එල්ටීටීඊ මියගිය ත්‍රස්තයන් සැමරීමේ උළෙලක් ලන්ඩනයේ

බ්‍රිතාන්‍ය තුල ලොව බලගතුම ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ නායකයා ඇතුළු මියගිය ත්‍රස්තයන් සැමරීමේ උළෙලක් ලන්ඩන් නුවරදී පසුගියදා පවත්වා තිබේ.

කොටි ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයදා ඊනියා මහවිරු දිනය නමින් නම් කල දිනයේ මේ ත්‍රස්තවාදීන් සැමරුම සිදු කර තිබේ.මෙම කොටි ත්‍රස්ත සැමරුම ලන්ඩනයේ එක්සෙල් ශාලාවේදී පවත්වා තිබේ. 

ලන්ඩනය තුල වෙසෙන විසිරුණු දෙමළ ජනතාවගෙන් කොටසක් මේ සඳහා මූලිකත්වය ගෙන තිබිණ.එල්ටීටී ඊ ලාංචනය මෙන්ම ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3 ක් සහ මුහුදු සීමාවෙන් 2/3ක් ඇතුලත් කර කොටි සංවිධානය විසින් දෙමළ ඊළම නමින් නිර්මාණය කර තිබූ ශ්‍රී ලංකාවේ සිතියමක විශාල අනුරුවක්ද මියගිය ත්‍රස්තවාදී නායකයන්ගේ චායාරූපද මෙහිදී ප්‍රදර්ශනය කර තිබිණ. 

මම ලංකාවේ ජනාධිපති වෙනවා - සජිත් පේ‍්‍රමදාස

තමන් යන්නේ දිග ගමනක් බවත් ඒ ගමන නවතින්නේ ජනාධිපති පුටුවේ බවත් හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

පේ‍්‍රමදාස මහතා එසේ රන්න, දික්කුඹුර මංසන්ධියේදී ඉකුන් 19 වැනිදා සවස පැවති ජනහමුවක් අමතමිනි. පාසල් ළමයින් ඇතුළු කුඩා දරුවන් පිරිසක් අතරේ ටිකිරි ළමා ගිණුම් පාස්පොත් බෙදාදීම නිමිත්තෙන් මෙම ජනහමුව පැවැත්විණි. 

පේ‍්‍රමදාස මහතා මෙසේද කීය. ‘මගේ ගමන හුසේන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ නෙවෙයි. මම යන්නේ මැරතන් ගමනක්. 

ඒ මැරතන් ගමනට මාත් එක්ක එකතුවෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ තිබෙන්නේ එජාපය සහ ශී‍්‍රලනිපය කියන දේශපාලන පක්‍ෂ දෙක පමණයි. කවුරු හිටියත් නැතත් මේ සෝඩා බෝතලේ කැඩුවා වගේ බිහිවන පක්‍ෂ පවතින්නේ කෙටි කාලයයි. ඒප ක්‍ෂ පස්සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා. එදා රාජාලියාගේ පක්‍ෂයක් බිහිවුණා. 

කොළඹ බල්ලන් අනුරාධපුරයට යවයි

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් කොළඹ අලංකරණය කිරීමේ වැඩ සටහනට සමගාමීව කොළඹ නගරයේ නිදැල්සිටියදී අල්ලාගත් සුනඛයින් 219 දෙනෙකු අනුරාධපුරයට රැගෙන ගොස් නිදහස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. 

එම සුනඛයන්ගෙන් 138 දෙනෙක් බොරැල්ල මැගසින් පාරේ පිහිටි සුනඛ ඝාතකාගාරයේ රදවා ඇති අතර සෙසු සුනඛයින් 81 දෙනා දෙමටගොඩ පිහිටි මස් මඩුවේ රදවා ඇත. 

එම සුනඛයන්ව ඔවුන් සිටි ස්ථානවලට රැගෙන ගොස් නිදහස් කරන්නැයි බලකරමින් දෙමටගොඩ මස්මඩුව අසලට 22 වෙනිදා රැස්වූ සත්ත්ව අවිහිංසා සංවිධාන කිහිපයකම සාමාජිකාවන් පැය 03 ක් පුරාවට විරෝධතාවක් ද දක්වා තිබිණි. 

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ බිරිද අයිරාංගනී ද සිල්වා මහත්මිය ඊට නායකත්වය දී තිබීම විශේෂිතය. සත්ත්ව මිත‍්‍ර සංවිධානය, සත්ත්ව සුභ සාධන කාර්යාංශය, සත්ත්ව ආරක්‍ෂණ සංවිධානය යන සංවිධාන එම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිට ඇති අතර ඔවුන්ගේ එකම හඩ වී ඇත්තේ සිරකරගෙන සිටින සියළුම සුනඛයන් නිදහස්කරන ලෙසය. 

