ලොව හොඳම වින්නඹු සේවිකාවට රුපියල් මිලියන 10 ක් වටිනා නිවසක්

ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි පී. ඩී. ලලිතා පද්මිණි මහත්මියට රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් අංග සම්පූර්ණ පහසුකම් සහිත දෙමහල් නව නිවස ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, අරලගංවිල නගරයේදී සිදු කෙරිණ.

ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී පී. ඩී. ලලිතා පද්මිණි මහත්මිය පිළිබඳ තොරතුරු දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා ඇයගේ නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 නිවාස මූල්‍යාධාරයක් ප්‍රදානය කළේය. එම නිවාස මූල්‍යාධාරය සමඟ ලලිතා පද්මිණි මහත්මියගේ මුදල් යොදවා රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් මෙම නිවස ඉදිකර තිබේ.

2010 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැති ආසියානු, ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බවට ලලිතා පද්මිණි මහත්මිය තේරී පත්විය.

දේශපාලනයට එන්න මගේ කිසිම අදහසක් නෑ - Piyumi Botheju

පසුගිය කාලෙ ඔබව නිර්මාණ තුළින් වැඩිපුර දකින්න නොලැබුණේ ඇයි?

දකින්න නොලැබුණේ නෑ. නිර්මාණ කීපයකට සහභාගි වුණා. නමුත් විශාල නිර්මාණ සංඛ්‍යාවකට දායක වුණේ නෑ. මේ දිනවලත් මම රඟපාන “දිය මත ලියමි” ටෙලි නාට්‍ය විකාශය වෙනවා. පසුගිය දවස්වල මම චිත්‍රපට කීපයකම රූපගත කිරීම්වලට සහභාගි වුණා.

මොනවද ඒ චිත්‍රපට?

සුදේශ් වසන්ත පීරිස්ගේ “රන්ජා”, සනත් අබේසේකරගේ “සිරි දළදා ගමනය”, ජනිත මාරසිංහගේ “මගේ යාලු මාළු”, දිනේෂ් ප්‍රියසාද්ගේ “ඔළුව ජපන් කඳ ජර්මන්” සිවගුරු නාදන්ගේ “කෝමාර්ක් නෝමාර්ක්” වැනි චිත්‍රපට කීපයකටම මම රංගනයෙන් දායක වුණා.

දෙහිවල ටෝනි භාරකරුගේ දබරැඟිල්ලෙන් කොටසක්‌ කඩා දමයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ "ටෝනි" නමැති චිම්පන්සියා කුඩා කල සිට රැක බලා ගත් තිලක්‌ පුෂ්පකුමාර නමැති සත්ව භාරකරුගේ දකුණු දඹරැඟිල්ලේ කොටසක්‌ වෙන් වනසේ කඩා දැමීම නිසා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට 29 දා සවස ඇතුළත් කරනු ලැබ ඇත.

කුඩා කල සිට තමන් රැකබලාගත් සත්වයා කෙරෙහි ඇති වූ ලෙන්ගතුකම හේතුවෙන් ටෝනිට ටොපියක්‌ ලබා දීමේ දී එක්‌වරම ටොපිය සමග ඇඟිල්ල කඩා දමා ඇත.සිද්ධියෙන් පසු සතා එම ස්‌ථානයෙන් ඉවත් කර කැඩුණු ඇඟිලි කොටස සමග රෝහල වෙත රැගෙන ගියද ස්‌නායු ඇදීම හේතුවෙන් ඇඟිල්ල බද්ධ කිරීම පිළිබඳ අවිනිශ්චිත බවක්‌ ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ටෝනි නැමති චිම්පන්සියා මව, කිරි දීම ප්‍රතික්‍ෂ්ප කිරීම හේතුවෙන් සත්වෝද්‍යානයේ පැටවුන් රැක බලා ගැනීමේ මධ්‍යස්‌ථානයේ කිරි පොවා ඇති දැඩි කළ සත්වයෙකි. එදා සෑම දෙනා "ටෝනි කොහොමද? යෑයි ආමන්ත්‍රණය කර හිස අත ගා ගිය හැටි මිනිසුන්ට අමතක වුවද සත්වයාගේ මතකයේ තවමත් රැඳී ඇති බව නොඅනුමානය.

