ලොව විශාලම උකුල හිමි කාන්තාව ලොස් ඇන්ජලීස්වලින්

අතීතයේ විසු කවියන් පවසා තිබුණේ පුළුල් උකුල හා මිටින් ගත හැකි ඉඟ සුඟ කාන්තා රූපයට ආභරණයක් කියායි. නමුත් මෑතකදී ලොස් ඇන්ජලීස් නුවර 39 හැවිරිදි මිකෙල් රෆ්නෙලි නම් ලෝක වාර්තාවක් තියා තිබුණේ අඩි අටක වට ප්‍රමාණයකින් යුත් ‘මෙගා උකුලකට” හිමිකම් කියමිනුයි. මිකෙල් දරුවන් හතර දෙනෙකුගේ මවක්. 

ඇයගේ ශරීරයේ බර රාත්තල් 420ක් වෙනවා. අන් අයට ඇයගේ බර මෙන්ම ශරීරයේ හැඩයද ගැටලුවක් වුණාට මිකෙල්ට නම් එය කිසිම විශේෂත්වයක් නැති හැඩයි. “මගේ ඇඟේ හැඩයට හරිම කැමතියි. අනික මම ආහාර පාලනය කළ යුතුයි කියලා හිතන්නෙ නැහැ. 

මොකද මට සෞඛ්‍යමය ගැටලුවක් නැති නිසා.” යනුවෙන් පවසනවා. මිකෙල්ගේ පුළුල් උකුල් තලයට සමානුපාතිකව ඇගේ ඉණ අඟල් 40ක් වෙන බවයි පැවසෙන්නේ. මෙසේ මිනිය නොහැකි ශරීර හැඩයකින් යුත් මිකෙල් Big Beautiful women website හි මෝස්තර නිරූපිකාවක් ලෙස සිය හැකියාවන් ප්‍රදර්ශනය කරන අතර ඇය එක් නිරූපණයක් සඳහා ඇමරිකන් ඩොලර් දාහක් (1000) අය කළ බවයි පැවසෙන්නේ. මෙවැනි විශාල උකුලකට හිමිකම් කියන මිකෙල් හට ඉඳ ගැනීමට ඇයගේම ඇඟට හරියන විදිහට යකඩවලින් නිර්මාණය කළ පුටුවක් නිමවා තිබෙනවා. 

නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමන් යයි

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නායක නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ පස් හැවිරිදි වියේ පසු වූ (1918 ජූලි 18 වැනිදා උපත ලැබූ) ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගැනුන දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපතිවරයාට සිය ජීවිතයේ තුනෙන් එකක් පමණම වර්ණභේදවාදී පාලනයක් යටතේ ගත කිරීමට බල කරනු ලැබිණ.

බන්ධනාගාරයෙන් නිදහස් වී වසර හතරකට පසුව ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත්විය.
ඉන් අනතුරුව 1999 දී ඔහු පදවියෙන් ඉල්ලා අස්වුණු නමුත් දිගටම ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළේය.

විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් සහ එච් අයි වී සහ ඒඩ්ස් ආසාදිත දරුවන් වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර තලයේ දියත් කළ ව්‍යාපාරය, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ තාබෝ ම්බෙකි සමඟ මතභේදවලටද තුඩු දුන්නේය.

අප්‍රිකානු කලාපයේ බොහෝ අර්බුදවලදී මැදිහත්කරුවකු ලෙසින්ද ඔහු අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් විය.ග්‍රාමීය ට්‍රාන්ස්කෙයි පළාතෙන් සිය ජීවන චාරිකාව ආරම්භ කළ නෙල්සන් මැන්ඩෙලා, එහිදී මෙතෝදිස්ත පාසලක ඉගෙනුම ලබා ඉන් අනතුරුව එවකට රටේ කළු ජාතිකයන් වෙනුවෙන් වෙන්ව තිබූ එකම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ නීතිඥයකු ලෙසින් පුහුණුව ලැබීම සඳහායි.