මට රසට උයන්න පුළුවන් Sheryl Romen Decker

ජනප්‍රිය නිළි ෂෙරිල් රොමේන් ඩෙකර්ව පහුගිය දවස්වල අපිට වැඩිය දකින්න ලැබුනේ නැනේ.ඒ අතරේදී ආරංචියකුත් ආවා ෂෙරිල් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා.

ඒ කතාවේ ඇත්ත නැත්ත නම් මීට ටික දවසකට කලින් හිරු ගොසිප් තුලින් අපි ඔබට හෙළි කලා.කොහොමවුනත් ෂෙරිල් මේ දවස්වල රඟපෑමට වඩා බිස්නස් වලටයි හිත යොමු කරලා තියෙන්නේ.කාලයක් තිස්සේ ඇගේ හිතේ තිබුණු ලොකු ආසාවක් තමයි saloon එකක් දාන එක.

මේ දවස් වල ශේරිල්ගේ saloon එක හදනවලු.හැබැයි ලබන අවුරුද්ද වෙද්දී ආපහු රඟපෑමට එනවා කියලයි ඇය කියන්නේ.මේ වෙද්දීත් ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා කරලලු තියෙන්නේ.මේ දේවල් කතා කරන අතරේදී මීට කලින් කාටවත්ම කියපු නැති කතාවකුත් ෂෙරිල් අපිත් එක්ක කිව්වා.

ප්‍රශ්නය -:
ෂෙරිල් ජනප්‍රිය වුනාට පස්සේ ගණන් උස්සනවද ?
ෂෙරිල් -:
මෙහෙමයි අපිට හරි ස්ටෑන්ඩ් එකක් අපි හදාගත්තානම් ඒකියන්නේ අපි නියමිත කරන ගානට වඩා වැඩ කරනවානම් ඒගොල්ලන්ගේ පැත්තෙනුත් අපිට සාධාරණයක් වෙන්න ඕනේ.

ශී‍්‍ර ලංකාව විස්සයි - 20 අංක එක රැකගනියි

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ අවසන් විස්සයි - 20 කි‍්‍රකට් තරගයෙන් නවසීලන්තය පරදවා කඩුලූ 8 ක අනගි ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. 

කුසල් ජනිත් පෙරේරා (57) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 59) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (21) පැවැති තරගයේ ජයග්‍රහණය ශ්‍රි ලංකාවට පහසු විය. ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම, පන්දු 13 ක් ඉතිරිව තිබියදී කඩුලූ 2 ක් දැවී ලකුණු 143 ක් ලබා ගනිමින් පන්දුවාර විස්සයි - 20 කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් හි අංක එක ස්ථානයේ තවදුරටත් රැදීමට මග පාදාගත්තේය. 

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 142 ක් ලබා ගත්තේය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ලූක් රොන්චි නොදැවී ලකුණු 34 ක් ලබා ගැනීමට සමත් විය. 

පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විස්සයි - 20 ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත් රමිත් රඹුක්වැල්ල එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලද මෙම තරඟයේ දී ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායම නියෝජනය කිරීමට මුල් වරට අවස්තාව ලද්දේය.

2014 T20 ලෝක කුසලාන ඔසවන අයුරු දුරින් සිට බලා ඉන්නවා - Graham Ford

වසර දෙකකට ඉතාම ආසන්න කාලයක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය හෙබවූ ග‍්‍රැහැම් ෆෝඞ් මහතා සිය කොන්ත‍්‍රාත් කාලය නිමා වීමට පෙර ශී‍්‍ර ලංකා භූමියතුළදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට ගුරුහරුකම් දෙන අවසන් තරගය හෙට (21 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. 

එය ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන විස්සයි/20 තරගයකි. කණ්ඩායම බාරගත් දිනයේ පටන්, මාස 23 ක පමණ කාලයක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි/20 කි‍්‍රකට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ තබාගැනීමට ගුරුහරුකම් දුන් ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසන්නේ තවත් දින 116 කින් ඇරඹෙන වි:20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වන්නට ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ අවස්ථාවක් තිබෙන බවයි. ”අපි සුභවාදී බලාපොරොත්තු තියාගෙන ඉඳිමු. 

