ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගයෙන් (දිවා/රාත‍්‍රී) ශ‍්‍රී ලංකා පිල කඩුලූ 2 ජයක් ලැබීමට සමත් විය. මෙම තරගය අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (27 වැනිදා) පැවැත්විණ.
මෙම තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලැබුව ද පාකිස්තානය 3-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය. ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 233 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
දිනේෂ් චන්දිමාල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් පන්දු 70 කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස් කළේය. චන්දිමාල්ට හොඳ සහයෝගයක් දුන් අජන්ත මෙන්ඩිස් 49 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ගැසූ හයේ පහරින් ශ‍්‍රී ලංකාව මත පැටවී තිබූ පීඩනය තුරන් විය.අජන්ත පන්දු 14 හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 19 රැස් කිරීමට සමත් විය. අවසන් ඕවරයට ලකුණු 3 ක් ලබා ගැනීමට තිබූ අතර එය සාර්ථක කර ගැනීමට චන්දිමාල් සහ අජන්ත සමත් වූහ.

.jpg)





