ශ්‍රී ලංකාවෙන් ප්‍රබල සටනක් පකිස්ථානයට ජය ! Pakistan hang on to clinch 11-run win

පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ජාත්‍යන්තර එක්දින තරගයේදී ලබා ගත් 322ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවට අති ප්‍රබල අභියෝගයක් එල්ල කළද ශ්‍රී ලංකාව ලකුණු 11න් පරාජයට පත්විය.
ලකුණු 323ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව අවසන් මොහොත දක්වාම ජයග්‍රහණයේ සිහිපනය අත්නොහැරියද අවසානයේ ලකුණු 311ට දැවී ගිය බව කිව යුතුය.ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් 42 වැනි පන්දු වාරයේදී කඩුලු 7ක් ලකුණු 221කට බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ සීකුගේ ප්‍රසන්න හා සචිත්‍ර සේනානායන මුළු ලකුණු ප්‍රමාණය 308 දක්වා ඉහළට ගෙන ඒමට සමත්වූහ.

ලකුණු 323ක ජයග්‍රාහී ඉනිම හඹා යාමේදී කුසල් ජනිත් පෙරේරා හා තිලකරත්න ඩිල්ෂාන් හොඳ ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 12 යි පන්දු 5කදී ලකුණු 66ක් රැස් කිරීමද මෙහිලා විශේෂය.23 වැනි පන්දු වාරයේ මුළු ලකුණු 113 දී ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල බිඳ වැටුණු අතර හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කරමින් සාර්ථක පිතිහරඹයක නියැලෙමින් සිටි කුසල් ජනිත් පෙරේරා, හෆීස්ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

අඩුවයසින් ගැබ්ගැනීම් ඉහළ යාමට හේතුව කොටි ත්‍රස්තවාදය හා අන්තර් ජාලය

අඩු වයසින් ගැබ් ගන්නා දරුවන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. උතුරු මැද පළාත, මොණරාගල වැනි දුෂ්කර ප්‍රදේශවලින් මේ ගැබ් ගැනීම් වැඩපුරම වාර්තා වේ.

පසුගිය කාලයේ දී කොටි ත්‍රස්තවාදය නිසා මෙවැනි සිදුවීම් එම ප්‍රදේශවලින් වාර්තා වීම ඉහළ ගිය බවත් වර්තමානයේ දී අන්තර්ජාලය, ජංගම දුරකථන භාවිතා කරමින් අසභ්‍ය දර්ශන නැරඹීම නිසා මෙවැනි අපරාධවලට පුද්ගලයන්ගේ පෙළඹීම වැඩිපුරම වාර්තා වන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.අඩු වයසින් ගැබ් ගන්නා දරුවන්ගේ සිද්ධීන් වැඩිපුරම වාර්තා වන්නේ දුෂ්කර ප්‍රදේශවලින් වන අතර වයස අවුරුදු 13, 14 අඩු වයස් දරුවන් විවිධ ලිංගික අතවරවලට ලක් වීම මේ ප්‍රවණතාවට හේතු වී ඇත.

මෙවැනි ලිංගික අතවරවලට ලක්වන දරුවන්ගේ මවුවරුන් පිටරට රැකියාවලට ගොස් ඇති බවත් පවුලේ සමීපතම ඥාතියකුගෙන් මේ දරුවන් විවිධ අතවරවලට ලක්ව ඇති බවත් වාර්තා වී තිබේ. අඩු වයසින් ගැබ් ගන්නා දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මහජනතාව දැනුවත් කරන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යාංශය පවසයි.

නාලන්ද ඝාතන නඩුවෙන් නි. ඇමැති පුංචිනිලමේ නිදහස්‌

1997 වසරේ පෙබරවාරි 11 වන දින කුරුවිටදී වෙඩි තබා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද සම්පත් එල්ලාවල මහතා සහ කොස්‌තාපල් ජයසේන නමැත්තා ඝාතනය කළේ යෑයි මිනීමැරුම් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා සියලු චෝදනා වලින් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා ඊයේ (18 දා) නියෝග කළේය.

