අතීතයේ විසු කවියන් පවසා තිබුණේ පුළුල් උකුල හා මිටින් ගත හැකි ඉඟ සුඟ කාන්තා රූපයට ආභරණයක් කියායි. නමුත් මෑතකදී ලොස් ඇන්ජලීස් නුවර 39 හැවිරිදි මිකෙල් රෆ්නෙලි නම් ලෝක වාර්තාවක් තියා තිබුණේ අඩි අටක වට ප්‍රමාණයකින් යුත් ‘මෙගා උකුලකට” හිමිකම් කියමිනුයි.
මිකෙල් දරුවන් හතර දෙනෙකුගේ මවක්.
ඇයගේ ශරීරයේ බර රාත්තල් 420ක් වෙනවා. අන් අයට ඇයගේ බර මෙන්ම ශරීරයේ හැඩයද ගැටලුවක් වුණාට මිකෙල්ට නම් එය කිසිම විශේෂත්වයක් නැති හැඩයි. “මගේ ඇඟේ හැඩයට හරිම කැමතියි. අනික මම ආහාර පාලනය කළ යුතුයි කියලා හිතන්නෙ නැහැ.
මොකද මට සෞඛ්‍යමය ගැටලුවක් නැති නිසා.” යනුවෙන් පවසනවා.
මිකෙල්ගේ පුළුල් උකුල් තලයට සමානුපාතිකව ඇගේ ඉණ අඟල් 40ක් වෙන බවයි පැවසෙන්නේ. මෙසේ මිනිය නොහැකි ශරීර හැඩයකින් යුත් මිකෙල් Big Beautiful women website හි මෝස්තර නිරූපිකාවක් ලෙස සිය හැකියාවන් ප්‍රදර්ශනය කරන අතර ඇය එක් නිරූපණයක් සඳහා ඇමරිකන් ඩොලර් දාහක් (1000) අය කළ බවයි පැවසෙන්නේ. මෙවැනි විශාල උකුලකට හිමිකම් කියන මිකෙල් හට ඉඳ ගැනීමට ඇයගේම ඇඟට හරියන විදිහට යකඩවලින් නිර්මාණය කළ පුටුවක් නිමවා තිබෙනවා.