මර්වින් වැනි ජෝකරයකුට ජනාධිපතිව සමාන කිරීම සරත් ෆොන්සේකාට නොවටිනා ජාතිද්‍රෝහී ක්‍රියාවක්

මර්වින් සිල්වා අමාත්‍යවරයා යනු ජෝකර් කෙනෙක්. එවන් පුද්ගලයකුගේ මයිලක් තරම්වත් ජනාධිපතිවරයා නොවටිනා බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ජාතිද්‍රෝහී ප්‍රකාශයක් බව පවසන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් ප්‍රසන්න මහතා සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකී.
පුවත්පත් කාටුන්වල කඩුවක් රැගෙන දකින්නට ලැබෙන මර්වින් සිල්වා අමාත්‍යවරයා අෑදා ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය ඔහු කළ ඉතා බරපතළ වරදක් බව අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ප්‍රභාකරන් ‘අපේ පවුල්වලින්’ පළිගත්තේ නැහැයි ෆොන්සේකා මහතා ප්‍රකාශ කළද ප්‍රභාකරන් යනු රටේ දෙමළ, මුස්ලිම්, සිංහල සෑම ජනතාවකගේම පවුල්වලින් පළිගත් අයකු බව කී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය. පසුගිය කාලෙ ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව බි්‍රතාන්‍ය අගමැති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසා තිබීම රටට හානිකරයි. ඒ නිසයි ඉතා ලැජ්ජා විය යුතු රාජ්‍යයක් වන ස්වාසිලන්තයට පවා ජනාධිපතිවරයා ගියේ ඒ ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ගෙනාවොත් අපේ රටට අනෙක් රටවලින් සහාය ගන්න.

ලාදුරු රෝගය යළි හිස ඔසවයි

ආසියානු රටවල් සියල්ල අබිබවා යමින් මෙරට ලාදුරු රෝගය බෝවීමේ ප්‍රතිශතය සියයට හත දක්වා වර්ධනය වී තිබේ. ජාතික ලාදුරු මර්දන ඒකකයේ නවතම නිල වාර්තාව අනුව එම තොරතුරු තහවුරු වන්නේ යැයි පවසන බළපිටිය මූලික රෝහලේ චර්මරෝග විශේෂඥ අජිත් ප්‍රසන්න කන්නන්ගර මහතා ඒ අනුව ලාදුරු රොගය බෝවීමේ ප්‍රවණතාවයේ ආසියාතික වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි පවසයි.

මෙහි වඩාත්ම බියකරු හා භයානක අන්තරාදායක තත්ත්වය වී ඇත්තේ පසුගිය වර්ෂයේ (2013) සොයාගත් අලුත් රෝගීන්ගෙන් 75-90ක්ව බෝවන ලාදුරු රෝගීන් වීම යැයිද එයටත් වඩා අනතුරුදායක වී ඇත්තේ ලාදුරු රෝගයට භාජන වී සිටින ළමයින් 86 දෙනාගෙන් 80-90 ක්ම බෝවන ලාදුරු රෝගීන් වීම යැයි ඒ මහතා පැවැසීය.අලුත්ම දත්ත අනුව 2012 වසරේ ලංකාවේ සිටි අලුත් රෝගීන් ගණන 2211ක් වී කුඩා ළමයින් ගණන 163ක් වී ඇති අතර මෙය 2013 වනවිට නව රෝගීන්ගේ ගණන 2032 ක් වන විට ළමයින්ගේ ගණන 177ක් වී ඇත.

2012 වසරේ සොයාගත් රෝගීන්ගෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් බෝ නොවන රෝගීන් වූ අතර 2013 දී වාර්තා වූවන්ගෙන් 75%ක්ම බෝවන රෝගයට ගොදුරුවීම යැයි ඒ මහතා කීය. මේ තත්ත්වයට හේතුව මේ රෝගය පිළිබඳ අපේ සෞඛ්‍ය අංශ 2009 සිට නොසලකා හැරීම යැයිද ඒ මහතා පෙන්නා දුන්නේය.

අනුරාධපුර පූජා පුරවරේ යළිත් පුරඟනෝ

මාස කිහිපයක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ වෛශ්‍ය වෘත්තීය ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර පැරණි නගරයේ ව්‍යාපාරික ජනතාව පෙන්වා දෙති. අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ විවිධ අංශ දීර්ඝ වශයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන්නන් අත්අඩංගුවට ගත් අතර මේ වන විට නව ක්‍රමයක් උපයෝගී කර ගනිමින් කාන්තාවන් මෙම වෘත්තියේ යෙදෙන බව ව්‍යාපාරිකයන් පෙන්වා දුන්හ. අනුරාධපුර පැරණි පූජා නගරය තුළ මෙම වෘත්තිය යළි හිස එසවීම හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ. 

