය ශිල්පිනියක්නේ.ඔයාගේ මේ ජනප්‍රියත්වය නිසා ගොඩක් අය saloon එකට එනවා ඇති.ඒ හැමෝටම ඔබේ අතින්මද රූපලාවන්‍ය කටයුතු කරන්නේ?
ගයාත්‍රි -:
මනමාලියන් ඇන්දවීම නම් අනිවාර්යයෙන් කරන්නේ මං.ඒක මම වෙන කාටවත් දෙන්නේ නැහැ.මට හොඳ starf එකක් ඉන්නවා අවුරුදු 9ක් විතර පරණ.මාත් එක්කම හිටිය.ඒගොල්ලෝ තමයි saloon එක ඇතුලේ අනිත් දේවල් කරන්නේ.නමුත් hair cuts වලට එහෙම මට පුරුදු වෙච්ච අය ඉන්නවා.ඒවා අදටත් මංමයි කරන්නේ.මට වෙලාවක් ලැබුනම මං saloon එකේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම මං ඒ වැඩකටයුතු වලට සහභාගී වෙනවා.