1997 පෙබරවාරි 11 වැනි දින කුරුවිටදී නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයකු වී නාලන්ද එල්ලාවල මහතාට සහ කොස්‌තාපල් ජයසේන නමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීම සහ කොස්‌තාපල් උපාලි සිරිසෝම, පතිරන්නැහැලාගේ දොන් ගුණසේන, ඩිලාන් පෙරේරා යන තැනැත්තන්ට වෙඩිතබා තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 11 ක්‌ මත සුසන්ත පුංචිනිලමේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙක්‌ රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටියහ.

ඉකුත් නොවැම්බර් මස 12 වැනි දින නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සංජීව දිසානායක මහතා අධිකරණය අමතමින් නඩුවේ 3, 4, 5 වැනි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්‍ෂි ඉදිරිපත්ව නොමැති බව පැවසුවේය.

Update : අතුරුදන් වූ ඇලි කැස්බෑවා මාලදිවයිනේ ද ?

කොස්ගොඩ - කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටියදී සොරකම් කළ බව කියන ඇලි කැස්බෑ පැටවා මාලදිවයිනේ සිටින බවට තමන් විශ්වාස කරන බව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප‍්‍රකාශ කළා. සිය අමාත්‍යාංශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අදාළ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිමිකරුවන චන්ද්‍රසිරි ආබෲ ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා. එහිදී ඔහු කියා සිටියේ මාලදිවයිනේ මිතුරෙකුට මෙම කැස්බෑ පැටවා ලබාදෙන ලෙස ගායක අමල් පෙරේරා කීප වරක්ම තමන්ට දැනුම් දුන් බවයි. 

එක් අවස්ථාවකදී මෙම මාලදිවයින් මිතුරාද අමල් පෙරේරා විසින් තම කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බවද ඔහු මෙහිදී සිහිපත් කළා.

අමල් පෙරේරා පොලීසියට පොල්ල තියයි - Amal Perera avoids the Police-Police says he will be arrested if he evades

"අත්අඩංගුවට ගන්න බව පොලීසිය කියයි"

රෝසි’ නමින් අඳුන්වන සුදු කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බදාදා (18) උදේ 9 ට ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා කොස්ගොඩ පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු නමුත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැමිණිය නොහැකි බව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ නීතියට අවනතව ඔහු පොලීසියට පැමිණිය යුතු බවත් නැතහොත් ඔහු අත්අඩංගුවට ගන්නා බවත්ය.කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාල් උඩුගම මහතා පවසා සිටියේ ගායක අමල් පෙරේරා මහතා දුරකථනයෙන් තමාට කතා කර අද (18) නොව හෙට බ්‍රහස්පතින්දා (19) පැමිණිය හැකි යැයි පවසා ඒ සඳහා අවසර ලබාගත් බවයි.

“අමල් පෙරේරා මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් පමණයි. නීතියට අවනත වී ඔහු පොලිසියට පැමිණිය යුතුයි. නැත්නම් අත්අඩංගුවට ගන්නට සිදු වෙනවා.” පොලිස් පරීක්ෂක ලාල් උඩුගම මහතා පැවසුවේය.

පැල්ලම් නොහිටින ටී-ෂර්ට් - Waterproof Silic Shirt

 කිසිඳු අයුරකින් කිළිටි නොවන ඇඳුමක් ඔබට තිබුණොත් ඔබ එය සෑම දිනකම අඳින්නට හැකි වූවා නම් ඊට කොතරම් කැමැතිද එය ඔබට කෙතරම් පහසුදැයි අපි දන්නවා. කාර්යබහුල ජීවිතයක් ගතකරන ඔබ එදිනෙදා වැඩ කරද්දී ඔබේ ඇඳුමට වැටෙන ආහාර, දියර වර්ග, කහට වර්ග ආදිය නිසා ඔබ කොයිතරම් ඇඳුම් ඉවත දමන්නට සිදුවී ඇත්ද? සේදීමට අපහසු පැල්ලම් මකාගන්නට ඔබ විවිධ රසායනික වර්ග භාවිත කරන්නට ඇති. එමෙන්ම ඒවායින් අනවශ්‍ය කරදර විඳින්නටත් ඔබට සිදුවන්නට ඇති. මේ ඒ සියලූම කරදරවලට විසඳුමයි.

ජලයට ප‍්‍රතිරෝධයක් දක්වන, ආහාර හෝ දියර වර්ග නිසා කිළිටි නොවන ටී-ෂර්ටයක් නිපදවීමට සැන් ප‍්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ සිසුවකු වන ආමිර් පටේල් සමත්වී තිබෙනවා.

