CHOGM රාජ්‍ය නායකයන්ගේ අඩුවක් නැහැ – මහලේකම් ආචාර්ය කමලේෂ් ෂර්මා මහතා

ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පිළිබඳව වාද විවාද පැවතියද එම සමුළුවට රාජ්‍ය නායකයන්ගේ සහභාගිවීමේ අඩුවක් නැතැයි පොදුරාජ්‍ය මණ්ඩලීයේ මහලේකම් ආචාර්ය කමලේෂ් ෂර්මා මහතා සඳහන් කරයි. 

බී.බී.සී ප‍්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡවන් සඳහා එක්වෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම කරුණු දක්වා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ෂර්මා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය නායක සමුළුවට අමතරව සිදුවන තවත් වැඩසටහන් රැසක් කොළඹදී ක‍්‍රියාත්මක වන බවයි. 

මානව හිමිකම් පිරිහීම සහ යුද අපරාධ පිළිබඳව ශ‍්‍රි ලංකාවට එරෙහි චෝදනා විභාග කිරීමට ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට පැහැදිලි මතයක් නොමැති බව ද ඔහු එහීදී වැඩිදුරටත් සඳහන් කර ඇත. 

විරෝධතාකරුවන් කැලම් මැක්රේ හරවා එවයි - උතුරු ගමන අවලංගුයි

‘චැනල් 4’ මාධ්‍යවේදී කැලම් මැක්රේ උතුරු දුම්රියෙන් වවුනියාව බලා යමින් සිටියදී අනුරාධපුර දුම්රියපලේදී විරෝධතාරුවන් විසින් එහි ගමනට බාධාකරුමින් දුම්රිය පාරේ සිය විරෝධ දැක්වීය. භික්‍ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් ඊට එක්ව සිටියහ. 

මේ හේතුව මත කැලම් මැක්රේ සිය ගමන අවලංගු කර කොළඹ බලා ආපසු ඒමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විකල්ප මාර්ග ඔස්සේ උතුරට ගමන් කිරීම සඳහා පහසුකම් ලබාදීමට බලධාරීන් සූදානම් වුවද ඔහු ඊට කැමැත්තක් නොදැක්වීය. 

මේ අතර අද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොළඹල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුව විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා යළි පැමිණෙද්දී ආරක්ෂාව තර කර තිබියදී චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදීන් ඔහුට සමීප වූයේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

අද ලංකාවේදී උපන් දිනය සමරන බි‍්‍රතාන්‍යයේ චාර්ල්ස් කුමරු

බි‍්‍රතාන්‍ය කිරීටයේ පළමු උරුමක්කරු ඔහුය.එහෙත් ඔහුට බි‍්‍රතාන්‍යයේ ඔටුන්න තම හිස පැලද ගන්නට ඉඩ ලැබේදැයි සැක සහිතය. මේ වනවිට බි‍්‍රතාන්‍ය රජ පෙළපතේ ඔටුන්න වෙනුවෙන් වැඩිම කාලයක් බලා සිටීමේ වාර්තාවක් ද ඔහු නමින් ඇත. 

ඔහු අන් කවරකුවත් නොව දෙවන එලිසබත් මහ රැජිණගේ දෙටු පුත් චාර්ල්ස් කුමරුය.අද 14 වැනිදා චාර්ල්ස් කුමරු ඔහුගේ ජීවිතයේ 65 වැනි වියට පා තබයි.ජනපි‍්‍රය චරිතයක් වුවද මේ වසර හැටපහ තුළ ඔහු ගැන නොදත් බොහෝ දේ අප‍්‍රකටව පැවතියේය. 65 වියට පා තබන මොහොතේ චාර්ල් කුමරු ගැන අප‍්‍රකට තොරතුරු 65ක් බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියේ පළ කර තිබුණි. 

මේ ඒ අතරින් කිහිපයකි.
  • ඔහුගේ සම්පූර්ණ නාමය චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරු,වේල්සයේ කුමරු, KG, KT, GCB, OM, AK, QSO, PC, ADC චෙස්ටර් අර්ල්වරයා, කෝන්වෝල් ආදිපාද රොදෙසෙ ආදාපාද, කැරික් අර්ල්වරයා, රෙන්ෆ‍්‍රිව්හි සාමිවරයා, අයිලෙස් වංශාධිපති සහ ස්කොට්ලන්තයේ කුමරු සහ මහා භාරකරු.

මා සමඟ ප‍්‍රසිද්ද විවාදයකට එන්න Channel 4 මැක්‌රේට අභියෝග කරයි

ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන චැනල් 4 චිත්‍රපටය පිළිබඳව තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේට අභියෝග කරයි. 

තමා මැක්‌රේට ඇමරිකාවේදී අභියෝග කළ නමුත් ඔහු මග හැරියේ යෑයිද මේජර් ජෙනරාල්වරයා කියා සිටී. කැලම් මැක්‌රේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේ මේ විවාදය සුදුසු බවද හෙතෙම තවදුරටත් දක්‌වයි. 

