ශේෂාද්‍රි ප්‍රියසාද් යුග දිවියට - Sheshadri Priyasad's Wedding Day

http://www.gossiplankahotnews.com/2013/12/sheshadri-priyasads-wedding-day.html
එකවගේ කෙල්ලො තුන්දෙනෙක් දිනේෂ් ප‍්‍රියශාද් නම් සිනමා අධ්‍යක්‍ෂවරයාට සිටියි. මේ තුන්දෙනාගෙන් වැඩිමල් වූයේ දිනක්‍ෂිය.ශේෂාද්‍රි මුළින්ම සිනමාවට ප‍්‍රවිශ්ට වූයේ උදයකාන්තගේ සිනමා නිර්මාණයක් වූ 'චැලේන්ජර්' හි රංගනයට එක්වෙමිනි. මේ වනවිට මේ පවුලේ කෙල්ලන් තිදෙනාම රංගනයට ප‍්‍රවිශ්ටව ජනප‍්‍රිය වී සිටිති.

පවුලේ මද්දුමී කළින්ම විවාහ වන්නට තීරණය ගෙන තිබිණ. ජනප‍්‍රිය ටෙලි නාට්‍ය අධක්‍ෂවරයෙකු වූ රන්ජන් ද සිල්වාගේ පුත‍්‍රයා ශේෂාද්‍රිගේ අතගත් මනාලයා විය.දෙදෙනාගේ විවාහ මංගල්ලය දෙසැම්බර් මස 26වන දින ගංගාරාම විහාරයේදී හෙළ කුළ සිරිතට සිදුවිය. මෙය පවුලේ සමීපතයන් පමණක් සහභාගී වූ මංගල්ලයක් විය.


ජායාරූප අනුග‍්‍රහය- තිරිමාන්න සේයා ස්ටුඩියෝ වෙනි
Sheshadri Priyasad's Wedding @ Gangarama Vihara 26.12.2013

ගංජා අල්ලන්න ගිය පොලිසියට අම්මා නිරුවත පෙන්වද්දී දුව උඩුකය පෙන්නලා !

අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර කඩයක ගංජා විකුණන බවට අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත ලැබුණු තොරතුරක් මත නිලධාරීන් එම කඩය සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදී අවුරුදු 57ක් පමණ වයසැති කඩ හිමි කාන්තාව තම ඇඳුම් සියල්ල ගලවා නිර්වස්ත්‍රව හිඳ පුළුවන්නම් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස කෑ ගසමින් පොලිස් නිලධාරීන්ට බාධා කර ඇත.

අනතුරුව එම කාන්තාවගේ දියණිය මේ ස්ථානයට පැමිණ උඩුකය නිරුවත් කර පොලිස් නිලධාරීන් තම මවට කරදර කරන බවට පවසා කෑ ගසා තිබේ. අම්බලන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ උ.පො.ප. ඩී.එම්.වී.ජේ. සමන්ජිත් මහතාගේ උපදෙස් මත පොලිස් කාන්තාවන් කිහිපදෙනකු මඟින් නිර්වස්ත්‍රව සිටි සැකකාර කාන්තාව රෙද්දකින් ආවරණය කර අත්අඩංගුවට ගෙන තිබේ.

කඩය සෝදිසි කිරීමේදී සොයාගන්නා ලද ගංජා මිලිග්‍රෑම් 500ක් සමඟ සැකකාර කාන්තාව හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.ම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.ටී. විජේරත්න මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සමන්ජිත් මහතා ඇතුළු නිලධාරීන් මේ සෝදිසි කිරීම සිදුකොට තිබේ.