අනුරාධපුර මාර්කට් පෙදෙසේ සතොස වෙළෙඳසල ඉදිරිපිට පිහිටි ‍පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉදිරිපිටට සවස 05.00 පමණ වන විට පැමිණෙන මෙම කාන්තාවන් ගැනුම්කරුවන් පැමිණෙන තුරු බලා සිටින බවත් මෙම කාන්තාවන්ට ගනුදෙනුකරුවන් සොයා දීම සඳහා වෙනම ත්‍රිරෝද රථ කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවද ව්‍යාපාරිකයන් අප සමග පැවසූහ. 

වෛශ්‍ය වෘත්තියේ නිරත වන මෙම කාන්තාවන් සමග ත්‍රිරෝද රථ රියැදුරන් ඉතා කිට්ටු ඇසුරක් පවත්වනා බවත් එම කාන්තාවන්ට ගැනුම්කරුවන් සපයා දෙන්නේ එම ත්‍රිරෝද රථකරුවන් බවත් ව්‍යාපාරිකයෝ පවසති.
ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ නිවාඩු ලබා අනුරාධපුරය හරහා නිවෙස් කරා යන ආරක්ෂක අංශ සාමාජිකයන් බවත් ඔවුන්ව ගණිකා ඇසුරට ‍පොළඹවා ඔවුන් සතු මුදල් වලින් විශාල ප්‍රමාණයක් ත්‍රිරෝද රථකරුවන් ලබා ගන්නා බවද ව්‍යාපාරිකයන් පැවසූහ.

බංග්ලාදේශය පරදා ශ‍්‍රී ලංකාවට යෝධ ජයක් - Sri Lanka defeat Bangladesh in first Test

සංචාරක ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එරටදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 248 කින් ජයග‍්‍රහණය කිරීම ශ‍්‍රී ලංකා කණ්ඩාමහ සමත් විය.තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය මුල් ඉනිමට සියල්ලන් දැවී ලකුණු 232ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාව සිය මුල් ඉණිමට කඩුළු 06ක් පමණක් දැවී ලකුණු ලබා තිබියදී සිය ඉණිම අත්හිටුවීය.

දෙවැනි ඉනිම ක‍්‍රීඩා කල බංගලාදේශයට ලබා ගැනීමට හැකි වූයේ 250ක් පමණි.

Sri Lanka defeated Bangladesh by an innings and 248 runs with a day to spare in the first Test in Dhaka on Thursday to take the lead in the two-match series.Bangladesh, trailing by a huge 498-run margin on first innings, were bowled out for 250 in their second knock after lunch on the fourth day at the Sher-e-Bangla stadium.

ගයේෂා, ජින්ජර්, රුවන්ති ඡන්ද සටනින් ඉවතට.....

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂ පෙරේරා, ටෙලි නාට්‍යය නිලි රුවන්ති මංගලා, ගායිකාවක වන ජින්ජර් හට නාම යෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ.

ජනතාවගෙන් නැගුනු විරෝධය හා අපරසාදය එයට හේතුවී තිබේ.විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුවද ඒ අතුරින් ඉතා සීමිත පිරිසකට පමණක් ඉඩකඩ ලබාදීමටත් ඒ අතුරින් නවක මුහුණු අඩු කිරීමටත් නාම යෝජනා මණ්ඩල තීරනයකොට තිබේ.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා පෑයූ තරු අතුරින් ඉත්රිව ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පමණි. ඇය නාම යෝජනා මණ්ඩලයට පැමිණීමට පෙර පටන්ට ඇයට නාම යෝජනා ලබාදෙන බවට පක්ෂය මගින් තීරණයකොට තිබුණි.ඒ අනුව ඇයගෙන් සම්මුඛ පරීක්ෂණයේදී වැඩිපුර ප්‍රශ්න විමසා තිබුනේද නැත. අවසානයේ හිරුනිකාගේ ජන්ද කැඩීම සඳහා දුමින්ද සිල්වා විසින් ඉදිරිපත් කල රුවන්තිගේ හා ජින්ජර්ගේ සැලැස්ම ව්‍යාර්ථ වී ඇත.

Gossip Lanka Hot News Previous News Archive