ඊයේ ඉරිදා උදෑසන බත්තරමුල්ලේ ගැමුණු මාවතේ නිවසක මුළුතැන්ගෙයිහිදී ගෙල කපා මරාදමා තිබුණ මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ මිනීමරුවා පැය 24 ක් යන්නට මත්තෙන් ඊයේ රාත්‍රී 8 ට පමණ දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නට මිරිහාන විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිඛෙනවා.
පොලිස් වාර්තා අනාවරණය කරන ආකාරයට 40 හැවිරිදි අවිවාහක මාධ්‍යවේදිනිය මරාදමා ඇත්තේ සොරකමේ ආ පුද්ගලයෙකු සොරකම වැරදීමෙන් පසුය.පොලිසිය හසුකරගත් මිනීමරුවා තමන් මෙල් මෙනෙවිය මැරූ බවට පාපොච්චාරණය කර තිඛෙනවා. ඔහු මෙම නිවසේ තීන්ත ආලේප කිරීම සඳහා මින් ඉහත සති ගණනාවක් තිස්සේ නිවසට පැමිණි පින්තාරු බාසුන්නැහේ කෙනෙකි.
බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේ දෙමහල් සුඛෝපභෝගී නිවසක් වන මෙහි තීන්ත අලේප කිරීම සඳහා කාලයක් තිස්සේ කුලී වැඩට ආ මෙම බාස් උන්නැහේ නිවසේ උදවිය අනිවාර්යයෙන්ම ඉරිදාට පල්ලි යන බව දැන සිටි අතර ඒ අවස්ථාවේ නිවසේ කිසිවෙකු නැති නිසා සොරකමක් සිදු කරන්නට හොඳම වේලාව එය බව සිතා ඉරිදා මෙම සොරකම සිදු කරන්නට සැලසුම් කර තිඛෙනවා.



.jpg)


.jpg)
