දිවා කාලයේ ලයිට් දමාගෙන යාමෙන් යතුරු පැදි අනතුරුවල ශීඝ්‍ර අඩුවීමක්

ශීඝ්‍රයෙන් ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දිවා කාලයේදීද මහමග ගමන් ගන්නා යතුරු පැදිවල ප්‍රධාන විදුලි ලාම්පුව ක්‍රියාත්මක කරගෙන යන ලෙස පොලිස් රථවාහන අංශය කළ ඉල්ලීමට අනුව ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන යෑමෙන් යතුරු පැදිවලින් සිදුවන අනතුරුවල ශීඝ්‍ර පහළ යෑමක් සිදුවී ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.

මූලික පෙරහුරුවක් ලෙස බස්නාහිර පළාත තුළ මෙය සිදු කරන ලෙස යතුරු පැදිකරුවන්ගෙන් කළ ඉල්ලීමට ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවත් වාහන රියැදුරන්ද යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණික අවධානය මෙයට යොමුවී ඇති බව පොලිස් රථවාහන අංශයේ නිලධරයකු පැවසීය. මෙය ඉදිරියේදී අනෙක් පළාත්වලද ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය පිළිබඳ සොයා බලන බවද එම නිලධරයා පැවසීය.

මෙම ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවත් යතුරු පැදි ධාවනයේදී ධාවකයාට අනිවාර්ය වූ ආරක්ෂක හිස්වැසුමෙන්ම ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන යාමද ඉදිරියේදී නීතිගත කිරීමට ද මෙමගින් හොඳ පිටුබලයක් ලැබෙන බවද එම නිලධරයා පැවසීය

පොලිස් පරීක්ෂකවරිය එක් දරු පියා පැහැරගෙන ගොස් ලිංගික අතවර කරලා

කැලණිය ‍පොලිස් කොට්ඨාසයේ කාන්තා ‍පොලිස් පරීක්ෂකවරියක් බිරිඳ සමග නිදියහනේ සිටි එක්දරු පියකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ බවට බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.පොලිස් පරීක්ෂකවරිය තම සැමියාට මරණීය තර්ජනය කර පැහැරගෙන ගිය බවට බිරිය පෙරේදා (28) රාත්‍රී පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර ඇත.

‍පොලිස් පරීක්ෂකවරිය ත්‍රිරෝද රථයකින් පෙරේදා (28) පෙරවරුවේ එක්දරු පියාගේ නිවසට ගොස් තිබේ. එම නිවසේ කාමරයක් තුළ එක්දරු පියා, බිරිය හා දරුවා සමග ඇඳ මත සිට ඇත. ‍පොලිස් පරීක්ෂකවරිය එම කාමරයට ගොස් තමන් සමග එන ලෙස එක්දරු පියාට පවසා තිබේ. එහිදී බහින්බස් වීමක්ද සිදුවී ඇති අතර පසුව ඔහුගේ මෝටර් රථයෙන්ම එක්දරු පියාත් ‍පොලිස් පරීක්ෂකවරියත් වත්තල මුහුදු වෙරළට පැමිණ ඇත.

සැමියා නිවසට පැමිණීමෙන් පසු බිරිය ‍පොලිස් පරීක්ෂකවරිය කළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර තිබේ.පොලිස් පරීක්ෂකවරිය ‍පොලිස් අධිකාරිවරයකුගේ ‍ලේකම්වරියක ලෙස සේවය කරන අතර ඇය ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව්වක විනිසුරුවරියක ලෙස කටයුතු කරයි.

හොර පාරෙන් ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික පිරිස අඩුවෙලා

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටී තිබෙන බව ඔස්ට්‍රේලියාව පවසයි.එය ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා රජයන් ඒකාබද්ධව සිදුකළ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුව සිදුකළ සමීක්ෂණයකින්මේ තොරතුරු අනාවරණය වී තිබෙන බවද එම මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.එම සමීක්ෂණයට අනුව පසුගිය දින 36ක කාලය තුළ කිසිඳු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකු ඔස්ට්‍රේලියාවට පැමිණ නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර 2009 වර්ෂයේ මාර්තු මාසයෙන් පසු නීත්‍යානුකූල නොවන ලෙස සංක්‍රමණිකයින් අවම පිරිසක් සංක්‍රමණය වු කාලය මෙය බවද ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

