පාතාල නායක 'මිනුවන්ගොඩ ජීවන්' STF වෙඩි පහරින් මරුට ' Minuwangoda Jeewan' shot dead

ත්‍රිත්ව ඝාතනයක් ඇතුළු ඝාතන සිද්ධීන් හතකට සහ කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ගණනාවක් ගැන පොලිසිය සොයමින් සිටි 'මිනුවන්ගොඩ ජීවන්' නමින් හැඳින්වූ පාතාල නායකයකු හා සැක කටයුතු ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට අයත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දික්වැල්ල ප්‍රදේශයේදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ. මොහු හමුදාවෙන් පලාගිය සෙබළකු බව පැවැසේ.

මෙසේ මියගොස් ඇත්තේ දික්වැල්ල නිල්වැල්ල ප්‍රදේශයේ පදිංචි කේ. එච්. නලින්ද ප්‍රදීප් සහ කොළඹ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ජීවන් සුනිමල් රාජපක්‍ෂ නමැති අවුරුදු 30-35ක තරුණයන් දෙදෙනෙකි.

විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දික්වැල්ල රත්මලේ ප්‍රදේශයේ මාර්ග බාධක යොදා වාහන පරීක්‍ෂා කරමින් සිටින අතරතුර අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයකට නතර කිරීමට නියෝග කර ඇති අතර ත්‍රිරෝද රථය පාලනය කරගත නොහැකිව කානුවට වැටී ඇත. එහි පැමිණි අය පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලා යෑමට උත්සාහ දරා ඇති අතර එම නිලධාරීන් පෙරළා වෙඩි තැබීමේදී ඔවුන් දෙදෙනා තුවාල ලබා ඇත. පසුව දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනා මියගොස් ඇත.

එක්‌දරු මව දස හැවිරිදි දියණිය සමග ළිඳට පැන දිවි නසා ගනී

අනුරාධපුර, ශ්‍රාවස්‌තිපුර, ශාන්ති වී මෝල පාරේ පාළුවට ගිය නිවසක ගෙවත්තේ ළිඳක්‌ තුළ මිය ගොස්‌ සිටියදී හමුවූ දස හැවිරිදි දියණියගේ සහ ඇගේ මවගේ මරණ එම ළිඳට පැන දිවි හානිකර ගැනීමෙන් සිදුවී ඇති බව පෙරේදා (01 දා) අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. ඒ. කරුණාතිලක මහතා විසින් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

එම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මියගේ නියෝගයකට අනුව අනුරාධපුර ශික්‌ෂණ රෝහලේදී පවත්වනු ලැබිණි.මෙලෙස මියගොස්‌ ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර, සුදර්ශන මාවතේ නිවසක කුලියට පදිංචිව සිටි අලහකෝන් මුදියන්සේලාගේ නිරෝෂණී පතිරාජ මැණිකේ (43) සහ ඇගේ එකම දියණිය සමාධි භද්‍රdංජලී (10) යන දෙදෙනායි.

මියගිය දියණිය අනුරාධපුර පොතානේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඇය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය.

මැරෙන තුරු හෝ මරා දමන තුරා විප්ලවවාදියකු ලෙස වැඩ කරන්න සූදානම්

 Somawansa Amarasinghe
විප්ලවවාදීන්ට විශ්‍රාම යෑමට කිසිවිටෙක හැකියාවක් නොමැති බැවින් විප්ලවවාදියකු හැටියට තමා ඉදිරියේදීත් මැරෙන තුරු හෝ මරා දමන තෙක් ඕනෑම තැනක වැඩකිරීමට සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පැවැසීය. ජනතා විමුක්ති පෙරමුණට බැඳුණු කිසිදු සාමාජිකයෙක් නායකත්වය ඉල්ලා නොපැමිණි බව හෙතෙම සඳහන් කෙළේය.

