ත්රිත්ව ඝාතනයක් ඇතුළු ඝාතන සිද්ධීන් හතකට සහ කොල්ලකෑම්, ස්ත්රී දූෂණ ගණනාවක් ගැන පොලිසිය සොයමින් සිටි 'මිනුවන්ගොඩ ජීවන්' නමින් හැඳින්වූ පාතාල නායකයකු හා සැක කටයුතු ත්රිරෝද රථයේ රියැදුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට අයත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දික්වැල්ල ප්රදේශයේදී එල්ල කළ වෙඩි ප්රහාරයකින් මරණයට පත්ව තිබේ. මොහු හමුදාවෙන් පලාගිය සෙබළකු බව පැවැසේ.
මෙසේ මියගොස් ඇත්තේ දික්වැල්ල නිල්වැල්ල ප්රදේශයේ පදිංචි කේ. එච්. නලින්ද ප්රදීප් සහ කොළඹ මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි ජීවන් සුනිමල් රාජපක්ෂ නමැති අවුරුදු 30-35ක තරුණයන් දෙදෙනෙකි.
විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දික්වැල්ල රත්මලේ ප්රදේශයේ මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටින අතරතුර අධික වේගයෙන් පැමිණි ත්රිරෝද රථයකට නතර කිරීමට නියෝග කර ඇති අතර ත්රිරෝද රථය පාලනය කරගත නොහැකිව කානුවට වැටී ඇත. එහි පැමිණි අය පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලා යෑමට උත්සාහ දරා ඇති අතර එම නිලධාරීන් පෙරළා වෙඩි තැබීමේදී ඔවුන් දෙදෙනා තුවාල ලබා ඇත. පසුව දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනා මියගොස් ඇත.

.jpg)


.jpg)