අදාළ කමිටුව පත්කළ පළමු දින සියය ඇතුළත නීති විරෝධී ලෙස සංක්‍රමණය වූවන්ගේ ප්‍රතිශතය සියයට 80 කින් පමණ පහළ බැස ඇති බවද වාර්තාවෙයි. කෙසේ වුවද ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා පිරිස් නාවුරු සහ මානුස් දූපත්වලට පිටත්කර හැරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඊට අමතරව පුද්ගල ජාවාරම්කරුවන්ට එරෙහිව ඉදිරියටත් දැඩි පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරනු ඇති බවද එම කාර්යාලය පවසයි.

කැකිරාවේ පාසල් බස්‌ අනතුරෙන් සිසුහු 18ක්‌ රෝහලේ තිදෙනකුට බරපතළයි

කැකිරාව තෙලිඹියාගම හන්දියේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස්‌ රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හා විදුලි කණුවක ආධාරකයක ගැටී සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 18 දෙනකු තුවාල ලබා කැකිරාව රජයේ රෝහලට ඊයේ (27 දා) උදැසන ඇතුළත් කෙරිණි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලේ සිට අනුරාධපුර ශික්‌ෂණ රෝහල වෙත ගිලන් රථ මගින් ගෙන ආහ. බස්‌රථය ඉපලෝගම "රණජයපුර" යුද හමුදා නිවාස සංකීර්ණයේ සිට කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට සිසුන් ප්‍රවාහනය කරද්දී මෙම අනතුර සිදුවී ඇත.

උදැසන 6.30 ට පමණ රණජයපුරින් පිටත් වී කැකිරාව නගරයට එප්පාවල කැකිරාව මාර්ගයෙන් ගමන් කරද්දී හදිසියේ ඇති වූ කාර්මික දොaෂයකින් අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි. තෙලිබියාගම හංදියේදී බස්‌රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර ගසේ සහ විදුලි කණු ආධාරකයේ ගැටී බරපතළ අලාභහානි සිදුවී තිබිණි.අනතුර සිදුවන අවස්‌ථාවේ බස්‌රථයේ දරුවන් තිස්‌දෙනකු පමණ ගමන් කර ඇත. අනතුරෙන් සිසුවියන් 9 දෙනකු හා සිසුන් 9 දෙනකු තුවාල ලැබූ අතර බරපතළ තත්ත්වයේ පසුවූ සිසුන් තිදෙනකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

කිරිපිටි මිල රු. 200කින් වැඩි කරනවා සමාගම් රජයට කියයි

ලෝක වෙළඳපොළේ ආනයනික කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් පන්දහසක් වන බැවින් එම කිරිපිටි මිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු බව ආනයනික කිරිපිටි සමාගම් නියෝජිතයෝ පවසති.

අද මේ වනවිට මෙරට ආනයනික කිරිපිටිවල මිල තීරණය වී තිබෙන්නේ එම කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 3500 පැවතියදී තීරණය වූ මිල වෙයි. එහෙත් ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඩොලර් එක්දහස් පන්සියයකින් වැඩිවී තිබියදී එම පරණ මිලටම කිරිපිටි ලබාදිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවද එම සමාගම් තවදුරටත් සඳහන් කරයි.

ආනයනික කිරිපිටි සමාගම් ඉල්ලා සිටින‍්නේ කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් දෙසීයකින් වැඩි කරන ලෙසයි. මේ වනවිට ඔවුන් රජයෙන් හයවතාවක් එම ඉල්ලීම කර තිබේ. රජය වසර එකහමාරකින් කිරිපිටි මිල වැඩිකර නැතැයි පවසන කිරිපිටි සමාගම්, ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවී මාස 7ක් පමණ ගතවී ඇතැයි ද ඔවුන් මේතාක්කල් පාරිභෝගිකයාට කිරිපිටි ලබාදුන්නේ පරණ මිල ගණන් යටතේ පාඩු ලබමින් බවද පවසති.