මගේ අපේක්‍ෂාව මේ කොල්ලන් ලෝක කුසලානය ඔසවාගෙන එන ආකාරය දෙස දුරින් සිට බලා ඉඳින්නයි” යයි තව නොබෝ දිනකින් ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවත් යාමට සූදානමින් සිටින පුහුණුකරුවා පසුගියදා පල්ලෙකැළේදී පැවසීය. වසර දෙකක ගිවිසුම් කාලය ඉක්මයන හෙයින් ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවත්ව යාමට අදහස් කරන ග‍්‍රැහැම් ෆෝඞ් මහතා තවදුරටත් රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් මහත් පරිශ‍්‍රමයක යෙදුණ නමුත් ෆෝඞ් මහතාගේ තීරණය වූයේ තමන් ඉවත්ව යා යුතු බවයි. 

හෙල්මට් නීතිය තාවකාලිකව අත්හිටුවයි - Full Face Helmet


පසුගිය දින ආරක්ෂක හිස් වැසුම් සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය තාවකාලිකව අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව නිකතු කළ නිවේදනකින් මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනය පහත පරිදි වෙයි. 

පසුගිය දිනක ආරක්‍ෂක හිස් වැසුම් සම්බන්ධ නීතිමය තත්වය පිළිබඳව මා විසින් පැහැදිලි කිරිමක් කල අතර 1991 ජනවාරි මස 11 වන දිනැති අංක 644/26 ගැසට් පත‍්‍රයේ සඳහන් රෙගුලාසි වලට අදාලව ආරක්ෂක හිස් වැසුම් පැළඳිය යුතු බවටත්, එසේ නොවුනහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට සඳහන් කරන ලදී.

මෙම නීතිය නැවත ක‍්‍රියාත්මක කිරිමට හේතු වු ප‍්‍රධාන කාරණා පහත පරිදි වේ. 

01. යතුරුපැදි වල ගමන් කරන පුද්ගලයින් වැඩි දෙනෙක් අනතුරු වලට ලක්වී හිස් කබල තුවාලවීමෙන් මියයෑම‍.

02. හිස් වැසුමේ ඉදිරිපස ඇති වයිසරය නිසා මාර්ගය නොපෙනි යෑමෙන් අනතුරු වැඩිවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ.

03. සම්පූර්ණ මුහුණ වැසුණ ආරක්ෂක හිස්වැසුම් පැළඳ අපරාධකරුවන් තම අනන්‍යතාවය වසන් කරමින් අපරාධ කර පලායෑම.

T20 වල්ඩ් කප් එකට කණ්ඩායම හදන්න හදන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක Chandimal

බංගලාදේශයේ ලබන වසරේදී පැවැත්වෙන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට අවශ්‍ය කණ්ඩායම සැලසුම් කිරීමට නවසීලන්තයට ‍එරෙහිව පැවැත්වෙන තරගාවලිය උපකාරකරගැනීමට සැලසුම්කරන බව නායක දිනේශ් චන්දිමාල් අද මාධ්‍ය හමුවේ පැවසුවේය.

"වල්ඩ් කප් එකට තව තරග 6ක් වගේ සංඛ්‍යාවක් තියෙන්නෙ ඉතිංඅපි වැඩි වෙනස් කම් කරන්න කණ්ඩායමක් විදියට බලාපොරොත්තුවක් නැහැ. මම නායකයෙක් විදියට බලාපොරොත්තු වෙන්නෙ පුළුවං තරම් වල්ඩ් කප් එක කවුද සෙල්ලම් කරන කරන්නෙ එකොලහ කියල. 

මට එතන ප්ලේයර්ස්ල දෙන්නෙක් තුන්දෙනෙක් හදාගන්න තියෙනව."-දිනේශ් චන්දිමා මාධ්‍ය වෙත පැවසුවා. කෙසේ වෙතත් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සුලුකොට ගැනීමේ අදහසක් නැති බැවින් පළමු තරගය ජයගැනීමට හැකි සෑම උත්සාහයක්ම යොදන බවත් ඔහු පැවසුවේය.

"බලාපොරොත්තුවෙන් ඉන්නව අපේ හොද කණ්ඩායම පළමුවෙනි තරගයට යොමුකරල ඊට පස්සෙ අපේ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න." - චන්දිමාල් ඒ අනුව ‍යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වෙන පළමු තරගය ජයගතහොත් නවකයන් ලෙස කණ්ඩායමට එක්ව සිටින රමිත් රඹුක්වැල්ල හා සීක්කුගේ ප්‍රසන්නට දෙවැනි තරගයේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති. 

Gossip Lanka Hot News Previous News Archive