හොර නෝට්‌ටු නිෂ්පාදනාගාරයක්‌ මාට්‌ටු - Police discover forged currency in Kalutara

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්‌ටු නිෂ්පාදනය කරමින් රුපියල් 5000 සිට රුපියල් 500 දක්‌වා මුදල් නෝට්‌ටු අච්චු ගැසූ 27 හැවිරිදි තරුණයා ඊයේ වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

කළුතර හෝලික්‍රොස්‌ හන්දියේදී ජංගම කිරි අලෙවි රථයකින් රුපියල් 500 ක මුදල් නෝට්‌ටුවක්‌ දී පැණි බෝතල් කාලක්‌ මිලදී ගැනීමට තැත් කිරීමේදී දකුණු කළුතර පොලිසියේ සැරයන් (3464) අජිත් හා සැරයන් (18236) ලංකාතිලක යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්‌ටු 24 (රුපියල් දොළොස්‌ දහසක්‌) සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ, කළුතර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ යන මහත්වරුන් සැකකරුගේ ප්‍රකාශ මත ඔහුගේ මොල්ලිගොඩ නිවස පරීක්‍ෂා කර ව්‍යාජ රුපියල් 500 නෝට්‌ටු 137 ක්‌ද , 1000 නෝට්‌ටු 5 ක්‌ ද, රුපියල් 5000 නෝට්‌ටු 2 ක්‌ ද මුදල් නිෂ්පාදනය කිරීමට ගත් කඩදාසි, පරිගණක යන්ත්‍ර ද අත්අඩංගුවට ගෙන ඇත.

රට පුරා දැඩි කිරි පිටි හිඟයක් !

රටපුරා සෑම ප්‍රදේශයකම දැඩි කිරිපිටි හිඟයක් මතුව ඇති බව මහජනතාව මැසිවිලි නඟමින් සිටී. සෑම වෙළෙඳසලකම හා සුපිරි වෙළෙඳසල්වල කිරිපිටි රාක්ක හිස්ව ඇතැයි ජනතාව පවසති.

ඒ හේතුවෙන් විශේෂයෙන්ම මවුකිරි වැරූ දරුවන්ට පිටිකිරි සපයා ගැනීමේ ගැටලුවකට මවුපියන් රැසක් මුහුණදී තිබේ. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවැසුවේ කිරිපිටි මිල වැඩිකරන ලෙසට බලකරමින් කිරිපිටි සමාගම් ඉදිරිපත් කරන යෝජනාවලට සුබවාදී ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එම සමාගම් තම කිරිපිටි තොග වෙළෙඳපොළට නිකුත් නොකර සඟවා ඇති බවයි.

කිරිපිටි සමාගම් යෝජනා කරන මිල ගණන් අසාධාරණ මිල ගණන් බව පැවැසූ රූමි මර්ෂුක් මහතා කිරිපිටි තොග සඟවමින් කිරිපිටි සමාගම් අනුගමනය කරන පිළිවෙතද නීතිවිරෝධී යැයි කීය.එසේ කිරිපිටි තොග සඟවා ඇති ගබඩා පරීක්‍ෂා කර ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමටත්, කිරිපිටි සඟවා ඇති සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කැපවී ඇතැයි පැවැසූ ඒ මහතා එවැනි ගබඩා සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් 0771088922 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නත්තල් දා පකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට අමතක නොවන තෑග්ගක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට පකිස්ථානය ඊයේ සමත් විය.

ඒ ශ්‍රී ලංකාවට එරෙහි හතරවන එක්දින තරගයත් කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3 – 1 ක් ජයගෙන පකිස්ථානය ඉදිරියෙන් සිටී.අශාන් ප්‍රියන්ජන සහ කිත්රුවන් විතානගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේය.අබුඩාබිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේදි සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 225ක් පමණි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 41යි පන්දු 1කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.කුමාර් සංගක්කාර සහ අශාන් ප්‍රියන්ජන එක්ව හතරවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.

සංගක්කාර ලකුණු 51කට දුවද්දී දැවි ගියේය.සිය මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදීම අශාන් ප්‍රියන්ජන මංගල අර්ධ ශතකය ලබා ගැනීම විශේෂත්වයකි.අශාන් ලකුණු 74ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 10ක් ඇතුලත් විය.තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ කිත්රුවන් විතානගේ ද පන්දු 26කදී ලකුණු 27ක් ලබා ගත්තේය.

රටේ ජාවාරම්කාරයන්ගේ නායකයන් ටික දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ, K D Lalkantha

රටේ ජාවාරම්කාරයන්ගේ නායකයන් ටික දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ බවත් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූවන් අතර ගණිකාවන්, කුඩු ජාවාරම්කාරැවන් බූරු කාරයන්, සූදු කාරයන්, එතනෝල් ජාවාරම්කාරයන් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.

