පේරාදෙණි පර්යේෂණය සාර්ථකයි " ටැංකි සුද්දා උම්බලකඩට " scavenger (tank cleaner) Dried fish

ටැංකි මාළුවා වශයෙන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ ධීවරයන් විසින් හැඳින්වෙන ටැංකි ශෝධක නම් මාළුවන් ගෙන් කරවල උම්බලකඩ හා සැමන් නිෂ්පාදනය කළ හැකි බව පේරාදෙනි විශ්ව විද්‍යාල කෘෂිකර්ම පීඨ ධීවර අංශය කියයි.

නිවෙස්වල මාළු ටැංකි සුද්ධ කිරීම සඳහා යොදා ගත් ස්කැවෙන්ජර් නම් මාළුන් පස් වසරකට පමණ පෙර පොල්ගොල්ලට දමන්නට ඇතැයි ද දැන් එහි එම මාළුන් ගහනය බෙහෙවින් වැඩි වී දැලක් දැමූ විට මිරිදිය මාළුන් තිදෙනකු අසුවන විට ටැංකි මාළුන් විස්සක් පමණ අසුවෙතියි ධීවරයෝ කියති.මෙම මාළුන් සෙසු මාළු බිත්තර හා පාසි ආදී දේ කා දැමීම නිසා වෙනත් මාළුන්ගේ බෝවීමද සීමා වී ඇතැයි ද දැල් පවා ඉරී යතියි ද ධීවරයෝ කියති.
ඇතැම්විට ටැංකි මාළුවා අඩි දෙක හමාරක් දිගට වැඩෙන බව ද ඔවුන් සඳහන් කරති.දැල්වලට අසුවන මාළුන් කෑමට නොගන්නා බවත් ඔවුහු පවසති.පේරාදෙණි සරසවි පර්යේෂකයන් පවසනුයේ රජයෙන් හෝ පළාත් සභාවෙන් ව්‍යාපෘතියක් අරඹතොත් ඊට අවශ්‍ය සහාය දීමට හැකි බවයි.

සුදු කැස්බෑවා උස්සපු සිද්ධියට අමල් පෙරේරාගෙන් ප්‍රශ්න කරනවා - Police to question Amal Perera

කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් සුදු කැස්බෑවකු සොරාගැනීමේ සිද්ධියට අදාළව ප්‍රසිද්ධ ගායකයකු වන අමල් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය තීරණය කොට තිබේ. දැනට මාස 3කට පෙර මාලදිවයින ජාතිකයකු සමඟ එහි පැමිණ ඇති මේ ගායකයා මාලදිවයින ජාතිකයාගේ භාෂාව පරිවර්තනය කරමින් එම සුදු කැස්බෑවා රුපියල් කෝටි 3 1/2කට මිලකර ඉල්ලා ඇති බවට කොස්ගොඩ කැස්බෑවන් සංරක්ෂණ ආයතනයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබෘෘ මහතා පොලිසියට පවසා ඇති බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

ඒ සම්බන්ධයෙන් අමල් පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. එම මධ්‍යස්ථානයේ පසුගිය ඉරිදා රාත්‍රි සේවය කළ මුරකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනකුගෙන් පමණ දැනටමත් ප්‍රශ්න කොට ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.

එහි හිමිකරු වන චන්ද්‍රසිරි ආබෘෘ මහතා සඳහන් කෙළේ පසුගිය සුනාමි ව්‍යසනයෙන් පසුව මේ ස්ථානයෙන් බිහිකළ පළමු සුදු කැස්බෑවා වන බවයි.

