නදීශා ආපු පක්ෂය අප්සෙට් - Geetha Kumarasinghe

එ. ජා. ප.යේ දැනට ඉන්න හාල්පාරුවන්ට වඩා නදීෂා හේමමාලි නිළිය මැතිවරණයට තරග කිරීම හොඳ නමුත් ඇය තරග කිරීම සඳහා තෝරාගෙන ඇති පක්ෂය ගැන නම් තමන් අනුමත නොකරන බැව් ඛෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි.ප.යේ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

ටෙලි නාට්‍ය නිළි නදීෂා හේමමාලි මෙනවිය මෙවර දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එ.ජා.ප.යෙන් තරග කිරීම සම්බන්ධව අප කළ විමසුමකදී ඇය මේ බව සඳහන් කළාය.ගීතා කුමාරසිංහ මහත්මිය මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය.

නදීෂා හේමමාලි මගේ සහෝදර නිළියක්. ඇයට මා සුබපතනවා. නමුත් ඇය මැතිවරණයට තරග කිරීමට තෝරාගෙන ඇත්තේ වැරැදි පක්ෂයක්. මා මේ මැතිවරණයට තරග කරන්නේ ඛෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි.ප. සංවිධායකවරිය වශයෙන් දකුණු පළාතේ ප්‍රධාන ඇමැති ධුරය සඳහායි.

මරදානේ කඩවල දින ගණනාවක් පරණ කොත්තු

"හිරමන මාස ගණනාවකින් සෝදා නෑ"
ආහාර අලෙවිසල් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යංශය උත්සව සමයත් සමග සමග ඊයේ (23) ආරම්භ කළේය. එහිදී මරදාන ප්‍රදේශයේ පරීක්ෂා කළ ආහාර අලෙවිසල් 100කට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙහිදී පරීක්ෂා කළ හෝටල්, ආපනශාලා, හා ආහාර අලෙවිසල්වල බැදීමට කිහිපවරක් භාවිත කළ තෙල්, දින ගණනක් පුරා සාදන ලද කොත්තු රොටි, හා මාස ගණනක් පුරා පිරිසිදු නොකළ හිරමන තිබූ බැවින් එම හෝටල්වලට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අමාත්‍යංශය පෙන්වා දේ. උත්සව සමයට සමගාමීව දිවයින පුරාම මෙම වැටලීම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 
මෙම වැටලීම් සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, හා කොළඹ නගර සභාවේ ආහාර පරීක්ෂකවරුන්ගේද සහය ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.ආහාර අලෙවිසල් වැටලීම පිළිබඳ විශේෂ චක්‍ර‍ලේඛය මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ අත්සනින් යුතුව සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වෙත යවා තිබේ.

ජාතික ගීය යනකොට රනිල් කමිසේ අත නවනවා – Wimal Weerawansa ( Video)

ජාතික ගීයට ගරු නොකරන අසංවේදී නායකයින්ට රටට නායකත්වය දිය නොහැකි බව ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස ආධාර පිරිනැමීමේ උත්සවයකදී ය.

වීරවංශ මහතා එහිදී මෙසේද කීය,
" එක්සත් ජාතික පක්ෂයේ සමුළුව තිබ්බා ඊයේ පෙ‍‍රේදා හොදට ගොරවනවා ඒ සමුළුවේ නායකයෝ ටික, ජාතික ගීය යනකොට. හිටගෙන නිදි සමහරු. ඒ විතරක් නෙවෙයි, ජාතික ගීය නතර කරලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කළේ. කොහොමද රට ගැන තියෙන සංවේදිකම. ජාතික ගීය යනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා කමිසේ අත නවනවා. දැන් අපිට ඉස්කෝලේදී කියලා තියෙන්නේ සීරුවෙන් හිටහන් කියලා ජාතික ගීය යනකොට. අපේ විපක්ෂ නායකතුමා සීරුවෙන් හිටගෙන අත්නවනවා කමිසේ. "

