රට වෙනුවෙන් යළිත් යුතුකම් ඉටුකල - Muttiah Muralitharan

ඔහු අපේ මුරලිය. ලොව සකලවිධ පිතිකරුවන් සිය පිට දඟ පන්දුවෙන් අල්ලා මෙල්ල කල මුත්තයියා මුරලිදරන්ය. ලොව වැඩිම කඩුළු සංඛ්‍යාවේ පහසුවෙන් බිඳිය නොහැකි වාර්තාවේ හිමිකරුද ඔහුය. ඔහු දෙමලෙකි. දෙමල ජාතිකයෙකි.

වරෙක ඔහු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ තමන් පළමුව ශ‍්‍රී ලාංකිකයෙකු බවත් දෙමළ ජාතිකයෙකු වන්නේ දෙවනුව බවත්ය. සිය දඟ පන්දුවෙන් සියළු ගෞරවයන් ශ‍්‍රී ලංකාවට කැන්දු මුරලි ඊයේ දිනයේ රට වෙනුවෙන් යළිත් මහත් යුතුකමක් ඉටුකර තිබේ.

වේලූපිල්ලේ පිරපාහරන්ගේ ඥාතිත්වයක් ඇතිදැයි සැක හිතෙන තරමට ඊළාම් අරමුණ වෙනුවෙන් ඇප කැප වී පෙනී සිටින බි‍්‍රතාන්‍ය චැනල් 4 නාලිකාව හා මුරලි අදහස් දැක්වීය. ඔහු කීවේ තමා උපන් දා සිට මේ රටේ ඉන්නා බවත් දින කිහිපයට ශ‍්‍රී ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය ඇගමැතිවරයා ශ‍්‍රී ලංකාව ගැන අදහස් පල කිරීම නිවැරදි නොවන බවත්ය.

කි‍්‍රකට් පිටියට සමුගත් සුපිරි ඉන්දීය පිතිකරු සචින් - Sachin Tendulkar era is end

සුපිරි ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර, වන්කඬේ ක‍්‍රීඩාංගනයේදී ඊයේ (16) සිය කි‍්‍රකට් දිවියෙන් සමුගත්තා. ඒ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාව ඉනිමක සහ ලකුණු 126 ක ජයග‍්‍රහණයක් අත්කර ගැනීමත් සමඟයි. වන්කඬේ ක‍්‍රීඩාංගනයට රැස්වූ දහස් සංඛ්‍යාත ක‍්‍රීඩාලෝලීන්ගෙන් තෙන්ඩුල්කාර් සමුගත්තේ කඳුලක් සලමින්. ජාත්‍යන්තර කි‍්‍රකට් ලකුණු 34,357 ක් රැස් කර ගෙන සිටින තෙන්ඩුල්කාර් ලොව ශතක සියයක් ලැබූ පළමු සහ එකම ක‍්‍රීඩකයායි.

සචින්ගේ ක්‍රිකට් දිවියේ විශේෂ වූ දිනයන්. 

  • 1973 - සචින් උපත ලබුවේ 1973 අප්‍රේල් 24 වැනිදාය
  • 1989 - වයස අවුරුදු 16 දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලැබීම
  • 1990 - සය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීම, එය වාර්තාකරනු ලැබුවේ එංගලන්ත්‍යට එරෙහිවය.
  • 1998 - මුම්බායිහිදී ඔස්ට්‍රේලියිවට එරෙහිව සිය මංගල දිවිත්ව ශතකය සටහන් කිරීම
  • 2005 - සුනිල් ගවස්කාර් තබා තිබූ වැඩිම ටෙස්ට් ශතක වාර්තාව පසුකර යාම
  • 2008 - ලොව වැඩිම ටෙස්ට් ලකුණු ගණනක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වෙමින් බ්‍රයන් ලාරා තබා තිබූ ටෙස්ට් ලකුණු 11,953 ක ලකුණු ප්‍රමාණය පසුකර යාම.
  • 2010 - ලොව ටෙස්ට් තරග වැඩිම ප්‍රමාණයකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා වීම
  • 2011 - ඉන්දීය පිල සමග ලෝක කුසලාක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට හවුල්වීම.

රඟපෑමෙන් විතරක් ජීවත්වෙන්න බැ.- Rohani Weerasinghe

රොහානි වීරසිංහ අපේ රටේ ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක්. මේ දිනවල හිරුටීවි තුළින් විකාශය වෙන හිරු තනිවෙලා ටෙලි නාට්‍යයේ මාලනීගේ චරිතය හරහා වැඩිපුර කතාබහට ලක්ව තිබෙනවා.