ගණිකා යෝජනාවට පක්‍ෂ විරෝධතාවයේ රනිල්ගේ බිරිඳත්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් නිමල්කා ප‍්‍රනාන්දු මහත්මියට ඉතාමත් අවිනීත ලෙස අදහස් දැක්වී යයි විරෝධය පාමින්, පෙරේදා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට දී 'කාන්තා එකමුතුව' විසින් පැවැත්වූ උද්ඝෝෂණයට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මියද එක්ව සිටියාය. 

විරෝධතාවට සහභාගි වූ කාන්තාවන් පොලිසිය විසින් එම ස්ථානයෙන් පලවා හරිමින් විරෝධතාකරුවන් ඔසවා ගෙන සිටි සටන් පුවරු උදුරාගෙන කෑලි කෑලිවලට ඉරා දමන ලදී. විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් පොලිසියට මුහුණ දෙමින් සටන් පාඨ දිගටම කියද්දී ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා විසින් කැඳවාගෙන එන ලද පොලිස් කාන්තා බළඇණිය සමඟ පොලිස් කොස්තාපල්වරුන් විසින් කාන්තා පිරිස පොලිස් අධිකාරිවරයා විසින් ඒ අසල පිහිටි බස් නැවතුම්පොළ දක්වා පන්නා දමන ලදී.

අනතුරුව එම පිරිස පොලිස් අධිකාරිවරයා කාන්තා පොලිස් බළඇණියේ සහයෝගය ඇතිව බෞද්ධාලෝක මාවත පාර මැදට එළවා දැමීය. කාන්තා එකමුතුවේ පිරිස බෞද්ධාලෝක මහපාර මැද සිට සටන් පාඨ කියමින් විරෝධතාව දැක්වූහ. 

Fast And Furious Star Paul Walker Is Dead වේගවත් සුපරි නළුවා වේගයෙන්ම මියයයි - Photos

"The Fast and the Furious" චිත්‍රපට මාලාවේ සුපිරි නළුවකු වූ Paul Walker ඊයේ දිනයේ දකුණු කැලිෆෝනියා(southern California) ප්‍රාන්තයේ සැන්ටා ක්ලැරිටා (Santa Clarita) ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මරුමුවට පත් වී තිබෙනවා. 

මිය යාමට හේතුව වී ඇත්තේ ඔහුගමන් ගත Porsche වර්ගයේ රථය පාලනය කරගත නොහැකිව ඔහු ගමන් ගත මාර්ගය අසල තිබු ගසක වැදී රථය ගිනි ගැනීම හේතුවෙනි. 

ඔහු රිය අනතුරට ලක්ව තිබුනේ සුබසාධන කටයුත්තක් සඳහා සහභාගිවීමට යන අතරත්රේ වන අතර මෝටර් රථය පදවා තිබුනේ ඔහුගේ රියදුරා විසිනි. මෙම මෝටර් රථ අනතුරෙන් මෝටර් රථයේ ගමන් කල තවත් අයෙකු මියගොස් ඇත. 

මෙම රිය අනතුර වාර්තාවීමත් සමග බොහෝ රසිකයන් එය විශ්වාස නොකළ අතර පසුව ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමෙන් හා ට්විටර් ගිණුමේ කල නිවේදනයන්ට අනුව එය සත්‍යයක් බවට පිළිගැනීමට සිදුවී තිබෙනවා. මිය යන විට 40 හැවිරිදි වියේ පසු වූ ඔහු දක්‍ෂ රංගන ශිල්පියෙකි. 

ජාත්‍යන්තර විමර්ශන අවශ්‍ය නෑ - සනත් ජයසූරිය

ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේදී සිදූ බවට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනක් අවශ්‍ය නොවන බව හිටපු ක්‍රිකට් නායක හා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්තපූරම් හි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. 

අද (30) පෙරවරුවේ තිරුවානන්තපූරම් වෙත ගමන් කර ඇති ජයසූරිය නියෝජ්‍ය අමාත්‍යවරයා, තිරුවානන්තපූරම් මාධ්‍ය සංගමය (Thiruvananthapuram Press Club) විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි. "වාර්තමානයේදී ක්‍රියාත්මක වෙන අපේ ම නීති පද්ධතියක් අපිට තියෙන නිසා ජාත්‍යන්තර විමර්ශනක් අවශ්‍ය වෙන්නෑ. 

අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් සිදුකර ති‍යෙනවා.රට තුළ සමස්ථ ලෙස සංවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය සියළු දේ කරනවා. දශත තුනක් පුරා යුද්ධයක් තිබුන නිසා බොහෝ දේවල් හරියට නෑ. ඒ දේ කරන්න ලේසි නෑ," යැයි ඔහු මාධ්‍යවේදීන් ට පවසා සිටි බව ඉන්දීය මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ. "ඕනෑම කෙනෙකුට පරීක්ෂණයක් ඉල්ලා සිටින්න පුළුවන්. 

මහ ඇමති සටනට - අනෝමා ෆොන්සේකා

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ඇමති අපේක‍ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

පක්ෂය හෝ තමන් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති වුවද ජනතාව අතරින් එවැනි තීරණයක් එන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කලාය. 

මැද කොළඹ ප්‍රදේශයේ උපන් කාන්තාවක ලෙස තමන් කෙරෙහි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි ආකර්ක‍ෂණයක් පවතින බවද ඇය වැඩිදුරටත් කීවාය.

ශ්‍රී ලංකාවට එරෙහි සම්බාධක - ඩේවිඩ් කැමරන්

ශ්‍රි ලංකාවේ සිදු වූ බව තියන යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක‍ෂණයක් කල යුතු බවට මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී අවධාරණය කල බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවට එරෙහි පීඩනය තවත් දැඩි කිරීමේ මෙහෙයුමකට අත ගසා ඇතැයි එරටින් ලැඛෙන වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ජනතාවගේ ඡන්ද ප්‍රමාණය පෙන්වමින් එරට කොටි හිතවාදීන් විසින් අගමැති කැමරන් වෙත දැනුම් දී ඇත්තේ ලබන මාර්තුවේදී ජිනීවා මානව හිමිකම් සමූලවේදී ශ්‍රී ලංකාවට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතු බවයි. 

ඒ අනුව ලබන මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව ප්‍රමාණවක් යුධ අපරාධ පරීෂණයක් සිදු නොකල බව පවසමින් ශ්‍රී ලංකාවට එරෙහි සම්බාධක පැනීමේ යෝජානාවක් බ්‍රිතාන්‍ය විසින් ගෙන ඒමට බොහෝ ඉඩ ඇතැයි රාජතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 

විමල් වීරවංශ හැරයෑම නිසා JVPය කෙළඋණා – ලාල් කාන්ත

විමල් වීරවංශ මහතා තම පක්ෂය හැරයෑම නිසා ජනතාව තුළ ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ තිබු විශ්වාසය අද වන විට කඩා වැටී ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩ සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි. 

කැස්බෑව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන පක්ෂ කාර්යාලය පිහිටුවීමේ උත්සවයකට එක්වෙමින් ලාල්කාන්ත මහතා මේ බව පවසා ඇත. 

වීරවංශ මහතා ජවිපෙ හැරයෑම නිසා පක්ෂයක් ලෙස ජවිපෙ දුර්වල වූ බවද ඔහු පෙන්වා දී තිබේ. එම රැස්වීමේදී වැඩි දුරටත් අදහස් පල කල ලාල් කාන්ත මහතා “විමල් වීරවංශ අපෙන් ගලවගෙන ගියාට පස්සේ අපේ පක්ෂය දුර්වල වුනා. 

අප පිළිබඳ සමාජය ඇතුලේ තිබ්බ විස්වාසය බිඳ වැටුනා. ඒ විශ්වාසය අපි රැක්කනම් අද මේ ආණ්ඩුවට මේ වගේ ජනතාවට බර පටවමින් යන්න බෑ.එහෙනම් ජනතාව අපි විපක්ෂය හැටියට මේ වෙන කොට භාරගෙන ඉවරයි. 

Gossip Lanka Hot News Previous News Archive