අලියෙක් යුවතියක් පැහැරගෙන ගොස් මරා දාලා

සිය බාහිර උපාධි විභාගයට පෙනී සිටීමට යමින් සිටි සිසුවියක් සඳුදා (23) වල් අලියෙකු විසින් ඔසවාගෙන ගොස් පහර දී මරා දමා තිබේ. මල්පානව, මුන්නෑකුලම පදිංචිව සිටි ඒ.ඇම්. මධුභාෂිණී ලක්මාලි (22) තරුණිය මෙලෙස අලි ප්‍රහාරයට ලක් වී මියගොස් ඇත. අද පෙරුවරුවේ කුරුණෑගල මලියදේව බාලිකාවේ බාහිර උපාධි විභාගය පැවැති අතර මධුභාෂිණී සිසුවිය සිය පාපැදියෙන් නිවසේ සිට කිලෝ මීටරයකට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇත. මෙලෙස එන අතර අනාත පාර තුන්මන් හංදිය අසලදී කැලෑවෙන් මතු වූ අලියා මේ තරුණියව ඔසවාගෙන මීටර් 20ක් පමණ වනය තුළට ගෙනගොස් තිබේ. 

මේ දුටු අවට පිරිස් කෑ ගසා තරුණිය බේරා ගන්නට වෑයම් කොට ඇති නමුත් අලියා ඇයව පොළවේ ගසා හිස පාගා ඇත. කෙසේ වෙතත් අවට පිරිස් එක් වී අලියා පලවා හැර ඇයව නිකවැරටිය රෝහලට ගෙන ගිය නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව කියැවේ. 

මේ අතර නිකවැරටිය අවට ගම්වදින අලි 50ක 60ක පමණ ප්‍රමාණයක් සිටින බවත් ඉකුත් මාස තුනක පමණ කාලයක් ඇතුළත අලි පහරදීමෙන් 10දෙනෙක් පමණ මියගොස් ඇති බවත් පැවසේ. ඉඟිණිමිටිය ජලාශයට ඉහළින් ආරක්ෂිත අලිවැට ඉදි නොකිරීම මේ ව්‍යසනයට හේතු වී ඇති බවත් ඒ නිසාම රස්නායකපුර,නිකවැරටිය,කොටවෙහෙර වැනි ප්‍රදේශවල නිරන්තර අලි තර්ජන වලට ලක්වන බවත් ප්‍රදේශවාසීහු පවසති.

ශ‍්‍රී ලංකාව කිරුළ රැකගනී.. මෙවරත් Sex සොයා පළමු තැන ලංකාවට - Again Sri Lanka is No.1 nation in 'sex' searches on Google !


අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ Sex සෙවීමේ ලොව පළමු තැන ශ්‍රී ලංකාව දිනා සිටින බව google ආයතන වාර්තා වල දැක්වේ.
Google විසින් නිකුත් කර තිබෙන එම දත්තවලට අනුව මේ වසරේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වන අතර රට තුල නුගේගොඩ නගරය පළමු තැනටත් හෝමාගම සහ කොළඹ, දෙවන තුන්වන ස්ථානවලටත් පත්ව සිටී.
මේ අතර ලිංගිකත්වය පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශය රැඳී සිටී.පසුගිය 2012 වසරේදීද ශ‍්‍රී ලංකාව google සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ සොය ලොව පළමු තැන දිනා ගත්තේය.

නංගිට කලින් අක්කා විවාහ වෙන්න ඕන කියලා මම හිතන්නේ නැහැ - Dinakshie Priyasad

දිනක්‍ෂි ප්‍රියසාද්, ශෙෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ තම පියාගේ අඩි පාරේ යමින් කලාවට සම්බන්ධ වුණ ජනප්‍රිය රංගන ශිල්පීනියන් ත්‍රිත්වයක්‌. අක්‌කල නංගිල තුන්දෙනාටම එක වගේ ජනප්‍රියත්වයක්‌ ලැබෙද්දී ළඟදිම ශෙෂාද්‍රි විවාහ වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ශෙෂාද්‍රිගේ විවාහය ගැන අපි දිනක්‍ෂිගෙන් විස්‌තර අහලා බැලුවා.