ජවිපෙ ප‍්‍රචාරක රැස්වීමක් කොස්ගමදී අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

‘දැන් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා ගණිකාවෝ. කුඩු ජාවාරම්කාරයෝ බූරු කාරයෝ සූදු කාරයෝ එතනෝල් ජාවාරම්කාරයෝ ඔක්කොම ටික දැන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ. ජනතාව ඡන්දෙන් තමයි ගෙනාවෙ
රටේ ජාවාරම්කාරයින්ගේ නායකයෝ ටික දැන් ඉන්නේ පාර්ලි‍මේන්තුව ඇතුළේ, දේශපාලනඥයා අපරාධ කාරයෙක් වෙලා. කාටුන් ශිල්පියා දේශපාලඥයා අඳින්නෙ මගෝඩිස් තුමාට. මගෝඩියාට.දේශපාලඥයගෙ චරිතෙ කෙලෙසිලා. ජාවාරම්කාරයෙක් හොරෙක් තක්කඩියෙක් අපරාධ කාරයෙක් කියන රූපය තමයි මැවෙන්නේ දේශපාලනඥයා කියලා කියද්දි’

මම හම්බෙන සල්ලි වියදම් කරන්නේ ගොඩක් දුරට ජනතාවගේ යහපතටමයි - Ranjan Ramanayake

" මගේ හඳහනේ තියෙන්නේත් උල්පතකින් වගේ මුදල් එන නිසා කවදාවත් ඒවා පල්වෙන්න දෙන්න එපා සියලු දෙනාට ඒවා බෙදාහරින්න කියලා  "

රන්ජන් රාමනායක බිස්නස් කරනවද?
ඔව්.

මොනවද කරන බිස්නස්?
සිනමාව, ටෙලි නාට්‍ය හා සංගීතය මේ තුන තමයි මගේ බිස්නස් එක.

ඒවා කොහොමද බිස්නස් එකක් වෙන්නේ?
අපි චිත්‍රපට කරන්නේ මුදල් හම්බකරන්නනේ. ටෙලි නාට්‍ය කරන්නෙත් එහෙමයි. ඊට අමතරව මම කැසට්පට නිෂ්පාදනය කරනවා. චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරනවා. ඒ නිසා සංගීතය සිනමාව කියන්නේ ව්‍යාපාරයක්.

මවක් පවුල් සැලසුම් එන්නත විෂ වි මරණයට

24 හැවිරිදි එක්දරු මවක් එන්නතක් විෂ වි මරණයට පත් වීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන පවුල් සැලැසුම් එන්නතක් වන depo tone එන්නත භාවිතය හා අලෙවිය අඟහරුවාදා (24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පුරා සම්පූර්ණයෙන් නවතා දැමීමට විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළ බව ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

කල්පිටියේ පදිංචි 24 හැවිරිදි මවක් වන මේරි නිරෝමා නැමැති කාන්තාව සඳුදා(23) සවස කල්පිටිය දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී මෙම depo tone නැමැති පවුල් සැලැසුම් එන්නත එන්නත් කර ගැනීමෙන් පසු මරණයට පත් වීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක පරිදි ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලූම ඖෂධ සැල් හා පුද්ගලික ප්‍රතිකාර ස්ථානවල දැනට තිබෙන මෙම එන්නත ඖෂධ අධිකාරියේ නිලධාරීන් මගින් එම නිලධාරීන් භාරයට ගැනීමට නියෝග කර ඇති බව ද වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා වැඩිදුරටත් පවසයි.

මෙම සිද්ධීය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍ය කණඩායමක් පත් කර ඇති බවත් එම කණ්ඩායම කල්පිටිය අදාළ සිද්ධීයට තුඩු දුන් වෛද්‍ය මධ්‍යස්ථානය දැඩි පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව ද මිය ගිය කාන්තාවගේ පවුලේ අය හමු වී තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බව ද පැවැසී ය.

Gossip Lanka Hot News Previous News Archive