ලබන වසරේ මාර්තු ජනාධිපතිවරණයක්

බස්නාහිර, ඌව හා දකුණු පළාත් සභා මැතිවරණ කල් තබා, ලබන වසරේ (2014) සිංහල - හින්දු අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යෝමුව ඇතැයි වාර්තාවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොදු රජය මණ්ඩලය රාජ්‍ය නායකයින්ගේ සංවිධානයේ සභාපතිත්වය හිමිවීමෙන් ලැබෙන ජාතික හා ජාත්‍යන්තර කිර්තියත්, විපක්ෂයේ පවතින අසමගියත් වාසියක් පත්කර ගනිමින් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම වඩාත් වාසිදායක බව ජනාධිපති උපදේශකයින්ගේ මතයවී ඇත.

ලබන වසරේ මැද සිට ඇතිවිය හැකි බරපතල ආර්ථික අර්බුදයත්, කල් ගතවිමේදී විපක්ෂයෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත්වීමේ අවධානමත් මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ ඇති මුලික හේතුන් බව වාර්තාවේ.

එසේම, ලබන වසරේ මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේදී කොතෙක් අයහපත් කොන්දේසි පැනවුවත්, ශ්‍රී ලංකාවේ ජනතාව සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග බව පෙන්වීමට, එය පැවැත්වෙන කාල වකවානුවේම ජනාධිපතිවාරණයක් පැවැත්වීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයාගේ මානව හිමිකම් උපදේශකයින් ද අවධාරණය කර ඇතයි පැවසේ. 

තලතා අතුකොරාලත් නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වේ

එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන එ්මට යයි කියමින් පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන ලද නායකත්ව මණ්ඩලයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී තලතා අතුකොරාල මහත්මිය ඉල්ලා අස් වී තිබේ. 

ඇය පවසන්නේ මෙම මණ්ඩලය සඳහා පුද්ගලයන් පත් කිරීමේදී සිදු වූ අඩු පාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මන්ත‍්‍රී සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ රාත‍්‍රියේම එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මහා සංඝරත්නය සමග එකඟ වූ කරුණු ක්‍රියාත්මක වීමේ අඩුපාඩු පැවති බැවින් තමන් තනතුර බාර නොගන්නා බවයි. 

මේ අතර එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උවමනායක් මත රුවන් විජේවර්ධන මහතා මෙම නායකත්ව මණ්ඩලයට පත් කර ඇති බවයි. 

බහ තෝරන කාලෙ ඉඳලම මම ආතල් එකේ ඉන්නෙ - මර්වින් සිල්වා

1.පාර්ලිමේන්තුව ඇතුළේ ආතල්ම එකේ ඉන්න ඇමැතිවරයා ඔබ කියලා කිව්වොත්...?
මෙහෙමයි පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් නෙවෙයි මම බහ තෝරන කාලේ ඉඳලාම ආතල් එකේ ඉන්නේ.

2.ඒත්... දැන් ඉස්සර තරම් ආතල් එකක් පේන්නේ නෑනේ ඇමැතිතුමා...?
එය අබමල් රේණුවක තරම්වත් වෙනස් වෙලා නැහැ. මැරෙන තුරා මම ඒක දිගටම පවත්වාගෙන යනවා.

3.ඒ කියන්නේ ආතල් එක නොකැඩී තියාගන්න මොකක් හරි රහස් පිළිවෙතත් අනුගමනය කරනවාද...?
මගේ ජීවිතේ කවදාවත් රහස් නැහැ. මම හැමදාමත් ආතල් එක තියාගෙන ඉන්නේ. ඒකට හේතුව තමයි මම හරියට බුදු දහමට ගරුකරනවා. ඒ වගේම ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් තිබෙනවා. ආගමක් ගැන අවබෝධයක් තියෙනවා නම් මේ විශ්වයේ ජීවත්වුණු මිනිස්සු ගැන අවබෝධයක් තියෙනවානම් කවදාවත් අපිට ආතල් එක නැතිවෙන්නේ නැහැ.

සජිත් ඉල්ලා අස්වේ නායකයා රනිල්මයි - කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන එම සඳහා පිහිටුවන ලද නායකත්ව මණ්ඩලයට එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. 

තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයේ තැබීමට සහ කරු ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් සහ සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, රවී කරුණානායක, මංගල සමරවීර, තලතා අතුකෝරාල, රුවන් විජේවර්ධන, කබීර් හෂීම් හා ලක්ෂමන් කිරිඇල්ල යන අයගේ සාමාජිකත්වයෙන් යුතු නායකත්ව මණ්ඩලයටද එහිදී අනුමැතිය ලැබී ඇත. 

මේ අතර මන්ත‍්‍රී සජිත් ප්‍රේමදාස මහතා එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. පේ‍්‍රමදාස මන්ත්‍රීවරයා පවසන්නේ මහා සංඝරත්නය සමග එකඟ වූ කරුණු ක්‍රියාත්මක වීමේ අඩුපාඩු අද රැස්වීමේදී පැවති බැවින් මහා සංඝරත්නයට ගරු කිරීමක් ලෙස තම නම ඉල්ලා අස් කර ගත් බවය.