ඉතිං මොනවද අලුත් තොරතුරු :

මේ දවස්වල විකාශය වෙන හිරු තනිවෙලා මෙගා නාට්‍යයේ රඟපාන නිසා වැඩ ටිකක් වැඩියි. ඒක කොටස් 400ක ටෙලි නාට්‍යයක්. මේවෙනකොට කොටස් එකසික ගානක් විකාශය වෙලා ඉවරයි. සුජීව ප‍්‍රසන්නාරච්චිගේ නවකතාවක් තමයි නාට්‍යයට පාදක වෙලා තියෙන්නෙ. නවකතාව කියවපු පාඨකයන් විශේෂයෙන් මේ ටෙලිනාට්‍යයට ප‍්‍රතිචාර දක්වනවා. මම රඟන මාලිනිගේ චරිතය තරමක් සැර පරුෂ චරිතයක්. නමුත් මට ලැබෙන සුපුරුදු විදිහෙ චරිතයක් නිසා අමාරුවක් නැතුව කරගෙන යනවා.


ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් යමක් කියන්න :

අපි කොළඹ උනාට තාත්තා වතු පාලකවරයෙක් නිසා අපි පුංචි කාලෙම කුරුණෑගලට ගියා. මං ඉස්කෝලෙ ගියේ මලියදේව බාලිකාවට. අපි ලොකු උනාම ආයෙ කොළඹ ආවා. දැන් නම් තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ සහෝදරයා සහ සහෝදරියත් කොළඹ. මායි අම්මයි එකට ජීවත්වෙන්නෙ. ළඟදි මං පටන්ගත්තා රූපලාවන්‍ය ආලේපන ගෙන්වන පුංචි ව්‍යාපාරයක්. ඒ සදහා නිතර බැංකොක් යන්න වෙනවා. රඟපෑමෙන් විතරක් ජීවත්වෙන්න බැරිනිසා මොනවා හරි කරන්න ඕනෙ.

ශී‍්‍ර ලංකාව තරගාවලිය සමකරයි Sri Lanka Draw a Series With D/L Win

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (16 ) පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 36 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සම කළේය. මෙම ජයග්‍රහණයේ වාසිය අනුව අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ තවදුරටත් අංක 4 ස්ථානය රැදීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබිනි. 

මෙම තරඟ 3 ටම වර්ෂාවෙන් බාධා එල්ලවීම විශේෂ සිද්ධියක් විය. අද තරඟයටද වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අවස්ථා දෙකකදී පන්දු වාර සංඛ්‍යාව සීමා කිරීමට විනිසුරුවරුන්ට සිදු විය. එක් පිලකට පන්දු වාර 33 බැගින් හිමිවූ අතර මුලින්ම පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 33 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 211 ක් රැස් කිරීමට සමත් විය. 

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී 26 වන පන්දු වාරයේදී තරඟයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ වනවිට ඔවුන් කඩුලූ 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 126 කි. ඒ අනුව ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත මෙම තරඟයේ ජයග්‍රහණය තීරණය විය. 

ගයේෂා පෙරේරා සන්ධානයෙන් දේශපාලනයට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී, ජනප්‍රිය නිලියක් වන ගයේෂා පෙරේරා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ. 

'ගොසිප් ලංකා නිව්ස්' වෙබ් අඩවිය සමග පැවති සාකච්ජාවකදී ද දේශපාලනයට එක්වන බව ඇය අනාවරණය කර ඇත. වර්තමානයේ සිටින කාන්තා නියෝජිතයින් මෙන් බොරු දේශපාලනයක් කිරීමට තමා සුදානම් නොමැති බවත්, කොන්ද කෙලින් තියන නායකයෙක් සමග දුක්විඳින කාත්තාවන්ගේ අසිපත තමන් අතට ගන්න බවත් ගයේෂා පවසන්නීය. '' 

මම මේ රටේ නායකයාව ඉහමුදුනින් පිළිගන්න කෙනෙක්. කරල තියනවනම් කරල තියෙන්නේ ඔහු වෙනුවෙන් කරපු දේවල්. යුදහමුදාවේ වැඩසටහන් රණවිරු නිවස හදන වැඩසටහන් වෙනුවෙන් මම වේදිකාවේ නැගල කතා කරල තියනවා. මං ඒවගේ නිර්භීත නිළියක්. 

