CHOGM වර්ජනය තමිල්නාඩුවේ ඉල්ලීම නිසා - ඉන්දීය ඇමති වී නාරායනස්වාමි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට අගමැති මන්මෝහන් සිං තීන්දු කළේ, තමිල්නාඩුවේ මහ ඇමතිනිය, විපක්ෂනායකවරයා සහ ප්‍රාන්තයේ කොන්ග්‍රස් පක්ෂ නායකත්වය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව බව ඉන්දීය ආණ්ඩුව ප්‍රකාශ කරයි. 

ඉන්දීය අගමැති කාර්යාලයේ අමාත්‍ය වී නාරායනස්වාමි ඒ බව කියා සිටියේ, බීබීසී දෙමළ සේවයේ පී සිවරාමක්‍රිෂ්ණන් සමඟ අදහස් දක්වමින්. 2009 වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද 'ජන සංහාරය' තමිල්නාඩුවේ ජන හදවත් තුල තවමත් කැකෑරෙමින් තිබෙන බව පවසන අමාත්‍යවරයා, ඒ අතරවාරයේම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉන්දියාවට දුන් පොරොන්දු කිහිපයක්ම ඉටු කිරීමට අපොහොසත් වී තිබෙන බවත් බීබීසී ය කළ විමසීමේදී කියා සිටියේය. 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නායක සමුළුවට සහභාගි නොවීමට අගමැති මන්මෝහන් සිං ගත් තීරණය කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දෙන ලදැයි ඉන්දීය විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සයියද් අක්බරුද්දීන් ප්‍රකාශ කළේය. 

පෘථිවියට කඩා වැටෙන චන්ද්‍රිකාවක්

කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරැති යුරෝපීය චන්ද්‍රිකාවක් ඉදිරි පැය විසි හතර ඇතුළත පෘථිවියට කඩා වැටීමට නියමිත බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි. 

පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමේදී චන්ද්‍රිකාවේ බොහෝ කොටස් දැවී අළු වී යනු ඇති නමුත් කිලෝ ග්‍රෑම් දෙසීයක් පමණ බරැති කොටස් කිහිපයක් පොළොවට පතිත වනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. 

මෙම සුන් බුන් පෘථිවියේ කුමන ප්‍රදේශයකට පතිත වේ ද යන්න තවමත් සනාථ වී නැත. 

මෙම චන්ද්‍රිකාව වසර 2009 දී අභ්‍යවකාශ ගත කර ඇති අතර අපේක්ෂිත කාලයට වඩා දෙගුණයක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටියාය. චන්ද්‍රිකාව සතු ඉන්ධන සියල්ල මේ වන විට දැවී හමාර වී ඇති බවයි වාර්තා වන්නේ.

CHOGM වර්ජනය කරන ඉන්දීය අගමැති

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මතු වී තිබෙන ආන්දෝලනය හමුවේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව වර්ජනය කිරීමට ඉන්දීය අගමැතිවරයා තීරණය කොට ඇති බව බලධාරීහු පවසති. 

විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් මහතා, තමන් නියෝජනය කරමින් සමුළුවට සහභාගි වන බව අගමැති මන්මෝහන් සිං දැනටමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බව, ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි. අගමැතිවරයාගේ තීන්දුව නිළ වශයෙන් සඳුදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

මන්මෝහන් සිං ගේ තීරණය සනාථ කෙරුණහොත්, කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්ගෙන් අනතුරුව සමුළුව වර්ජනය කරන බව නිවේදනය කළ දෙවැනි රාජ්‍ය නායකයා ඔහුය. 

මගේ බලාපොරොත්තුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමයි - අනර්කලී

කොහොමද අනර්කලී මොනවද තොරතුරු?
හොඳින් ඉන්නවා. වැඩ කීපයකම යෙදිල ඉන්නවා. සංජය නිර්මාල්ගේ ‘ජූලි 7 යි’ චිත්‍රපටයේ රූපගත කිරීම් වලට සහභාගි වෙනවා. ප්‍රධාන වශයෙන් ම ‘දෙරණCity of dance’ වැඩසටහනට පසුගිය දිනවල සහභාගි වුණා. ඒ ‍වගේ ම දේශපාලන කටයුතුවලත් මගේ ව්‍යාපාරික කටයුතු වලත් යෙදිල ඉන්නවා.


“දෙරණ City of dance’ වැඩසටහනේ ඔ‍බේ නිවේදන කටයුතු වලට ලැබුණු ප්‍රතිචාර කො‍ෙහාමද?
මම කිසියම් වැඩක් බාරගන්නේ ඒ වැඩේට මම ආදරයක් ඇති වුණොත් පමණයි. ඒ වගේ ම ඒ වැඩේ හොඳින් කරගෙන යන්න මට ලැබෙයි කියලා හිතුණොත් දැනුණොත් පමණයි. නර්තනයටත් සංගීතයටත් ඉතා ම ආදරය කරන මම දෙරණ City of dance වැනි වැඩසටහනකට දායක වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා‍. මේ වැඩසටහන අපේ යොවුන් පරපුරට හොඳ ආදර්ශයක් මඟ පෙන්වීමක් ලබාදෙන වැඩසටහනක්. 

මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර අනුව මට පැහැදිලි වෙනවා මේ වැඩසටහන සමාජයේ කොතරම් ජනප්‍රිය ද කියලා.
අපේ රටේ යොවුන් කලාකරුවන්ගේ කලා කාරිනියන්ගේ නර්තන හැකියාවන් මතු කරගන්න අවස්ථාවක් තිබුණේ නෑ. ‘දෙරණ City of dance’ වැඩසටහනෙන් ඒ අවස්ථාව ලැබුණා. මෙයින් තමයි ප්‍රේක්ෂකයින්ට දැනගන්න ලැබුණේ අපේ ර‍ෙට් ඉන්න තරුණ කලාකරුවන්ට හොඳට නටන්න පුළුවන් කියලා.

