බි‍්‍රතාන්‍ය කිරීටයේ පළමු උරුමක්කරු ඔහුය.එහෙත් ඔහුට බි‍්‍රතාන්‍යයේ ඔටුන්න තම හිස පැලද ගන්නට ඉඩ ලැබේදැයි සැක සහිතය. මේ වනවිට බි‍්‍රතාන්‍ය රජ පෙළපතේ ඔටුන්න වෙනුවෙන් වැඩිම කාලයක් බලා සිටීමේ වාර්තාවක් ද ඔහු නමින් ඇත.
ඔහු අන් කවරකුවත් නොව දෙවන එලිසබත් මහ රැජිණගේ දෙටු පුත් චාර්ල්ස් කුමරුය.අද 14 වැනිදා චාර්ල්ස් කුමරු ඔහුගේ ජීවිතයේ 65 වැනි වියට පා තබයි.ජනපි‍්‍රය චරිතයක් වුවද මේ වසර හැටපහ තුළ ඔහු ගැන නොදත් බොහෝ දේ අප‍්‍රකටව පැවතියේය. 65 වියට පා තබන මොහොතේ චාර්ල් කුමරු ගැන අප‍්‍රකට තොරතුරු 65ක් බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියේ පළ කර තිබුණි.
මේ ඒ අතරින් කිහිපයකි.
- ඔහුගේ සම්පූර්ණ නාමය චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරු,වේල්සයේ කුමරු, KG, KT, GCB, OM, AK, QSO, PC, ADC චෙස්ටර් අර්ල්වරයා, කෝන්වෝල් ආදිපාද රොදෙසෙ ආදාපාද, කැරික් අර්ල්වරයා, රෙන්ෆ‍්‍රිව්හි සාමිවරයා, අයිලෙස් වංශාධිපති සහ ස්කොට්ලන්තයේ කුමරු සහ මහා භාරකරු.







