මම ආයෙත් පෙම්වතියක්‌ - Upeksha Swarnamali

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වන උපේක්‍ෂා ස්‌වර්ණමාලිට නැවතත් ආදරයේ මිහිර දැනෙන්න අරගෙන කියලා පසුගිය දවස්‌වල දැනගන්න ලැබුණා. ඇය ඒ ගැන බොහෝ දේ පවසලා තිබුණා. තමන්ට දැනෙන අලුත් ආදරය ගැන උපේක්‍ෂා කියල තිබුණේ මේ වගේ කතාවක්‌.

ආයේ කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලා හිත හදාගෙන හිටපු මගේ හිත වෙනස්‌ කළේ මගේ අම්මා. අපි දන්න කියන කෙනෙක්‌ හරහා තමයි එයා මේ යෝජනාව අපේ ගෙදරට ගෙනාවේ. අම්මා කැමැති වුණු නිසා මමත් කැමැති වුණා. ඔහු ව්‍යාපාරිකයෙක්‌. මුලින්ම මම අකැමැති වුණත් ඔහුව දැක්‌කට පස්‌සේ මගෙත් හිතගියා. මොකද එයා නළුවකුටත් වඩා ලස්‌සනයි.

ඒ විතරක්‌ නෙවෙයි. එයා මට වඩා උගත්, මට වඩා වයසයි, ජීවිතය ගැන අවබෝධයක්‌ තියෙනවා. ප්‍රිය මනාපයි. අපි අපි ගැන විවෘතව බොහෝ දේ කතා කළා.උපේක්‍ෂා මෙහෙම කියලා තිබුණේ ඇයගේ අලුත්ම ප්‍රේම කතාව ගැන ලොකු සතුටකින් වගේම ලොකු විශ්වාසයකින් කියල අපිට හිතුණා. ඒ වගේම ඇය මෙහෙමත් කියලා තිබුණා.

මම ඡන්දෙ ඉල්ලන්නේ තරුණයින්ට ලොකූ කර්තව්‍යයක් කරන්න - Popular actress Nadeesha Hemamalee

ගීතාලා අනර්කලීලා මට අභියෝග නෙමේ - නදීශා හේමමාලි
Video

ඊයේ එජාපයට බැඳී එළැඹෙන දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන්නට සැරසෙන ටෙලි නිළි නදීශා හේමමාලි අද මාධ්‍ය හමුවක් පවත්වා ඇගේ ඉදිරි දේශපාලන ස්ථාවරය පැහැදිලි කළා එහිදී ඇය කියා සිටියේ තමා තරුණයින් වෙනුවෙන් ලොකූ කර්තව්‍යයක් ඉටුකරන්නට ඡන්දයට ආ බවකි. එජාපය තම පවුලේ අයගේ පක්ෂය නිසා එය තෝරාගත් බවත් ගීතාලා අනර්කලීලා තමන්ට අභියෝග නොවන බවත් එහිදී ඇය කියා සිටියා.

ඒ මෙසේය.
ලොකූ කර්තව්‍යයක් අනාගතය වෙනුවෙන් ඉෂ්ට කරන්න මම සැදී පැහැදී සිටිනවා. ශ්‍රී ලාංකීය තරුණ පරපුර වෙනුවෙන් තමයි මම එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඒ හොඳ චේතනාව තවත් ඉදිරියට ගෙනයන්නට මෙය අවස්ථාවක් කරගත්තෙ. ඉතින් ඉදිරියේදී දකුණු පළාත් සභාවට තරග වදින්නට අපේක්ෂාවෙන් තමයි ඉන්නේ.

කලල දහයක දරු ගැබක්

කාන්තාවක් පැය කිහිපයක් ඇතුළත මියගිය දරු කලල දහයක් ප්‍රසූත කිරීමේ අසාමාන්‍ය සිදුවීමක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ‘රේවා’ නගරයේ සන්ජේ ගාන්ධි අනුස්මරණ රෝහලින් වාර්තාවෙයි.අන්ජු කුෂ්වා නම් විසි අට හැවිරිදි කාන්තාවක් පසු ගිය ඉරිදා එම බහු කලල ප්‍රසූතිය සිදු කර ඇත්තේ ඇය රෝහල වෙත රැගෙන එන අතර මග දී බවත් වාර්තා වෙයි.

රෝහල් වෛද්‍ය කණ්ඩායම විසින් පිරික්සන මොහොත වන විට ඇය කලල නමයක් අතරමග දී ප්‍රසූත කර තිබුණු අතර තවත් එක් මළ දරු කලළයක් ගර්භාෂය තුල ඉතිරි වී තිබිණි.

සන්ජේ ගාන්ධි රෝහලේ ජේෂ්ඨ වෛද්‍ය එස්.කේ.පතක් පැවසුවේ, මේ සිදුවීමට පසුබිම් වූ හේතුව පිළිබඳ ව තවමත් නිරීක්ෂණය කරමින් සිටින අතර, අධිමාත්‍ර ඖෂධ භාවිතය ඊට හේතුවක් විය හැකි බවයි.එම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ “ගැබ් සරු කිරීමේ”(IVF) ප්‍රතිකාර කිසිවක් ඇය විසින් ගෙන නැති බවයි.