නිවැරැදි දිශාව බලා දේශපාලන ප්‍රතිපත්ති, මූලධර්ම හා පක්ෂයේ විනය ආරක්ෂා කරමින් ලංකාව වෙනස් කොට රටේ නවීන සමාජවාදයක් ගොඩනැඟීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

සෝමවංශ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ 7 වැනි ජාතික මහ සමුළුවට සහභාගි වෙමින් පැමිණ සිටි දහස් ගණනකින් යුතු තම පාක්ෂිකයන් අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.

JVP නායකත්වය අනුරට - Anura Kumara Dissanayake is The new JVP leader

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්කරගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහා සමුළුව පැවැති සුගතදාස ක්‍රීඩාංගනයට පැමිණ දහස් ගණනක සාමාජිකත්වය මේ තීරණය ගෙන තිබේ. හිටපු පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාගේප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර රට පුරා පක්ෂය නියෝජනය කරමින් දහස්සංඛ්‍යාත පාක්ෂිකයෝ ඊට එක්ව සිටියහ.

Janatha Vimukthi Peramuna (JVP) MP Anura Kumara Dissanayake was appointed as the new leader of the party at its seventh convention today. He took the baton from Mr. Somawansa Amarasinghe who held the leadership nearly 20 years.

In fact, Mr. Amarasinghe proposed the name of Mr. Dissanayake for the leadership post at the convention. It was unanimously approved by the party members. Since its inception in 1965, the JVP has mainly been ruled by two leaders –Rohana Wijeweera and Somawansa Amarasinghe barring the brief leadership of Saman Piyasiri soon after the assassination of Mr. Wijeweera during the insurrection.

ඡන්දෙට එන නිළියෝ ගැන ප්‍රවීණයෝ කියන කතා

නළු නිළියෝ දේශපාලනයට එන්නේ වළ ඉහගෙන කන්න - ධර්මසිරි බණ්ඩාරනායක

ඉස්සර නළු නිළියෝ කිව්වම හිටියේ දක්‍ෂතාව ඇති ආත්ම ගරුත්වයක් ඇති, සිනමාවට වේවා වේදිකාවට වේවා කැපවුණු, අවබෝධයක් ඇති, ඒ විෂය පිළිබඳ අධ්‍යයනයක යෙදුණු පිරිසක්. අද ඉන්න වැඩි දෙනෙක් මේ රූපවාහිනිය ඇතුළේ ස්ටාර්ස්ලා වෙච්ච අය. ඒ ගොල්ලො හිතන්නේ 'මුළුරටම අපිව දන්නවා' කියලා. මේ නළු නිළියො මෙහෙම හිතන්න පටන් ගත්තේ මේ දේශපාලනය තුළ ඇති වුණ විනාශයේ ප්‍රමාණය නිසා.

ඒකට උගත්කම ඕන නෑ. මිනිහකුට ගැහුවොත් චණ්ඩිකමක් කළොත් ඒක තමයි දේශපාලනයට තියෙන සුදුසුකම. ආපහු හැරිල බැලුවොත් පනස් ගණන්වල ලංකාවේ සම සමාජ ව්‍යාපාරය, කොමියුනිස්ට් ව්‍යාපාරය ඒ වගේම ඒ හිටිය බුද්ධිමතුන් උගතුන් වගේ අය අතේ තියෙන තමන්ගේ වස්තුව නැති කරගෙනයි දේශපාලනය කළේ. අද අය හිතන්නේ දේශපාලනය කරලා සියලුම දේවල් ලබා ගන්න පුළුවන් කියලා. නැති බලයක් ලබා ගන්න පුළුවන්. නැති ජනප්‍රියතාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැඩිම මිනිස්සු සංඛ්‍යාවක් තමන්ගේ තුරුලට ගන්න පුළුවන්. මේ වගේ බංකොලොත් තැනකට දේශපාලනය ඇදගෙන වැටුණා.

