" මගේ හඳහනේ තියෙන්නේත් උල්පතකින් වගේ මුදල් එන නිසා කවදාවත් ඒවා පල්වෙන්න
දෙන්න එපා සියලු දෙනාට ඒවා බෙදාහරින්න කියලා "
රන්ජන් රාමනායක බිස්නස් කරනවද?
ඔව්.
මොනවද කරන බිස්නස්?
සිනමාව, ටෙලි නාට්‍ය හා සංගීතය මේ තුන තමයි මගේ බිස්නස් එක.
ඒවා කොහොමද බිස්නස් එකක් වෙන්නේ?
අපි චිත්‍රපට කරන්නේ මුදල් හම්බකරන්නනේ. ටෙලි නාට්‍ය කරන්නෙත් එහෙමයි. ඊට අමතරව මම කැසට්පට නිෂ්පාදනය කරනවා. චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරනවා. ඒ නිසා සංගීතය සිනමාව කියන්නේ ව්‍යාපාරයක්.







