බස්නාහිර, ඌව හා දකුණු පළාත් සභා මැතිවරණ කල් තබා, ලබන වසරේ (2014) සිංහල - හින්දු අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යෝමුව ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොදු රජය මණ්ඩලය රාජ්‍ය නායකයින්ගේ සංවිධානයේ සභාපතිත්වය හිමිවීමෙන් ලැබෙන ජාතික හා ජාත්‍යන්තර කිර්තියත්, විපක්ෂයේ පවතින අසමගියත් වාසියක් පත්කර ගනිමින් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම වඩාත් වාසිදායක බව ජනාධිපති උපදේශකයින්ගේ මතයවී ඇත.
ලබන වසරේ මැද සිට ඇතිවිය හැකි බරපතල ආර්ථික අර්බුදයත්, කල් ගතවිමේදී විපක්ෂයෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත්වීමේ අවධානමත් මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ ඇති මුලික හේතුන් බව වාර්තාවේ.
එසේම, ලබන වසරේ මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේදී කොතෙක් අයහපත් කොන්දේසි පැනවුවත්, ශ්‍රී ලංකාවේ ජනතාව සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග බව පෙන්වීමට, එය පැවැත්වෙන කාල වකවානුවේම ජනාධිපතිවාරණයක් පැවැත්වීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයාගේ මානව හිමිකම් උපදේශකයින් ද අවධාරණය කර ඇතයි පැවසේ.