ජාතික නිදහස් උලෙළ කෑගල්ලේ දී

ලබන අඟහරුවාදාට (4) යෙදෙන ශ්‍රී ලංකාවේ හැටහය වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ‘එකමුතුව ගොඩනඟමු ලොව දිනන දේශයක්’ යන තේමාව යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගරයේදී අභිමානවත් ලෙසින් පැවැත්වෙයි.මේ සඳහා අවශ්‍ය සියලු විධි විධාන යොදා අවසාන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා සිළුමිණට පැවැසීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙදින ජාතිය ඇමැතීමට නියමිතව ඇත්තේ පෙරවරු 9.15 ටය. එතුමාගේ ජාතිය ඇමැතීමෙන් අනතුරුව යුද හමුදාවේ 1400 ක්ද, නාවුක ගුවන් හමුදා සහ ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය යන අංශවල 1000 ක්ද ජාතික ශිෂ්‍යභට බළකායේ 325 ක් සහ යොවුන් සේනාංකයේ 300 යෞවන යෞවනියන් පිරිසක් ද ආචාර පෙළපාළියේ ගමන් කරනු ඇත.

නිදහස් සැමරුම් උත්සවයේ ඊළඟ වැදගත් අංශය වනුයේ සංස්කෘතික සංදර්ශනයයි. මේ සංදර්ශනයට පාසල් හා සංස්කෘතික මධ්‍යස්ථානවල සිසුහු සහභාගි වෙති. විවිධ අංශ 16 කින් සමන්විත මේ සංස්කෘතික සංදර්ශනය සමන්විත වෙයි.

ලොව හොඳම වින්නඹු සේවිකාවට රුපියල් මිලියන 10 ක් වටිනා නිවසක්

ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි පී. ඩී. ලලිතා පද්මිණි මහත්මියට රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් අංග සම්පූර්ණ පහසුකම් සහිත දෙමහල් නව නිවස ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, අරලගංවිල නගරයේදී සිදු කෙරිණ.

ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී පී. ඩී. ලලිතා පද්මිණි මහත්මිය පිළිබඳ තොරතුරු දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා ඇයගේ නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 නිවාස මූල්‍යාධාරයක් ප්‍රදානය කළේය. එම නිවාස මූල්‍යාධාරය සමඟ ලලිතා පද්මිණි මහත්මියගේ මුදල් යොදවා රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් මෙම නිවස ඉදිකර තිබේ.

2010 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැති ආසියානු, ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බවට ලලිතා පද්මිණි මහත්මිය තේරී පත්විය.

දේශපාලනයට එන්න මගේ කිසිම අදහසක් නෑ - Piyumi Botheju

පසුගිය කාලෙ ඔබව නිර්මාණ තුළින් වැඩිපුර දකින්න නොලැබුණේ ඇයි?

දකින්න නොලැබුණේ නෑ. නිර්මාණ කීපයකට සහභාගි වුණා. නමුත් විශාල නිර්මාණ සංඛ්‍යාවකට දායක වුණේ නෑ. මේ දිනවලත් මම රඟපාන “දිය මත ලියමි” ටෙලි නාට්‍ය විකාශය වෙනවා. පසුගිය දවස්වල මම චිත්‍රපට කීපයකම රූපගත කිරීම්වලට සහභාගි වුණා.

මොනවද ඒ චිත්‍රපට?

සුදේශ් වසන්ත පීරිස්ගේ “රන්ජා”, සනත් අබේසේකරගේ “සිරි දළදා ගමනය”, ජනිත මාරසිංහගේ “මගේ යාලු මාළු”, දිනේෂ් ප්‍රියසාද්ගේ “ඔළුව ජපන් කඳ ජර්මන්” සිවගුරු නාදන්ගේ “කෝමාර්ක් නෝමාර්ක්” වැනි චිත්‍රපට කීපයකටම මම රංගනයෙන් දායක වුණා.

Gossip Lanka Hot News Previous News Archive