මොනවද මේ දවස්‌වල දිනක්‍ෂිගේ වැඩ කටයුතු?

මේ දවස්‌වල අම්මාවරුණේ නාට්‍යයේ ෂූටිං ඉවර කළා. අම්මාවරුණේ නාට්‍ය මේ දවස්‌වල ස්‌වර්ණවාහිනියේ විකාශය වෙනවා. කළු සෙවනැලි සහ කාජල් කියලා අලුත්ම නාට්‍ය 02 ක වැඩ කළා. ඒවා ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය. ඩබල් ටි්‍රබල් චිත්‍රපටය මේ දවස්‌වල ලංකාව පුරා සිනමාහල්වල තිරගත වෙනවා.

 ඒ චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව සුපුරුදු විදියටම නිවේදන කටයුතුවලටත් සහභාගි වෙනවා. මේ සියලුම කලා වැඩ කටයුතු අතරතුරේ¨ මගේ උසස්‌ අධ්‍යාපන වැඩ කටයුතුත් මම දිගටම කරගෙන යනවා.

පුතුගේ ලොරියට මව බිලි !

බිංගිරිය පොලිස් බල ප්‍රදේශයේ පානවැව ග්‍රාමයේදී ඊයේ (22) පෙරවරු 10.30 ට පමණ සිය වැඩිමල් පුතු පැදවූ ලොරි රථයට යටවීමෙන් අවුරුදු 82ක් වයසැති මාතාවක් මරුමුවට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තාවේ.

වත්තේ කඩන ලද පොල් මව සමඟ ඇහිදීමෙන් පසුව ‍ෙලාරි රථයට පොල් පැටවීම සඳහා ලොරි රථය පිටුපසට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පානවැව පදිංචිව සිටි කේ. විනිප්‍රීඩා පෙරේරා නැමැති දෙදරු මවකි. ලොරි රථය ධාවනය කළ මියගිය කාන්තාවගේ වැඩිමල් පුත්‍රයා වන එච්. ඒ. ප්‍රීටස් නෙවිල් රෝයි (52) යන අය බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මියගිය කාන්තාවගේ දේහය හලාවත මූලික රෝහලට යවා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය. බිංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි. එම්. ජගත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.‍

ඩෙංගු වෛද්‍යවරියට ජනපතිගෙන් පහසුකම්

ඩෙංගු රෝගයට සාර්ථක ආයුර්වේද ඹෟෂධයක් සොයා ගත් ගාල්ලේ ඩෙංගු වෛද්‍යවරිය ලෙස ප්‍රචලිත ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසුරියට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති සායනික පර්යේෂණ සිදු කිරීමට රජයේ රෝහලකට අනුබද්ධ විශේෂ පහසුකම් ලබා දෙන ලෙස පසු ගිය සතියේදී ජනාධිපතිතුමා ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත. 

දැනට වසරකට පමණ පෙර ආයුර්වේද පර්යේෂණායතනයේ සායනික පර්යේෂණ සිදු කිරීමට ස්ථානයක් ලබා දෙන බවට බලධාරීන් විසින් ඇයට පොරොන්දු වී සිටියද මෙතෙක් ඇයට මේ සඳහා අවස්ථාවක් ලැබී නොතිබිණි.

මේ පිළිබඳව ආයුර්වේද වෛද්‍යවරිය විසින් ගිය බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිතුමාට දුරකථනයෙන් දැනුම් දුන් පසුව ඒ මොහොතේම ජනාධිපතිතුමා විසින් ඇයට අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයාට නියෝග කොට තිබේ. ඒ මොහොතේම ආයුර්වේද වෛද්‍යවරියට ජනාධිපතිතුමා විසින් දුරකථනයෙන් ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයා දුරකථනයට සම්බන්ධ කැර ඇයගේ අවශ්‍යතාවය සපුරා ගන්නා ලෙස උපදෙස් දී තිබේ. 

Gossip Lanka Hot News Previous News Archive