යුද ගැටුම් අවසන් වීමෙන් පසු විශාල ප‍්‍රගතියක් - කැමරන්

ශ‍්‍රී ලංකාව යුද ගැටුම් අවසන් වීමෙන් පසු විශාල ප‍්‍රගතියක් අත්කර ගෙන ඇති බව තමන් උතුරේ කළ සංචාරයේදී දක්නට ලැබුණු බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි. 

ඔහු මෙසේ පැවසුවේ යාපනයේ සංචාරය කිරීමෙන් අනතුරුව කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප‍්‍රදර්ශන කේන්ද්‍රයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදියි. සමුළුව සංවිධාන කර ඇති ආකාරය පිළිබඳව තමා සතුටු වන බවද එහිදී කී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවැසුවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීමේ අදහස තමා නොපිළිගත් බවයි. 

උතුරු පළාත් සභාව සඳහා මැතිවරණ පැවැත්වීම සමගි සන්ධානය සඳහා ගනු ලැබූ අතිශය වැදගත් පියවරක් බවත් උතුරු පළාතේ හමුදාව රැඳී සිටීම සහ අලූතින් පත් වු පළාත් සභාවට බලතල පැවරීම වැනි ක්‍ෂෙත‍්‍රවල විසඳිය යුතුව ඇති ගැටළු පවතින බවද කැමරන් පැවසූ අවස්ථාවේ ඊට ප‍්‍රතිචාර දැක් වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ 

දුලීකා මාරපනට මංගල සීනූ Duleeka Marapana

ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන දුලීකා මාරපනව පහුගිය දවස්වල අපිට වැඩිය දකින්න ලැබුනේ නැ.ඒකට එක හේතුවක් තමයි දුලිකාගේ කට හඬ නැතිවුණුඑක.ඒ ගැනත් එක එක්කෙනා එක එක විදිහේ කතා කියනවා.ඊට අමතරව අපිට ඇය ගැන තවත් ආරංචියක් ලැබුනා.ඒකෙ හැටියට මේ වෙනකොට දුලීකා පෙම්වතියක්.ඉතින් මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න අපි අද දුලිකාට කතා කලා.

ප්‍රශ්නය -:

අපි දන්න විදිහට දුලීකා මාරපන කියන්නේ කොයි වෙලෙත් කියව කියව ඉන්න කෙනෙක්නේ.පහුගිය දවස්වල කොහොමද කට වහගෙන හිටියේ?

දුලීකා -:

අමාරුයි අමාරුයි...කොහොමටත් අමාරුයි.මොකද මගේ කට හින්දා තමයි මං මෙච්චර කාලයකුත් හිටියේ.ඉතින් කට මගේ නැතිවෙනවා කියන්නේ ටිකක් අමාරුයි.ඒත් ඉතින් කොහොමහරි උත්සාහ කරලා ඉන්නවා.මොකද අද දවසේ නිහඬ වෙලා හිටියොත් විතරයි මට හෙට කතා කරගන්න පුළුවන් වෙන්නේ.

චාල්ස් කුමරු 65 වන ජන්ම දින සැමරුම

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන්ගේ 65 වන ජන්ම දින සැමරුම ඊයේ (14) දිනට යෙදී තිබිණ. බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුගේ ඉන්දීය සංචාරයේ අවසන් දිනය සමඟ ඊයේට යෙදී තිබුණු ඔහුගේ 65වන උපන්දිනය සමඟ නිල වශයෙන් විශ්‍රාමිකයකු බවට පත්වන බව ප්‍රකාශ වි ඇත. 

අද ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා, සිය උපන් දිනය සමරන ඊයේ දිනයේ ඔහු මෙරටට පැමිණීම විශේෂත්වයකි. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදි උත්සවයක් පැවැත්විය. 

චාල්ස් කුමරුගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ද උපන් දින සාදයක් සංවිධානය කර තිබිණ. මහාචාර්ය ජී.එල්.පීරිස්, බැසිල් රාජපක්ෂ ඇමැතිවරුන් ද ශිරන්ති රාජපක්ෂ ආර්යාව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. 

සිරිකොතේදී ඤාණසාර හිමිට බැන පහර දීලා

එජාපයේ රටට සතුරු බෞද්ධ විරෝධි පිළිවෙත පිළිකුලින් හෙළා දකින බව ජතික හෙළ උරුමය පක්‍ෂය පවසයි.
එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
නිවේදනයේ මෙසේද දැක්වේ.


පොදුරාජ්‍ය සමුළුවට විකල්ප සමුළුවක් එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සමගි බලවේගයත් එකතුව සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී මේ වනවිට පැවැත්වෙමින් ඇත. මෙම සමුළුවට රටට සතුරුව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, ඊනියා සිවිල් සංවිධාන හා කොටි හිතවාදී ආවරණ පෙරමුණු එකතු වී ඇත. 

යුද අපරාධ චෝදනා මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරමින් මෙම දෙදින වැඩමුළුව හරහා ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කිරීමටත්, මානව හිමිකම් ක්‍ෂෙත‍්‍රයේ කොටු කිරීමටත් කටයුතු කරමින් ඇත. 