ඉන්දියාව තුළ වැඩිම ඉල්ලූම සනී ලියොන්ට - Highest demand for Sunny Leon

ෂාරුක්ට අලුත් නිළියක් 

මෙම වසරේ වැඩි වශයෙන් ඉන්දියාව තුළ අවධානයට ලක් වූ අය ලෙස කාමුක බොලිවුඩ් නිළි සනී ලියෝන් මුල් තැනට පත්ව තිබේ. අන්තර්ජාලය හරහා කල සමීක්‍ෂණයකින් මේ බව හෙළිව ඇති අතර සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙම ලයිස්තුවේ පස් වන ස්ථානයට පත් ව ඇත.

කොල්ලන් සමඟ හොකී ගැහීම නිසා ළමා කාලයේත්, ද්වි ලිංගික ඇසුර නිසා නව යොවුන් කාලයේදීත් ප්‍රසිද්ධ වුණු කැනේඩියානු නිළි සනී ලියෝන් දැන් වඩාත් ප්‍රසිද්ධ තිරයේ සරාගී අංගනාවක ලෙසයි. පසුගිය වසරේ බොලිවුඩයට ‘ජිස්ම් 2’ සිනමාපටයෙන් පා තැබූ ඇයට එය ධන නිධානයක් විණි.
බොලිවුඩ් සිනමාවේ සනීගේ වාසනාව සැඟ වී ඇති බව මෑතකදී සිදු වූ දෙයකින් ද හොඳින්ම ඔප්පු වෙයි. ඇය රැඟූ ‘ජැක්පොට්’ පූර්ව දර්ශනය නැරැඹීමට අනාරාධිතවම සුපිරි සුවිශේෂීකමක් ඇති අමුත්තෙක් පැමිණියේය. ඒ අන් කිසිවකු නොව ෂාරුක් ඛාන්ය. ෂාරුක් පැවසූ දෙයින් සනීගේ සිත සම්මානයක් ලැබුණා හා සමාන සතුටකින් පිරී ගියේය. ඔහු කියා සිටියේ අනාගතයේදී සනී ලියෝන් සමඟ රඟපෑමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කැස්බෑවාගේ අතුරුදන් වීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ - Amal Perera

අමල් පෙරේරාගේ 'සුදු කැස්බෑ' මාධ්‍ය සාකච්චාව [Video]


කොස්ගොඩ කැස්බෑවා නැතිවූ පොහොය දිනයේ තමන් කොළඹ පැවැති මෝටර් රේස් බැලීම සඳහා ගලදාරි හෝටල‍ෙය් නතර වී සිට පසුදින ගිය බවත්, අදාළ සිද්ධිය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා පවසයි.

අදාළ සිද්ධියට තමන්ට චෝදනා කර ඇති බැවින් පොලිසියට කටඋත්තරයක්දුන් බවත්, පොලිසිය පවත්වන පරීක්ෂණවලට තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බවත් අමල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.අමල් පෙරේරා මහතා එසේ පැවැසුවේ ඊයේ (19) සවස නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී අදහස් දැක්වූ අමල් පෙරේරා මහතා, මීට මාස හතරකට පෙර තම මිතුරකු මාලදිවයිනේ දේශපාලනඥයකුට ශාන්තිකර්මයක් කිරීම සඳහා කැස්බෑවකු සොයා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබුණා. එයට පිළියමක් ලෙස තම යහළුවකුගේ කැස්බෑවන් හදන ස්ථානයකට ගොස් මීට මාස හතරකට පෙර කැස්බෑවකු මිලට ගන්න කතා කර ගැනීමට සැලැස්වූවා. නමුත් චන්ද්‍රසිරි නැමැති කැස්බෑවන් හදන යහළුවා මාගේ කොළඹ යහළුවාට කැස්බෑවන් අලෙවි කිරීමට අකමැති වූවා. ඊට පසු එම සිද්ධිය ඉවර වුවත් පසුගිය 15 වැනි දින කැස්බෑවා නැතිවූ බවත්, එයට තමන්ට චෝදනා කර තිබෙන බවත් මෙහිදී පැවැසීය.

අන්තර්ජාලයෙන් රථවාහන ආදායම්බලපත් ගත්තොත් 25%ක වට්ටමක් - The Vehicle Revenue Licence

රථවාහන ආදායම් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ දී සියයට 25ක මුල්‍ය වට්ටමක් ලබා දීමට තීරණය කරයි.බලපත්‍ර ගාස්තුව රුපියල් හයදහසට අඩු සියලුම රථ වාහන සඳහා ‍මෙම සියයට විසිපහේ වට්ටම වලංගුවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර එය මේ මස 21, 22 හා 23 දියන්හි දී ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි. බස්නාහිර පළාතේ ලියාපදිංචි ඕනෑම මෝටර් රථයක ආදායම් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගෙන මේ මූල්‍ය වට්ටම ලබාගත හැකි බව පෙන්වාදෙන එම නියෝජිතායතනය www.srilanka.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ආදායම් බලපත්‍රය ලබා ගතහැකි බව ද කියාසිටී.