ඌරු ගහණය ඉහළ දැමීමට රු. මිලියන 140 ක්‌

වෙළෙඳපොළේ පවතින මස්‌ ඉල්ලුම සැපයීම සඳහා සූකර කර්මාන්තය සංවර්ධනය කිරීමට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දිවයිනේ මේ වන විට ඌරු ගහණය 85,000 ක්‌ පමණ වන බවට ගණන් බලා ඇත. ඌරු ගහණය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක්‌ අමාත්‍යාංශය ග්‍රාමීය මට්‌ටමින් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

සූකර ගොවිපළක්‌ සඳහා රුපියල් පනස්‌දහසක්‌ ගොවිපළ සංවර්ධනයට ලබාදීමට ද අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 140 ක්‌ වෙන් කර ඇත.ඌරු ගොවිපළ සහ ද්‍රව්‍ය කළමනාකරණය, සනීපාරක්‍ෂාව තහවුරු කිරීම, සත්ත්ව ආහාර, ඌරු ගැහැනු සතුන් ගැබ් ගැන්වීම ඇතුළු ගොවිපළ සංවර්ධනය සඳහා මෙම ප්‍රතිපාදන යෙදවේ.සූකර ගොවිපළ සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

මිතුරන් බලා සිටියදී මිතුරෙකු අතින්ම දූෂණය වූ තරුපහේ හෝටල් සේවිකාව

මෙරට ප්‍රධාන පෙ‍ලේ තරු පන්තියේ හෝටලයක් වන කොළඹ ගලධාරි හෝටලයේ කොෆි අවන්හ‍ලේ සේවයේ නිරත සේවක සේවිකාවන් මෙවර සිය වාර්ෂික විනෝද චාරිකාව සංවිධානය කර තිබුණේ පානදුරේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි එක්තරා හෝටලයකට ගොස් විනෝද වන්නටය.

සිය සේවකයන් වෙනුවෙන් ගලධාරි හෝටල් කළමනාකාරීත්වය සැලකිය යුතු මුදලක් මෙම වාර්ෂික විනෝද චාරිකාව සඳහා වෙන් කරන බවද වාර්තා වෙයි. සැලසුම් ප්‍රකාරව මෙවර වාර්ෂික විනෝද චාරිකාව සඳහා පානදුරේ හෝටලයට යන්නට කොෆි අවන්හ‍ලේ සේවක සේවිකාවෝ ඉකුත් නොවැම්බර් 03 වෙනිදා උදෑසන හත අට වන විට ගලධාරි හෝටලයට රැස්වූහ. කළමනාකරුවෙකු ඇතුළු විසිතුන් දෙනකුගෙන් සමන්විත එම කණ්ඩායමට සේවිකාවන් සිව් දෙනෙක්ද ඇතුළත්ව සිටියෝය.
ගලධාරි හෝටලයේ සිට මේ පිරිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත අවුත් පානදුර බලා ගමන් ගන්නේ දුම්රියෙනි. එදා මේ කණ්ඩායම පානදුර හෝටලයට පැමිණෙන විට ඔවුන් පිළිගන්නට එම හෝටලයේ සේවකයන් සැදී පැහැදී සිටියේ මේ අය එහි එන බව කල්තියා දැන සිටි නිසාය. මේ කණ්ඩායම වෙනුවෙන් පානදුර හෝටලයේ කාමර දෙකක් වෙන්වී තිබුණි. ඒ ඔවුන්ට විවේක ගන්නට සහ ඇඳුම් ආයිත්තම් තබන්නටය. කාන්තාවන්ට එක් කාමරයක් සහ පිරිමින්ට එක් කාමරයක් වශයෙන් මෙම කාමර වෙන් කර තිබි ඇත.

එයාටෙල්, එටිසාල්ට්ට සේසතම විකුණා ලංකාවෙන් යන්න හදයි

භාරති එයාටෙල් සමාගම ශ‍්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු එටිසලාට් සමාගම වෙත විකුණා දැමීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 සමාගම් දෙක අතර මාස පහක් තිස්සේ පැවති සාකච්චා අවසානයේ මෙම තීරණයට එකඟ වී ඇත.මේ වන විට මෙරට එයාර්ටෙල් පාර්භෝගිකයන් මිලියන 1.7 ක් සහ
එටිසලාට් පාරිභෝගිකයන් මිලියන 4.5 ක් සිටින බවද සඳහන්ය.
මෙම ගණුදෙනුවත් සමඟ එටිසලාට් සමාගම මොබිටෙල් පරදා මෙරට දෙවැනි විශාලතම ජංගම දුකතන සේවා සපයන්නා ලෙස පත් වනු ඇතැයිද කියැවේ.