සජිත්-කරු ඉවත් වෙති - මව්බිම පුවත්පත

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් භික්ෂු පෙරමුණේ නායක ස්වාමීන් වහන්සේ අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්ව ජ්‍යෙෂ්ඨ නායක ධුරය භාර නොගන්නේ නම් හෝ පක්ෂ නායකත්වය සතු සියලු බලතල කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් පත් කිරීමට යෝජිත නායකත්ව මණ්ඩලය වෙත ලබා නොදීමට කටයුතු කරන්නේ නම් එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය භාර නොගෙන ඉන් ඉවත්වීමට කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් තීන්දු කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් 'මහතාගේ මව්බිම' පුවත්පත පවසයි. 

කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මේ තීරණයට එළැඹ ඇත්තේ ඉකුත් සිකුරාදා (01 දා) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව බවද එම පුවත්පත කියා සිටියි. එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන්වේ. 

කැසිනෝ මේක බිලියන 400ක අති දැවැන්ත ව්‍යාපෘතියක් - සරත් අමුණුගම

2010 දී අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේදී ඊට පක්ෂව ජන්දය දුන් ආණ්ඩුවේ ඇතැමුන්, ඊට සංශෝධන ගෙන එනවිට එරෙහි වන්නේ ඇයි දැයි වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා ගෙන් විමසා තිබේ. 

"මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පනත මීට ඉස්සෙල්ලා ගෙනාවහම ඒකට ආණ්ඩුවේ හැමෝම අත ඉස්සුවා. කවුරුවත් ඒකට විරුද්ධ වුණේ නැහැ. දැන් මේ සංශෝධන ගේන එකට විරුද්ධ වෙන්නෙ ඇයි කියන එකත් මට ප්‍රශ්නයක්" යයි ඔහු එසේ ජනාධිපතිවරයා ගෙන් විමසා සිටියේ, පසුගිය දා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුයේ කැසිනෝ අර්බුදයයි. සාකච්ඡාව ආරම්භයේදී ලබන 15 වැනිදා ආරම්භ කිරීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධායක කටයුතු පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

සල්ලි දීලා එන්න ඇහුවත් රවීව ගන්නැ - රෝසි දයාසිරිට ඕනේ නම් මම ගන්නම් - ජනාධිපති මහින්ද

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සල්ලි දීලා එන්න ඇහුවත් ආණ්ඩුවට ගන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ. 

ඒම හතා මෙසේ පවසා ඇත්තේ පසුගියදා වැති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම නිමා වීමෙන් අනතුරුවය. සාකච්ජාව නිමාවී ජනාධිපතිවරයා හා දයාසිරි, මහින්දානන්ද ඇතුළු පිරිසක් කතාබහක නිරත වී සිටියදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු, බස්නාහිර, ඌව පළාත් සදහා මැතිවරණ පිළිබද මාතෘකාවද ඇදී ආවේය. 

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ බස්නාහිර, දකුණු සහ ඌවට ඉදිරිපත් කිරීම සදහා ජනප‍්‍රිය මහ ඇමති අපේක්ෂකයන් තිදෙනෙකු සොයමින් තමන් මේ දින වල සිටින බවකි. එවිට දයාසිරි මේ වන විට දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පැතිර යන එක්තරා කටකතාවක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවූයේය. 

රෝහිත් ෂර්මාගෙන් ද්විත්ව ශතකයක්

ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද (2 වැනිදා) පැවැත්වෙන හත්වැනි එක්දින සීමිත ඕවර තරගයේදී පන්දු 156 කින් ද්විත්ව ශතකයක් ලබාගත් රෝහිත් ෂර්මා එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් තුන්වැනි පිතිකරුවා බවට පත්විය. 

මෙම පිතිකරුවෝ තිදෙනාම ඉන්දීය කී‍්‍රඩකයෝ වෙති. බැංගලෝරයේ චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී සිය ඉනිමට හයේ පහර 16 ක් ඇතුළත් කළ රෝහිත් ෂර්මා එක්දින තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ කී‍්‍රඩකයා ලෙස ලෝක වාර්තා පොතට ඇතුළත් විය. 

රෝහිත් ෂර්මාගේ මෙම ප‍්‍රවේගකාරී ඉනිම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 383 ක් ලබාගත්තේය. පන්දු 114 කදී සිය ශතකය පසුකළ රෝහිත් ෂර්මා, ඉතිරි ලකුණු 100 සඳහා වැය කළේ පන්දු 42 ක් පමණි. 

රෝහිත් ලකුණු 120 ක් ලබා සිටියදී උඩපන්දුවක් දුන්නද හතරේ සීමාව ආසන්නයේම පන්දු රකිමින් සිටි මෝසස් හෙන්රිකස්ගේ ඇගිළි අතරින් ඇදී ගිය පන්දුව හතරේ සීමාවෙන් එපිට පතිත වීම නිසා රෝහිත්ට ලකුණු 6 ක් හිමිවිය. 

Gossip Lanka Hot News Previous News Archive