සිරිකොත අසල උණුසුම් තත්ත්වයක් උද්ගත වේ

එක්සත් ජාතික පක්‍ෂය රටට සතුරුකම් කරන බවටත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයට ගෙන්වා ගන්නා බවටත් චෝදනා කරමින් මේ වන විට එජාප සිරිකොත මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වේ. 

මේ හේතුවෙන් මූලස්ථානය ඇතුළත සිටින කිසිවෙකුටත් ඉන් පිටවිය නොහැකි තත්වයක් ඇති වී තිබෙන අතර සිරිකොත ඉදිරිපිටට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබේ. එහිදි සිරිකොත පක්ෂ මුලස්ථානයේ සිටි පිරිස සහ උද්ඝෝෂකයින් අතර ගැටුමක් හට ගෙන ඇත. 

සරාගී නිළි සනී ලියෝන් අනතුරක

සරාගී නිළි සනී ලියෝන් අනතුරකට මුහුණදුන් පුවතක් බොලිවුයෙන් වාර්තා වේ. ඇය රංගනයෙන් දායකවන අලූත්ම චිත‍්‍රපටය වන දේවන්ග් ඩෝල්කියාගේ ‘ටීනා ඇන්ඩි ලෝනො’ හි රූගන කිරීමක් අතුරතුරදී මෙසේ ඇය අනතුරකට මුහුණදී ඇත. 

කි‍්‍රයාදාම ලේබලය යටතේ තිරනිර්මාණය කෙරෙන මෙම ‘ටීනා ආන්ඩි ලෝලො’ චිත‍්‍රපටයේ සනී මෝටර් රථයක් උඩ සිදුකරන සටන් ජවනිකාවක් රූගන කරන අතරවාරයේදී මෙම අනතුරට ඇය මුහුණදී තිබෙන බව සඳහන් වේ. 

බොලිවුඩයෙන් වාර්තා වන අන්දමට මෙම අනතුරින් සනී ලියොන්ගේ දකුණු කකුල සහ වම් අතේ වැලමිට ඉහළ ප‍්‍රදේශය ආබාධයකට ලක්ව ඇත. කෙසේ වෙනත්, සනී පවසන්නේ තමාට සුළු විවේකයක් පමණක් අවශය බවත්, ඉතා ඉක්මනින් නැවතත් ‘ටීනා ඇන්ඩි ලෝලො’ චිත‍්‍රපටයෙ රූපගත කිරීම්වලට යොමුවීමට තමා අදහස් කරමින් සිටින බවත්ය.

CHOGM රාජ්‍ය නායකයන්ගේ අඩුවක් නැහැ – මහලේකම් ආචාර්ය කමලේෂ් ෂර්මා මහතා

ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පිළිබඳව වාද විවාද පැවතියද එම සමුළුවට රාජ්‍ය නායකයන්ගේ සහභාගිවීමේ අඩුවක් නැතැයි පොදුරාජ්‍ය මණ්ඩලීයේ මහලේකම් ආචාර්ය කමලේෂ් ෂර්මා මහතා සඳහන් කරයි. 

බී.බී.සී ප‍්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡවන් සඳහා එක්වෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම කරුණු දක්වා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ෂර්මා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය නායක සමුළුවට අමතරව සිදුවන තවත් වැඩසටහන් රැසක් කොළඹදී ක‍්‍රියාත්මක වන බවයි. 

මානව හිමිකම් පිරිහීම සහ යුද අපරාධ පිළිබඳව ශ‍්‍රි ලංකාවට එරෙහි චෝදනා විභාග කිරීමට ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට පැහැදිලි මතයක් නොමැති බව ද ඔහු එහීදී වැඩිදුරටත් සඳහන් කර ඇත. 

විරෝධතාකරුවන් කැලම් මැක්රේ හරවා එවයි - උතුරු ගමන අවලංගුයි

‘චැනල් 4’ මාධ්‍යවේදී කැලම් මැක්රේ උතුරු දුම්රියෙන් වවුනියාව බලා යමින් සිටියදී අනුරාධපුර දුම්රියපලේදී විරෝධතාරුවන් විසින් එහි ගමනට බාධාකරුමින් දුම්රිය පාරේ සිය විරෝධ දැක්වීය. භික්‍ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් ඊට එක්ව සිටියහ. 

මේ හේතුව මත කැලම් මැක්රේ සිය ගමන අවලංගු කර කොළඹ බලා ආපසු ඒමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විකල්ප මාර්ග ඔස්සේ උතුරට ගමන් කිරීම සඳහා පහසුකම් ලබාදීමට බලධාරීන් සූදානම් වුවද ඔහු ඊට කැමැත්තක් නොදැක්වීය. 

මේ අතර අද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොළඹල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුව විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා යළි පැමිණෙද්දී ආරක්ෂාව තර කර තිබියදී චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදීන් ඔහුට සමීප වූයේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Gossip Lanka Hot News Previous News Archive