විශ්ව සංගීතයේ මහා ඇගයුම ,56 වන Grammy සම්මාන උළෙල

http://picture.gossiplankahotnews.com/2014/01/56th-annual-grammy-awards.html
විශ්ව සංගීතයේ මහා ඇගයුම , Grammy සම්මාන උළෙල පසුගිය දා උත්කර්ශවත් ලෙසින් පැවැත්වුනා. 56 වන වතාවටයි මෙවර එය පැවැත් වුණේ. මෙවර සම්මාන උළෙලේ සම්මාන 5ක් හිමිකරගත් Daft Punk හැමෝගෙම අවධානයට ලක් වුනා. Grammy සම්මාන උළෙලේ වටිනාම සම්මාන 2 වන Album of the Year සහ Record of the Year සම්මාන 2ම Daft Punk ට හිමිවීම කැපී පෙනුනා. අනිත් Grammy සම්මාන බෙදිලා ගියේ මේ විදිහටයි.

Song of the Year:
Lorde ගේ "Royals" ගීතය

Best Country Album:
Kacey Musgraves ගේ Same Trailer Different Park ඇල්බමය

Best Pop Vocal Album:
Bruno Mars ගේ Unorthodox Jukebox ඇල්බමය

මම නම් Kissing Scene එකකට යන්න වුණත් කැමැති නෑ - Hashini Gonagala

හෂිනිගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කියනවා නම්?
මම Study කළේ ස්ටැෆර්ඩ් අන්තර්ජාතික පාසලෙන්. Commerceවලින් තමයිA / L කළේ. මේ වෙනකොට ව්‍යාපාර කළමනාකාරීත්වය සම්බන්ධයෙන් උපාධියක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ දේවල්වලට අමතරව මොකද කරන්නෙ.

Dancing කරනවා. Dancing නම් පුංචි කාලේ ඉඳලාම කරනවා. මේ හැමදෙයක්ම ඕචතචදජඥ එකේ කරගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ.

ගොඩක් දෙනෙක් අතරට ගියේ Dancing Star වලින් නේද?
ඔව්. ඒ දවස්වල මම O/L කරන කාලේ. දුෂ්‍යන්ත්ගෙ ඥාති සහෝදරියක් හිටියෙ මගේ පන්තියෙ. මේ දැන හැඳුනුම්කම්වලින් තමයි මම දුෂ්‍යන්ත්ගේ Partner විදියට තරගයට සම්බන්ධ වුණේ. දුෂ්‍යන්ත් අපේ ගෙදරට ඇවිල්ලා විස්තර කිව්වත් ගෙදරින් කැමැති වුණේ නැත්තෙ මම පොඩි නිසා. ඒත් මුලින්ම හිටපු Partner තරගයෙන් අයින් වුණු නිසා මම දුෂ්‍යන්ත් එක්ක තරගයට සම්බන්ධ වුණා. ඒත් තාත්තා ඇහුවා O/L කරන නිසා මේ දෙකම එකපාර කරන්න පුළුවන්ද කියලත්.

ලබන මාසයේ සිට අලුත් ජාතික හැඳුනුම්පතක්

1972 සිට වසර හතලිස් දෙකක් අතින් ලියා ඡායාරූප අලවා නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත, ලබන මාසයේ සිට වෙනස් වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ අනුව අලුත් හැඳුනුම්පත සිංහල සහ දෙමළ භාෂා දෙකින්ම මුද්‍රිත පරිගණකගත හැඳුනුම්පතක් ලෙස නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්එම්එස් සරත් කුමාර කියා සිටියේ "72 සිට අපිට තිබුනේ සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් නිකුත් කළ හැඳුනුම්පතක්. මේ තුල විශාල වැරදීම් සිද්දවෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. අනික මේ තොරතුරු සියල්ල සටහන් කරන්නේ පොත් පත් වල, මිලියන විස්සක් තොරතුරු තියෙන්නේ පොත් 1500 ක," යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙතෙක් පැවති ක්‍රමවේදය තුල වැරදීම් සහ වංචා සහගත ක්‍රියා වලක්වා ගැනීම ඉතා අසීරු බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා, කිසිවෙකුට කිසිදු ආකාරයකින් වංචාවක් කළ නොහැකි ආකාරයකට නව හැඳුනුම්පත නිකුත් කිරීමට උත්සාහ කරන බව කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive