පසුගිය දින ආරක්ෂක හිස් වැසුම් සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය තාවකාලිකව අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව නිකතු කළ නිවේදනකින් මේ බව සඳහන් කර තිබේ.
එම නිවේදනය පහත පරිදි වෙයි.
පසුගිය දිනක ආරක්ෂක හිස් වැසුම් සම්බන්ධ නීතිමය තත්වය පිළිබඳව මා විසින් පැහැදිලි කිරිමක් කල අතර 1991 ජනවාරි මස 11 වන දිනැති අංක 644/26 ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි වලට අදාලව ආරක්ෂක හිස් වැසුම් පැළඳිය යුතු බවටත්, එසේ නොවුනහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට සඳහන් කරන ලදී.
මෙම නීතිය නැවත ක්‍රියාත්මක කිරිමට හේතු වු ප්‍රධාන කාරණා පහත පරිදි වේ.
01. යතුරුපැදි වල ගමන් කරන පුද්ගලයින් වැඩි දෙනෙක් අනතුරු වලට ලක්වී හිස් කබල තුවාලවීමෙන් මියයෑම.
02. හිස් වැසුමේ ඉදිරිපස ඇති වයිසරය නිසා මාර්ගය නොපෙනි යෑමෙන් අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
03. සම්පූර්ණ මුහුණ වැසුණ ආරක්ෂක හිස්වැසුම් පැළඳ අපරාධකරුවන් තම අනන්‍යතාවය වසන් කරමින් අපරාධ කර පලායෑම.







