ලෝකයේ වෙනස්වීම්වලට අදාලව ශ‍්‍රී ලාංකිකයන්ද වෙනස් විය යුතු බැවින් මෙරට තුල කැසිනෝ ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසිද්ධ ධර්ම දේශකඋඩුවේ ධම්මිලෝක හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගෝකය හා එක්ව ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකිකයන්ට හුදෙකලා ගමනක නිරත විය නොහැකි බවයි. එබැවින් ශ‍්‍රී ලාංකිකයන්ට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරා කැසිනෝ රට තුල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද උන් වහන්සේ කීහ.
සංචාරකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීම තුලින් රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති.
‘ඇත්තටම ඔය කැසිනෝ සම්බන්ධ පනතවත් ඊට අදාල කරුණු කාරණා පිළිබඳවත් මම තාම නියවලා නෑ.
.jpg)





