ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට අගමැති මන්මෝහන් සිං තීන්දු කළේ, තමිල්නාඩුවේ මහ ඇමතිනිය, විපක්ෂනායකවරයා සහ ප්‍රාන්තයේ කොන්ග්රස් පක්ෂ නායකත්වය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව බව ඉන්දීය ආණ්ඩුව ප්‍රකාශ කරයි.
ඉන්දීය අගමැති කාර්යාලයේ අමාත්‍ය වී නාරායනස්වාමි ඒ බව කියා සිටියේ, බීබීසී දෙමළ සේවයේ පී සිවරාමක්‍රිෂ්ණන් සමඟ අදහස් දක්වමින්. 2009 වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද 'ජන සංහාරය' තමිල්නාඩුවේ ජන හදවත් තුල තවමත් කැකෑරෙමින් තිබෙන බව පවසන අමාත්‍යවරයා, ඒ අතරවාරයේම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉන්දියාවට දුන් පොරොන්දු කිහිපයක්ම ඉටු කිරීමට අපොහොසත් වී තිබෙන බවත් බීබීසී ය කළ විමසීමේදී කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නායක සමුළුවට සහභාගි නොවීමට අගමැති මන්මෝහන් සිං ගත් තීරණය කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දෙන ලදැයි ඉන්දීය විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සයියද් අක්බරුද්දීන් ප්‍රකාශ කළේය.