බහ තෝරන කාලෙ ඉඳලම මම ආතල් එකේ ඉන්නෙ - මර්වින් සිල්වා

1.පාර්ලිමේන්තුව ඇතුළේ ආතල්ම එකේ ඉන්න ඇමැතිවරයා ඔබ කියලා කිව්වොත්...?
මෙහෙමයි පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් නෙවෙයි මම බහ තෝරන කාලේ ඉඳලාම ආතල් එකේ ඉන්නේ.

2.ඒත්... දැන් ඉස්සර තරම් ආතල් එකක් පේන්නේ නෑනේ ඇමැතිතුමා...?
එය අබමල් රේණුවක තරම්වත් වෙනස් වෙලා නැහැ. මැරෙන තුරා මම ඒක දිගටම පවත්වාගෙන යනවා.

3.ඒ කියන්නේ ආතල් එක නොකැඩී තියාගන්න මොකක් හරි රහස් පිළිවෙතත් අනුගමනය කරනවාද...?
මගේ ජීවිතේ කවදාවත් රහස් නැහැ. මම හැමදාමත් ආතල් එක තියාගෙන ඉන්නේ. ඒකට හේතුව තමයි මම හරියට බුදු දහමට ගරුකරනවා. ඒ වගේම ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් තිබෙනවා. ආගමක් ගැන අවබෝධයක් තියෙනවා නම් මේ විශ්වයේ ජීවත්වුණු මිනිස්සු ගැන අවබෝධයක් තියෙනවානම් කවදාවත් අපිට ආතල් එක නැතිවෙන්නේ නැහැ.

සජිත් ඉල්ලා අස්වේ නායකයා රනිල්මයි - කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන එම සඳහා පිහිටුවන ලද නායකත්ව මණ්ඩලයට එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. 

තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයේ තැබීමට සහ කරු ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් සහ සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, රවී කරුණානායක, මංගල සමරවීර, තලතා අතුකෝරාල, රුවන් විජේවර්ධන, කබීර් හෂීම් හා ලක්ෂමන් කිරිඇල්ල යන අයගේ සාමාජිකත්වයෙන් යුතු නායකත්ව මණ්ඩලයටද එහිදී අනුමැතිය ලැබී ඇත. 

මේ අතර මන්ත‍්‍රී සජිත් ප්‍රේමදාස මහතා එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. පේ‍්‍රමදාස මන්ත්‍රීවරයා පවසන්නේ මහා සංඝරත්නය සමග එකඟ වූ කරුණු ක්‍රියාත්මක වීමේ අඩුපාඩු අද රැස්වීමේදී පැවති බැවින් මහා සංඝරත්නයට ගරු කිරීමක් ලෙස තම නම ඉල්ලා අස් කර ගත් බවය.

සජිත්-කරු ඉවත් වෙති - මව්බිම පුවත්පත

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් භික්ෂු පෙරමුණේ නායක ස්වාමීන් වහන්සේ අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්ව ජ්‍යෙෂ්ඨ නායක ධුරය භාර නොගන්නේ නම් හෝ පක්ෂ නායකත්වය සතු සියලු බලතල කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් පත් කිරීමට යෝජිත නායකත්ව මණ්ඩලය වෙත ලබා නොදීමට කටයුතු කරන්නේ නම් එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය භාර නොගෙන ඉන් ඉවත්වීමට කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් තීන්දු කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් 'මහතාගේ මව්බිම' පුවත්පත පවසයි. 

කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මේ තීරණයට එළැඹ ඇත්තේ ඉකුත් සිකුරාදා (01 දා) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව බවද එම පුවත්පත කියා සිටියි. එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන්වේ. 

කැසිනෝ මේක බිලියන 400ක අති දැවැන්ත ව්‍යාපෘතියක් - සරත් අමුණුගම

2010 දී අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේදී ඊට පක්ෂව ජන්දය දුන් ආණ්ඩුවේ ඇතැමුන්, ඊට සංශෝධන ගෙන එනවිට එරෙහි වන්නේ ඇයි දැයි වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා ගෙන් විමසා තිබේ. 

"මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පනත මීට ඉස්සෙල්ලා ගෙනාවහම ඒකට ආණ්ඩුවේ හැමෝම අත ඉස්සුවා. කවුරුවත් ඒකට විරුද්ධ වුණේ නැහැ. දැන් මේ සංශෝධන ගේන එකට විරුද්ධ වෙන්නෙ ඇයි කියන එකත් මට ප්‍රශ්නයක්" යයි ඔහු එසේ ජනාධිපතිවරයා ගෙන් විමසා සිටියේ, පසුගිය දා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුයේ කැසිනෝ අර්බුදයයි. සාකච්ඡාව ආරම්භයේදී ලබන 15 වැනිදා ආරම්භ කිරීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධායක කටයුතු පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

සල්ලි දීලා එන්න ඇහුවත් රවීව ගන්නැ - රෝසි දයාසිරිට ඕනේ නම් මම ගන්නම් - ජනාධිපති මහින්ද

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සල්ලි දීලා එන්න ඇහුවත් ආණ්ඩුවට ගන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ. 

