කාන්තාවක් පැය කිහිපයක් ඇතුළත මියගිය දරු කලල දහයක් ප්‍රසූත කිරීමේ අසාමාන්‍ය සිදුවීමක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ‘රේවා’ නගරයේ සන්ජේ ගාන්ධි අනුස්මරණ රෝහලින් වාර්තාවෙයි.අන්ජු කුෂ්වා නම් විසි අට හැවිරිදි කාන්තාවක් පසු ගිය ඉරිදා එම බහු කලල ප්‍රසූතිය සිදු කර ඇත්තේ ඇය රෝහල වෙත රැගෙන එන අතර මග දී බවත් වාර්තා වෙයි.
රෝහල් වෛද්‍ය කණ්ඩායම විසින් පිරික්සන මොහොත වන විට ඇය කලල නමයක් අතරමග දී ප්‍රසූත කර තිබුණු අතර තවත් එක් මළ දරු කලළයක් ගර්භාෂය තුල ඉතිරි වී තිබිණි.
සන්ජේ ගාන්ධි රෝහලේ ජේෂ්ඨ වෛද්‍ය එස්.කේ.පතක් පැවසුවේ, මේ සිදුවීමට පසුබිම් වූ හේතුව පිළිබඳ ව තවමත් නිරීක්ෂණය කරමින් සිටින අතර, අධිමාත්‍ර ඖෂධ භාවිතය ඊට හේතුවක් විය හැකි බවයි.එම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ “ගැබ් සරු කිරීමේ”(IVF) ප්‍රතිකාර කිසිවක් ඇය විසින් ගෙන නැති බවයි.







