ලකුණු 323ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකාව අවසන් මොහොත දක්වාම ජයග්රහණයේ සිහිපනය අත්නොහැරියද අවසානයේ ලකුණු 311ට දැවී ගිය බව කිව යුතුය.ශ්රී ලංකා කණ්ඩායම මුහුණදුන් 42 වැනි පන්දු වාරයේදී කඩුලු 7ක් ලකුණු 221කට බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ සීකුගේ ප්රසන්න හා සචිත්ර සේනානායන මුළු ලකුණු ප්රමාණය 308 දක්වා ඉහළට ගෙන ඒමට සමත්වූහ.
ලකුණු 323ක ජයග්රාහී ඉනිම හඹා යාමේදී කුසල් ජනිත් පෙරේරා හා තිලකරත්න ඩිල්ෂාන් හොඳ ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 12 යි පන්දු 5කදී ලකුණු 66ක් රැස් කිරීමද මෙහිලා විශේෂය.23 වැනි පන්දු වාරයේ මුළු ලකුණු 113 දී ශ්රී ලංකා දෙවැනි කඩුල්ල බිඳ වැටුණු අතර හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කරමින් සාර්ථක පිතිහරඹයක නියැලෙමින් සිටි කුසල් ජනිත් පෙරේරා, හෆීස්ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.