ශ‍්‍රී ලංකාවට පැමිණි 2014 මිස් ෆ‍්‍රාන්ස් සුරූපී යුවතියන් Miss France 2014 IN SRI LANKA

මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ කිරුළ සඳහා තරග වදින අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. 

මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත් මැරීන් ලෝෆෙලීන් මෙනවියද වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය. මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම් ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර ප‍්‍රංශයේ කලාප 33 කින් පැමිණි වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය. 

සිනමන් හෝටල් කාර්‍යමන්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‍යමණ්ඩලය විසින් ගුවන්තොටුපොළ සේද මාවතේදී මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය. මෙම සංචාරයේ ප‍්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද මෙරටට පැමිණියහ. 

මුරලි සමග ක්‍රිකට් ගෑසු කැමරන් අවශ්‍ය දෙයක් වෙතොත් කියන්න - ඩේවිඩ් කැමරන්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රි ලංකාවෙන් බිහිවූ සිපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමග අද (16) පෙරවරුවේදී කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් ක්‍රීඩාකර තිබේ. 

සී.සී.සී. ක්‍රීඩාංගනයේ ක්‍රීඩකයන්ගේ සැරසීමේ කාමරයෙන් ක්‍රීඩා ඇදුම් ලා ගත් කැමරන් මහතා එහි පිට්ටනියට ගොස් මුරලිගේ පන්දුවලට මුහුණදෙමින් පිත්ත හසුරවා ඇත. පසුව මුරලි සමග සුහද කතාබහකට එක් වූ ඔහු මුරලිගෙන් අවශ්‍ය දෙයක් වෙතොත් කියන්නැයි කියා තිබේ. 

මුරලි පෙරලා ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ කලක සිටු සිංහල හා දෙමළ ජනයා සාමකාමීව සිටි බවත්, යුද්ධය හේතුවෙන් ඊට යම් පලුද්දක් ඇතිවුද ඉන් පසුව තමා ජනපතිවරයා හමුවූ වස්ථාවලදී ඉල්ලා සිටියේ උතුරු නැගෙනහිර ජනයාට මෙන්ම වතකරයේ දෙමළ ජනයාටද නැගී සිටීමට උදව්කරන මෙන් යැයි ඔහු පවසා ඇත. 

CHOGM කොළඹ වරාය අසල මුහුද ගොඩකරමින් නගරයක් තනන්න චීනය හා ගිවිසුමක

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව කොළඹ වරාය අසල මුහුද ගොඩකරමින් නගරයක් නිර්මාණය කිරීමට අදාල ගිවිසිමකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය අත්සන් තබන බව වාර්තා වේ. මෙම ගිවිසුම චීන සමාගමක් වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම සමග අත්සන් කරන අතර එහි වටිනාකම ඩොලර් බිලියන 1.3 ක් බවද පැවසේ. 

මේ සමුළුව අතරතුර ශ්‍රී ලංකාව ආයෝජකයින් සමග ඩොලර් බිලියන 2.0 ක පමණ දේපොළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අත්සන් තැබීමට නියමිතව ඇති බවත් ඒ සඳහා බදු සහන ලබාදෙන බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා හෙළිකර තිබේ. මේ අනුව, ඩොලර් මිලියන 250 ක වියදමකින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තවත් චීන සමාගමක් වන AVIC International Engineering (Hong Kong) Ltd සහ Nice View Apartments of Hong Kong විසින් රජය සමග ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවද පැවසේ. 

මෙම ව්‍යාපෘතිය කොළඹ ආර්.ඒ.ද. මෙල් මාවතේ ඉඩමක සිදුකරන අතර එහි තට්ටු නිවාස 539 ක් ඇතුළු මිශ්‍ර සංවර්ධන පහසුකම් ගොඩ නැගීමට නියමිතය. ඊට අමතරව, කොළඹ ජේම්ස් පීරිස් මාවතේ ඩොලර් මිලියන 450 ක ආයෝජනයකින් සිදුකිරීමට යන ව්‍යාපෘතියක් සදහා ඕස්ට්‍රේලියාවේ Property Alliance Capital (Pte) Ltd සමග ගිවිසුමක් අත්සන් කෙරේ. 

Gossip Lanka Hot News Previous News Archive