මේ අතර යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ චැනල් 4 චිත්‍රපටය තිරගත කළ අවස්‌ථාවේ එහි ද්‍රවිඩ භාෂාවෙන් 
කරන ප්‍රකාශවලට දී ඇති ඉංග්‍රීසි පරිවර්තන මුළුමනින්ම 

වැරදි බව යුරෝපා ශ්‍රී ලංකා තානාපති ඒ හම්සා හෙළි කර ඇත.

නවසීලන්ත යොවුන් පිල ශ්‍රී ලංකාව පරදවයි

ශ්‍රී ලංකා -නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.
අයහපත් කාලගුණය හේතුවෙන් එක් පිලකට පන්දුවාර 23 බැගින් වු මේ තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව හිමිවු ලකුණු 198ක අසීරු ඉලක්කය පන්දුවාර 23කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 203ක් ලබාගනිමින් සපුරාලීමට නවසීලන්තයට හැකිවිය.

පන්දු 68කදී ලකුණු 86ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග‍්‍රාහණය කරා රැගෙනගිය ටොම් ලේතම්ට තරගයේ වීරයා සම්මානය හිමි විය.

නවසීලන්ත ඉනිමේ කඩුලු 4ක් ලකුණු 34 කට දවාගත් නුවන් කුලසේකර දක්ෂ පන්දුයැවීමක නිරතවුවද එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

තරගාවලියේ පළමු එක්දින තරගයද වර්ෂාව හෙතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

දෙරට අතර තෙවැනි හා අවසන් එක්දින තරගය 16දා පෙරවරු 9.45ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ඇමරිකාවෙන් නවීනතම ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව USS Gerald R. Ford

 ඇමරිකාව විසින් න්‍යෂ්ටික බලයෙන් පණගැන්වෙන නව කුලයක පළමු ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව බෞතීස්ම කර ඇතැයි වාර්තා වේ. යූ.එස්.එස් ජෙරාල්ඞ් ෆෝඞ් ලෙස නම් කර ඇති මෙම නෞකාව මෙතෙක් බිහිවූ ඉහළම තාක්ෂණික නිපැයුමක් ලෙස සැලකෙන අතර 2016දී ඇමරිකානු නෞකා බලඇණිය සමග එක්වීමට නියමිතය. 

වඑර 40ක් තුළ ඇමරිකාව විසින් නිර්මාණය කළ පළමු ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව මෙය වන අතර මෙතෙක් පැවති නිමිට්ස් කුලයේ නෞකා නිෂ්පාදනය කර ඇත්තේ 1972දීය. ෆෝඞ් නෞකාවන් 2057 දක්වා සේවය කරනු ඇතැ අපේක්ෂා කෙරේ. 

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවූ ජෙරාල්ඞ් ෆෝඞ්ගේ නමින් නම් කර ඇති මෙම සුපිරි නෞකාව සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම සඳහා වසර 12න් වැය වී ඇත. එය සේවයට වාර්තා කිරීම සමග යූ.එස්.එස් එන්ටර්ප‍්‍රයිස් නෞකාව විශ‍්‍රාම යනු ඇතැයි පැවසේ. 

CHOGM ව්‍යාපාරික සමුළුව අමතන ජෙම්ස් පැකර්

සුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර් මහතා, ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන එහි ව්‍යාපාරික සමුළුව අමතනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

කොළඹ කේන්ද්‍ර කොටගත් සිය ව්‍යාපාරික පුළුල් කිරීම් ගැන ඔහු විසින් සාමාජික රටවල් වෙත පැහැදිලි කරනු ඇතැයි එම වාර්තාවල දැක්වේ. 

මේ අතර, සංචාරක වීසා ලබාගෙන පැමිණි ජෙම්ස් පැකර් මහතාට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සමුළුවක් ආමන්ත්‍රණය කිරීමේදී, 

ඊයේ දිවයිනෙන් පිටුවහල් කල විදෙස් සෙනෙට් මන්ත්‍රීවරියන් දෙදෙනාට අදාළ වූ 'නීතිය' මෙහිදී අදාළ නොවන්නේදැයි අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, සංචාරක වීසා ලබාගෙන පැමිණියද ව්‍යාපාරික කටයුතු ගැන සාකච්ඡා කිරීමට එය බාධාවක් නොවන බවයි.

හයාන් කුණාටුවෙන් පිලිපීනයේ දහසක් බිලිගනි

පිලිපීනය හරහා හමා ගිය හයාන් (Haiyan) දරුණු කුණාටුවට ගොදුරු වීමෙන් දහසකට අධික පිරිසක් මරණයට ඇති බවට එරට බලධාරීහු විශ්වාස කරති. 

බේරා ගැනීමේ කටයුතු සඳහා පිලිපීන හමුදාව සහ සහන කණ්ඩායම් මහා පරිමාණයේ මෙහෙයුම් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

සහන සේවා සඳහා යුරෝපා හවුල ඩොලර් මිලියන හතරක් ලබා දී තිබේ.

 අවතැන් වුවන් සඳහා අවශ්‍ය පමණට ආහාර සහ ඖෂධ නොමැති තත්වයක් පවතින බවයි එහි සිටින බීබීසී වාර්තා කරු කියා සිටින්නේ.

Gossip Lanka Hot News Previous News Archive