බ්‍රිතාන්‍ය තුල ලොව බලගතුම ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ නායකයා ඇතුළු මියගිය ත්රස්තයන් සැමරීමේ උළෙලක් ලන්ඩන් නුවරදී පසුගියදා පවත්වා තිබේ.
කොටි ත්‍රස්ත නායක ප්රභාකරන්ගේ උපන්දිනයදා ඊනියා මහවිරු දිනය නමින් නම් කල දිනයේ මේ ත්රස්තවාදීන් සැමරුම සිදු කර තිබේ.මෙම කොටි ත්‍රස්ත සැමරුම ලන්ඩනයේ එක්සෙල් ශාලාවේදී පවත්වා තිබේ.
ලන්ඩනය තුල වෙසෙන විසිරුණු දෙමළ ජනතාවගෙන් කොටසක් මේ සඳහා මූලිකත්වය ගෙන තිබිණ.එල්ටීටී ඊ ලාංචනය මෙන්ම ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3 ක් සහ මුහුදු සීමාවෙන් 2/3ක් ඇතුලත් කර කොටි සංවිධානය විසින් දෙමළ ඊළම නමින් නිර්මාණය කර තිබූ ශ්‍රී ලංකාවේ සිතියමක විශාල අනුරුවක්ද මියගිය ත්‍රස්තවාදී නායකයන්ගේ චායාරූපද මෙහිදී ප්‍රදර්ශනය කර තිබිණ.





.jpg)