රජයේ සේවාවන් තොරතුරු තාක්‍ෂණයේ ආධාරයෙන් ලබාදීමේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව යමින් මෙම සේවාව ලබාදෙන අතරම එමඟින් මුල්‍ය සහනයක්ද ජනතාවට ලබා දීමට හැකි වී තිබේ.

අනියම් බිරියගේ දියණිය වැනසූ කෝප්‍රල් අවුරුදු 81ක් හිරේ

අනියම් බිරිදගේ බාල වයස්කාර දියණිය පාසලට යමින් සිටියදී බලහත්කාරයෙන් රැගෙන ගොස් අවස්ථා ගණනාවක් බරපතල ලෙස දුෂණය කිරීමේ සම්බන්ධයෙන් චෝදනා හයක් යටතේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ චෝදනා ලබා සිටි විත්තිකාර හිටපු හමුදා කොප්‍රල්වරයෙකු එකී චෝදනාවන්ට අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව ඔහුට වසර 81ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ.

වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරිය බලහත්කාරයෙන් රැගෙන යාමේ සිද්ධියට අදාළ චෝදනා 3ක් වෙන් වෙන්ව වසර හත බැගින් වසර විසි එකක (21) බරපතල වැඩ සහිතව සිර දඬුවමක්ද එසේ බලහත්කාරයෙන් රැගෙන ගොස් බරපතල ලෙස දුෂණය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා තුනට වෙන් වෙන්ව වසර විස්ස බැගින් වසර හැටක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද වශයෙන් වසර අසු එකක (81) බරපතල වැඩ සහිතව සිර දඬුවම නියම විය.

රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් පැමිණිලිකාර දැරියට ගෙවන්නැයිද විත්තිකරුට මහාධිකරණය විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළේය.

තවත් සුදු කැස්බෑවෙක්ගේ ජීවිතේ අනතුරේ !

 මේ කැස්බෑවාත් අමල් පෙරේරා  පැමිණ රුපියල් කෝටි තුනහමාරකට ඉල්ලලා !

 කොස්ගොඩ, හිද්දොරුවේ ජීවත් වන ඇලි වර්ගයේ සුදු කැස්බෑවාද කිසියම් පිරිසක් සොරා ගෙන යනු ඇතැයි එම කැස්බෑවාගේ හිමිකරු බිය පළ කරයි. දැනට අතුරුදන්වී සිටින සුදු කැස්බෑවාගේ වර්ගයේ ලොකුම සුදු කැස්බෑවා සිටින්නේ කොස්ගොඩ, හිද්දොරුවේ අමරසේන ප්‍රනාන්දු මහතාගේ කැස්බෑ මධ්‍යස්ථානයේ ය.ඉකුත් 16 වැනිදා රාත්‍රියේ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් අතුරුදන් වූ සුදු කැස්බෑවා ගැන කිසිදු තොරතුරක් මේ දක්වා ලැබී නැත. එම මධ්‍යස්ථානයට මීටර් 300ක් පමණ නුදුරින් ජීවත් වන අමරසේන මහතා තමන්ගේ ගෙවත්තේ ටැංකියක ජීවත් වන සුදු කැස්බෑවාද කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන යනු ඇතැයි බිය පළ කරයි.

අමරසේන ප්‍රනාන්දු මහතාගේ කැස්බෑවාද ජනප්‍රිය තරුණ ගායක අමල් පෙරේරා මහතා පැමිණ රුපියල් කෝටි තුනහමාරකට ඉල්ලුවේ යැයි ඒ මහතා බදාදා (18) මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. අමල් පෙරේරා මහතා මාලදිවයින් ජාතික මුස්ලිම් පිරිසක් සමග පැමිණ සුදු කැස්බෑවා එම මිලට ඉල්ලූ බවත්, තවත් අය රුපියල් කෝටි හතක් වැනි ඉහළ මිලකට සුදු කැස්බෑවා මිලදී ගන්න‍ට සැරසුන බවත් අමරසේන මහතා කියයි.

විවිධ ව්‍යාපාරිකයින්, සුදු ජාතිකයින්, දේශපාලඥයින්ගේ ගෝල බාලයින් සමග දෙසීයකට වැඩි පිරිසක් තම කැස්බෑවා මිලට ඉල්ලා ඇති නිසා කිසියම් මොහොතක තම කැස්බෑවාද පැහැර ගෙන යනු ඇතැයි ඔහු බිය පළ කරයි.

Gossip Lanka Hot News Previous News Archive