මීට වසර එකහමාරකට පමණ පෙර සිටම ඇරඹු මෙම අත්හදාබැලීම සාර්ථක වී ඇත්තේ සාමාන්‍යයෙන් ඇඳුම්වලට යොදාගන්නා පොලිස්ටර් රෙදි වර්ගය සමඟ ජලය උරානොගන්නා හයිඩ්‍රොෆොබික් සමඟ මිශ‍්‍ර කොට නිපදවීමෙනි. පවුම් 30ක් වැනි මුදලකට ලබන මාසේ සිටම මෙය මිලදී ගත හැකි බව නිර්මාණකරු සඳහන් කරනවා.

පේරාදෙණි පර්යේෂණය සාර්ථකයි " ටැංකි සුද්දා උම්බලකඩට " scavenger (tank cleaner) Dried fish

ටැංකි මාළුවා වශයෙන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ ධීවරයන් විසින් හැඳින්වෙන ටැංකි ශෝධක නම් මාළුවන් ගෙන් කරවල උම්බලකඩ හා සැමන් නිෂ්පාදනය කළ හැකි බව පේරාදෙනි විශ්ව විද්‍යාල කෘෂිකර්ම පීඨ ධීවර අංශය කියයි.

නිවෙස්වල මාළු ටැංකි සුද්ධ කිරීම සඳහා යොදා ගත් ස්කැවෙන්ජර් නම් මාළුන් පස් වසරකට පමණ පෙර පොල්ගොල්ලට දමන්නට ඇතැයි ද දැන් එහි එම මාළුන් ගහනය බෙහෙවින් වැඩි වී දැලක් දැමූ විට මිරිදිය මාළුන් තිදෙනකු අසුවන විට ටැංකි මාළුන් විස්සක් පමණ අසුවෙතියි ධීවරයෝ කියති.මෙම මාළුන් සෙසු මාළු බිත්තර හා පාසි ආදී දේ කා දැමීම නිසා වෙනත් මාළුන්ගේ බෝවීමද සීමා වී ඇතැයි ද දැල් පවා ඉරී යතියි ද ධීවරයෝ කියති.
ඇතැම්විට ටැංකි මාළුවා අඩි දෙක හමාරක් දිගට වැඩෙන බව ද ඔවුන් සඳහන් කරති.දැල්වලට අසුවන මාළුන් කෑමට නොගන්නා බවත් ඔවුහු පවසති.පේරාදෙණි සරසවි පර්යේෂකයන් පවසනුයේ රජයෙන් හෝ පළාත් සභාවෙන් ව්‍යාපෘතියක් අරඹතොත් ඊට අවශ්‍ය සහාය දීමට හැකි බවයි.

සුදු කැස්බෑවා උස්සපු සිද්ධියට අමල් පෙරේරාගෙන් ප්‍රශ්න කරනවා - Police to question Amal Perera

කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් සුදු කැස්බෑවකු සොරාගැනීමේ සිද්ධියට අදාළව ප්‍රසිද්ධ ගායකයකු වන අමල් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය තීරණය කොට තිබේ. දැනට මාස 3කට පෙර මාලදිවයින ජාතිකයකු සමඟ එහි පැමිණ ඇති මේ ගායකයා මාලදිවයින ජාතිකයාගේ භාෂාව පරිවර්තනය කරමින් එම සුදු කැස්බෑවා රුපියල් කෝටි 3 1/2කට මිලකර ඉල්ලා ඇති බවට කොස්ගොඩ කැස්බෑවන් සංරක්ෂණ ආයතනයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබෘෘ මහතා පොලිසියට පවසා ඇති බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

ඒ සම්බන්ධයෙන් අමල් පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. එම මධ්‍යස්ථානයේ පසුගිය ඉරිදා රාත්‍රි සේවය කළ මුරකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනකුගෙන් පමණ දැනටමත් ප්‍රශ්න කොට ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.

එහි හිමිකරු වන චන්ද්‍රසිරි ආබෘෘ මහතා සඳහන් කෙළේ පසුගිය සුනාමි ව්‍යසනයෙන් පසුව මේ ස්ථානයෙන් බිහිකළ පළමු සුදු කැස්බෑවා වන බවයි.

Gossip Lanka Hot News Previous News Archive