දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ "ටෝනි" නමැති චිම්පන්සියා කුඩා කල සිට රැක බලා ගත් තිලක් පුෂ්පකුමාර නමැති සත්ව භාරකරුගේ දකුණු දඹරැඟිල්ලේ කොටසක් වෙන් වනසේ කඩා දැමීම නිසා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට 29 දා සවස ඇතුළත් කරනු ලැබ ඇත.
කුඩා කල සිට තමන් රැකබලාගත් සත්වයා කෙරෙහි ඇති වූ ලෙන්ගතුකම හේතුවෙන් ටෝනිට ටොපියක් ලබා දීමේ දී එක්වරම ටොපිය සමග ඇඟිල්ල කඩා දමා ඇත.සිද්ධියෙන් පසු සතා එම ස්ථානයෙන් ඉවත් කර කැඩුණු ඇඟිලි කොටස සමග රෝහල වෙත රැගෙන ගියද ස්නායු ඇදීම හේතුවෙන් ඇඟිල්ල බද්ධ කිරීම පිළිබඳ අවිනිශ්චිත බවක් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ටෝනි නැමති චිම්පන්සියා මව, කිරි දීම ප්රතික්ෂ්ප කිරීම හේතුවෙන් සත්වෝද්‍යානයේ පැටවුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයේ කිරි පොවා ඇති දැඩි කළ සත්වයෙකි. එදා සෑම දෙනා "ටෝනි කොහොමද? යෑයි ආමන්ත්‍රණය කර හිස අත ගා ගිය හැටි මිනිසුන්ට අමතක වුවද සත්වයාගේ මතකයේ තවමත් රැඳී ඇති බව නොඅනුමානය.



.jpg)


