ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි පී. ඩී. ලලිතා පද්මිණි මහත්මියට රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් අංග සම්පූර්ණ පහසුකම් සහිත දෙමහල් නව නිවස ප්රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, අරලගංවිල නගරයේදී සිදු කෙරිණ.
ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී පී. ඩී. ලලිතා පද්මිණි මහත්මිය පිළිබඳ තොරතුරු දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා ඇයගේ නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 නිවාස මූල්‍යාධාරයක් ප්රදානය කළේය. එම නිවාස මූල්‍යාධාරය සමඟ ලලිතා පද්මිණි මහත්මියගේ මුදල් යොදවා රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් මෙම නිවස ඉදිකර තිබේ.
2010 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැති ආසියානු, ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බවට ලලිතා පද්මිණි මහත්මිය තේරී පත්විය.





.jpg)