ඒම හතා මෙසේ පවසා ඇත්තේ පසුගියදා වැති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම නිමා වීමෙන් අනතුරුවය. සාකච්ජාව නිමාවී ජනාධිපතිවරයා හා දයාසිරි, මහින්දානන්ද ඇතුළු පිරිසක් කතාබහක නිරත වී සිටියදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු, බස්නාහිර, ඌව පළාත් සදහා මැතිවරණ පිළිබද මාතෘකාවද ඇදී ආවේය. 

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ බස්නාහිර, දකුණු සහ ඌවට ඉදිරිපත් කිරීම සදහා ජනප‍්‍රිය මහ ඇමති අපේක්ෂකයන් තිදෙනෙකු සොයමින් තමන් මේ දින වල සිටින බවකි. එවිට දයාසිරි මේ වන විට දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පැතිර යන එක්තරා කටකතාවක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවූයේය. 

රෝහිත් ෂර්මාගෙන් ද්විත්ව ශතකයක්

ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද (2 වැනිදා) පැවැත්වෙන හත්වැනි එක්දින සීමිත ඕවර තරගයේදී පන්දු 156 කින් ද්විත්ව ශතකයක් ලබාගත් රෝහිත් ෂර්මා එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් තුන්වැනි පිතිකරුවා බවට පත්විය. 

මෙම පිතිකරුවෝ තිදෙනාම ඉන්දීය කී‍්‍රඩකයෝ වෙති. බැංගලෝරයේ චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී සිය ඉනිමට හයේ පහර 16 ක් ඇතුළත් කළ රෝහිත් ෂර්මා එක්දින තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ කී‍්‍රඩකයා ලෙස ලෝක වාර්තා පොතට ඇතුළත් විය. 

රෝහිත් ෂර්මාගේ මෙම ප‍්‍රවේගකාරී ඉනිම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 383 ක් ලබාගත්තේය. පන්දු 114 කදී සිය ශතකය පසුකළ රෝහිත් ෂර්මා, ඉතිරි ලකුණු 100 සඳහා වැය කළේ පන්දු 42 ක් පමණි. 

රෝහිත් ලකුණු 120 ක් ලබා සිටියදී උඩපන්දුවක් දුන්නද හතරේ සීමාව ආසන්නයේම පන්දු රකිමින් සිටි මෝසස් හෙන්රිකස්ගේ ඇගිළි අතරින් ඇදී ගිය පන්දුව හතරේ සීමාවෙන් එපිට පතිත වීම නිසා රෝහිත්ට ලකුණු 6 ක් හිමිවිය. 

කැසිනෝ සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැ - උඩුවේ ධම්මිලෝක හිමියෝ

ලෝකයේ වෙනස්වීම්වලට අදාලව ශ‍්‍රී ලාංකිකයන්ද වෙනස් විය යුතු බැවින් මෙරට තුල කැසිනෝ ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසිද්ධ ධර්ම දේශකඋඩුවේ ධම්මිලෝක හිමියෝ පවසති. 

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගෝකය හා එක්ව ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකිකයන්ට හුදෙකලා ගමනක නිරත විය නොහැකි බවයි. එබැවින් ශ‍්‍රී ලාංකිකයන්ට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරා කැසිනෝ රට තුල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද උන් වහන්සේ කීහ.

සංචාරකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීම තුලින් රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති. ‘ඇත්තටම ඔය කැසිනෝ සම්බන්ධ පනතවත් ඊට අදාල කරුණු කාරණා පිළිබඳවත් මම තාම නියවලා නෑ. 

CHOGM චාල්ස් කුමරුට නැරඹීම සඳහා සුසාන භූමිය එළි පෙහෙලි කෙරේ

ලබන සතියේ කොළඹදී ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එන බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරුට නැරඹීම සඳහා මහනුවර ගැරිසන් සුසාන භූමිය එළි පෙහෙලි කෙරෙමින් තිබේ. 

මෙම සොහොන ගැරිසන් සුසාන භූමිය වශයෙන් හැඳින්වෙන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාව පිහිටි බිමට මදක් ඉහලින් පිහිටා ඇති මෙහි යටත් විජිත යුගයේ දී මියගිය ඉංග‍්‍රීසි ජාතිකයන්ගේ සොහොන් කොත් තිබේ.

ඉංග‍්‍රිසි ජාතික ප‍්‍රභූවරුන් වැවිලි කටයුතු සදහා පැමිණි ඉංග‍්‍රීසි ජාතිකයන් වසූරිය හා මැලේරියාව හේතුවෙන් විශාල වශයෙන් මියගොස් ඇති අතර ඔවුන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ සොහොන් කොත් ද සියයකට ආසන්න ප‍්‍රමාණයක් ද මේ අතර වේ. 

Gossip Lanka Hot News Previous News Archive