මධුමාධව මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කොළඹ මහනගර සභාවට මන්ත්‍රී තේරී පත්වු මධුමාධව අරවින්ද මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීය. ඒ අනුව මෙවර පළාත් සභා මැතිවරණය‍ට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන බව දැන් පැවැත්වෙන පුවත්පත් සාකච්ඡාවේදී පැවසීය.

 සිය ඉල්ලා අස්වීම ඒ මහතා කොළඹ නඟරාධිපතිවරයාට භාර දුන් අතර මේ වනවිට පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සිටී. 

ජාතික හෙල උරුමයේ සාමාජිකයෙකු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරමින් කොළඹ මහනගර සභාවට තේරී පත්වු මධුමාධව අරවින්ද මහතා පවසන්නේ තමා දේශපාලකයෙකු කළේ සාම්ප්‍රදායික ගොට්ටෙක් හෝ එහෙයියෙක් වන්නට නොවන බවය. ඒ අනුව තමා උඩුගම් බලා යන ගමනක් තෝරා ගන්නා බවත් ඊට ගල් මෙන්ම මල්ද ලැබිය හැකි බව තමා දන්නා බවත් ඒ මහතා පවසයි.

ඇල්පිටියේ ගීතා-ප්‍රසන්න ගැටුමක්

 මට "ගණිකාව" කියලා බැන්න නිසයි "පොන්නයා" කියලා බැන්නේ- ගීතා

ගීතා කුමාරසිංහ මහත්මිය දක්‍ෂ නිළියක් බවට විවාදයක් නෑ. නමුත් ඇය බෙන්තර ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනයට සුදුසු නැති බව පසුගිය වසර කිහිපය තුළ ඇය විසින්ම ඔප්පුකර තිබෙනවා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රි මේජර් අජිත් ප්‍රසන්න මහතා (එජනිස) පැවැසීය.

ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සිවුදෙනකුද සමඟ ඇල්පිටිය නගර මධ්‍යයේ මේජර් අජිත් ප්‍රසන්න මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කරමින් මේ බව පැවැසීය.මමත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් වන සරත් අල්විස්, නලින් ප්‍රියදර්ශන, ඒ.ජී. සාගරතිලක, කේ.ඒ.බී. සුමිත් (ස්වාධීන) යන මන්ත්‍රිවරුන් මෙම උපවාසය පසුගිය 15 වැනිදා ආරම්භ කෙළේ ඉවසලා ඉවසලා බැරිම තැනයි.

ඒ වගේම බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් පිරිසකුත් මෙම උපවාසයට එකතුවීමට නියමිතව තිබෙනවා. අපි ඉල්ලන්නේ මේ සංවිධායකවරිය ඉවත් කරලා දෙන්න කියලයි.

බුද්ධංගල දළ ඇතා මරා දමයි - Tusker electrocuted

බුද්ධංගල රක්‍ෂිතයේ ගැවසෙමින් සිටි දළ ඇතකු අම්පාර වළකාපිටිය ප්‍රදේශයේදී ඊයේ (16දා) අලුයමදී විදුලිසැර වද්දා ඝාතනයට පත්කර ඇත.

 මෙසේ ඝාතනයට ලක්ව ඇති හස්තිරාජයා අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන බවත් ඇතාගේ ඇත්දළ යුගලයේ දිග අඩි 2ක් පමණ වන බව අම්පාර පශු වෛද්‍ය සංරක්‍ෂණ ඒකකයේ පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්පකුමාර මහතා පැවැසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වළකාපිටිය ග්‍රාමයේ කුඹුරු යායකට දමා තිබූ අධිබලැති විදුලි රැහැනකට හසුවීම හේතුවෙන් විදුලිසැර වැදී ඇතා මියගොස් ඇති බව ඇතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කරනු ලැබූ නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කෙළේය.

Gossip Lanka Hot News Previous News Archive