ප්‍රථම වරට ලේඩි ගාගාගේ හෙළුව අභ්‍යවකාශයේදී

ඉතිහාසයේ ප්‍රථම වරට අභ්‍යාවකාශයේදී ප්‍රසංගයක් පැවැත්වීමට සුප්‍රසිද්ධ ගායිකා ලේඩි ගගා සූදානමින් සිටී. ධනවතුන් සඳහා මුදල් ගෙවා අභ්‍යාවකාශ චාරිකා ලබාදෙන Virgin Galactic යානයකින් 2015දී අභ්‍යාවකාශගත වීමට බලාපොරොත්තු වන ඈ ඒ සඳහා ගුරුත්වාකර්ශනයෙන් තොර ස්ථානයක ස්වර පවත්වාගන්නා අයුරු මාසයක පුහුණුවීම කටයුතු කිරීමට නියමිතය. 

ලබන වසරේදී ආරම්හ කිරීමට නියමිත Virgin Galactic programme යටතේ මේ වනවිටත් ජස්ටින් බීබර් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් අභ්‍යාවකාශගතවීමට තම ආසන වෙන්කර ගෙන ඇත. 

ඒ සඳහා එක් පුද්ගලයෙකු ගෙන් අය කරන මුදල ඇ.ඩොලර් 250,000ක් වන අතර මඟීන් රැගත් යානය කිලෝමීටර් 65ක් ඉහල කක්ෂයකට ගමන් ගන්නා අතර අනතුරුව ලේඩි ගගා ගී ගයනු ඇත. 

Derana City Of Dance කිරුළ සජිතට - සුරාජ් මපා ත්‍යාගය ප්‍රත්ක්ෂේප කරයි

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සිව්වන අදියරේ තෙවැනි තැන දිනාගත් නර්තන ශිල්පියකු හා නළුවකු වන සුරාජ් මපා සිය ත්‍යාගය ප්‍රත්ක්ෂේප කර දෙරණටම දී ගොස් ඇතැයි වාර්තා වේ. 

එම තරගයේ කිරුළ නළුවකු වන ජැක්සන් ඇන්තනිගේ පුත් සජිත අනුත්තර හා ඔහුගේ සහයිකාවට ලබාදී ඇත්තේ දේශපාලන අධිකාරියෙන් ලැබුණු අණකට අනුව බවට මේවන විට කතාවක් පැතිර ගොස් තිබේ. 

සජිතට එම කිරුළ හිමිවීමත් සමග ඔහුගේ පියා වන ජැකා උමතුවෙන් මෙන් වේදිකාව මත නර්තනයේ යෙදෙන්නට පටන්ගත් බවද පැවසේ. 

කෙසේවවුද අදාල සම්මාන දිනා ගැනීමෙන් පසුව ජැකාට හා පුතාට එය සමරන්නට ඔවුන් සමග අවසන් තරගයේ තරග වැදුන කිසිවකු නොපැමිණි බවද වාර්තා වේ. 

ඔවුන් සියලුදෙනාම ඊයේ රාත්‍රියේ රොක්වී ඇත්තේ මෙහි තෙවැනි තැන හිමිවූ, නොඑසේනම් නිල නොවන ජයග්‍රාහකයා බව සිතන සුරාජ් මාපාගේ නිවසේ බවද පැවසේ. 

CHOGM අද සිට හම්බන්තොටදී

අද පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන තරුණ සමුළුව ආරම්භ කිරීමට නියමිතය. 

මෙම තරුණ සමුළුව නොවැම්බර් අද සිට ලබන 14 දින දක්වා පැවැත්වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ තරුණ වැඩසටහන ,පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හුවමාරු කවුන්සිලය, යොෟවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම්තුමන් ප‍්‍රමුඛ සංවිධාන කමිටුව විසින් තරුණ සමුළුව සංවිධානය කරනු ලබයි. 

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමිමේලනයට සමාන්තරව පැවැත්වෙන සමුළු තුන අතරින් මෙම තරුණ සමුළුවට ප‍්‍රධාන තැනක් හිමිවන අතර අනෙක් සමුළු දෙක වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුව හා පොදු රාජ්‍ය මණ්ඩලීය මහජන සමුළුවයි.

හිස බූ ගෑ හිටපු ඇමරිකානු ජනපති

ඇමරිකානු හිටපු ජනපති ජොර්ජ් එච්.ඩබ්. බුෂ් (ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පියා) දැන් 89 වන වියේ පසුවේ. ඔහුගේ නම නැවත කියැවුනේ ඔහු ජනපති වශයෙන් සේවය කළ වකවානුවේ ඔහුගේ කාර්ය මන්ඩල සාමාජිකයෙකු වශයෙන් සේවය කළ සමීප නිලධාරියෙකුගේ පුතෙකුට ලියුකේමියා රෝගය වැළඳී තිබීමෙන් ඒ වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියකට දායක වූ නිසයි.

මේ සඳහා මාධ්‍ය අවධානය දිනා ගැනීමට හිටපු ඇමරිකානු වයෝවෘද්ධ ජනපතිවරයා එම කාර්ය මණ්ඩල සගයින්ද සමග එක්ව හිස බූ ගා පිළිකා අරමුදල ගැන දැනුවත් කරන ප්‍රචාරක ව්‍යාපාරය අරඹා ඇත. පැට්‍රික්නමැති දෙහැවිරිදි මේ සිගිත්තා තමාට පෙනෙන්නේ තම පළමු දියනිය වූ රොබින් මෙන් යයි ඔහු පවසා තිබිණ.

Gossip Lanka Hot News Previous News Archive