Facebook ඡායා රුපය දැරියට මරු කැඳවයි.

ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු විසින් දොස් පැවරීමෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන අතැයි වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කුරුණෑගල නගරයේ පිහිටි ජනප‍්‍රිය පාසලක 11වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පී. බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නැමැති කුරුණෑගල, තෝරයාය ප‍්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.

ෆේස්බුක් ගිණුමක ඇය පාසල් නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප සහ විද්‍යාලයේ නිල ලාංඡනය පළ කර තිබීම සම්බන්ධයෙන් පසුගිය 3 වැනිදා කාර්යාලයට කැදවූ මෙම ශිෂ්‍යාවට පාසලේ විදුහල්පතිවරයා විසින් තදින් දොස් පවරා ඇති අතර යළි පාසල් එන දිනයේදී දෙමව්පියන්ද පාසලට කැදවාගෙන එන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබේ.

තවත් අලියෙකුගේ අවසානය....

හබරණ කිතුල් උතුව ප්‍රෙද්ශයේදී දුම්රියකට හසුවීමෙන් වන අලියකු මියගොස් තිබෙනවා.

ඊයේ (05) අළුයම කොලඹ ත්‍රිකුණාමලය තැපැල් දුම්රියට හසුවීමෙන් මෙම අලියා මියගොස් ඇති බව සඳහන්. දුම්රියේ ගැටුනු අලියා මීටර් 300 ක් පමණ ඇදී ගොස් දුම්රියට යටවී තිබෙනවා.

මෙම ස්ථානයේ ගතවු මාසයක පමණ කාලය තුල දුම්රියේ ගැටී මියගිය සිව්වන අලි මරණය මෙය බව වාර්තා වන්නේ.මෙම ස්ථානයේ දුම්රිය වේග සීමා පනවා ඇතත්, බොහෝ දුම්රිය රියදුරන් ඒ පිලිබද තැකීමක් නොකරන බව ප්‍රදේශවාසීහු පවසන්නේ.

පිළිකා වැඩිවන හේතුව ඩීසල් ප්‍රශ්නයක්‌ද?

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යැමට හේතුව මෙරටට ගෙන්වන ඩීසල්වල කිසියම් සංඝටකයක්‌ද යන්න පිළිබඳව වහා පරීක්‍ෂණ පවත්වන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික පිළිකා මර්දන ඒකකයේ වෛද්‍යවරුන්ට උපදෙස්‌ දී ඇත.වාහන සඳහා යොදා ගන්නා ඩීසල්වල කිසියම් සංඝටකයක්‌ නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබීම පිළිකා රෝගීන් ප්‍රමාණය වැඩි වීමට හේතුවක්‌ද යන්න පිළිබඳව ලොව පුරා රටවල අවධානය මේ වන විට යොමු වී ඇතැයිද සෞඛ්‍ය ඇමැතිවරයා එම වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේද පිළිකා රෝගය බරපතළ ලෙස වැඩි වී ඇතැයි ද සංඛ්‍යා ලේඛන අනුව වසරකට පිළිකා රෝගීන් 15000 ක්‌ 20,000 ක්‌ අලුතින් රෝහල්වල ලියාපදිංචි වී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ කීවේය.

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සඳහා පමණක්‌ 2013 වසරේ සිට 2016 දක්‌වා රුපියල් කෝටි 450 ක මුදලක්‌ වෙන් කර තිබෙන බව කී ඉහත නිලධාරියා ඉන් රුපියල් කෝටි 90 ක්‌ මෙම වසර සඳහා වෙන් කර තිබෙන බවද කීවේය.ඊට අමතරව පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලට ගැනීම සඳහා පමණක්‌ මෙම වසරේ රුපියල් කෝටි 150 ක්‌ වෙන් කර ඇතැයි කී හෙතෙම මෙතරම් විශාල මුදලක්‌ වැය කළද දිනෙන් දින පිළිකා රෝගීන්ගේ සඛ්‍යාව ඉහළ යාම බරපතළ ගැටලුවක්‌ බව කීය.

සුපිරි පිතිකරු මා නොවේ අරවින්දයි - සංගක්කාර කියයි

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ත්‍රිත්ව ශතකය ලබා ගැනීමත් සමඟ මුලු ලකුණු එකොළොස් දහසේ සීමාවද ඉක්මවා යමින් වාර්තා පොත් අතරට එක්විය.

සිය වෙහෙසකර ඉනිම නිමා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී සංගා අපූරු කතාවක් කීවේය.ත්‍රිත්ව ශතකයත්,ලකුණු එකොළොස් දහසේ සීමාව ඉක්මවීමත් සමඟ ඔබ ලංකාවේ සුපිරි පිතිකරුවා වූවාදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇසීය.එහෙත් සංගක්කාර පැවසුවේ ‘තමා ලංකාවේ සුපිරි පිතිකරුවා නොවන බවය. 

අරවින්ද සිල්වා ලංකාවේ සුපිරි පිතිකරුවා යැයි ඔහු කීවේය. අරවින්දගේ සුපිරි ක්‍රීඩා රටාව තම ගමනට ජවයක් වූ බව සංගා පැවසූ අතර වාර්තාවන් පිහිටුවීමත් ,බිඳ දැමීමත් නිතර සිදුවිය හැකි බව කීවේය. ‘දක්ෂතාවය ඇති පුද්ගලයින් ඉතිහාසයේ සිට ඇති බව මා පවසනවා’ යැයි සංගක්කාර කීවේය.ටෙස්ට් තරගවලදී වැඩි ම ද්විත්ව ශතක රැස් කළ ක්‍රීඩකයින් අතර දෙවන ස්ථානයහිමි කර ගැනීමට කුමාර් සංගක්කාර සමත්ව සිටින අතර වැඩිම වේගයකින් 11000 කඩඉම පසුකළ ක්‍රීඩකයා වන්නේද ඔහුය.කඩුලු රකින ක්‍රීඩකයෙකු මින් පෙර මෙවැනි දස්කමක් කොට නැත.මේ වනවිට සංගක්කාර ලොව එක් දින ක්‍රිකට් ලකුණු 12,000 පසු කළ 4වැනි පිතිකරුවා බවටද පත්ව සිටී.

පරිප්පු ආනයන බද්ද අඩුවෙයි - Tax on imported dhal reduced

පරිප්පු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් 1ක් සඳහා අය කරන බදු මුදල රුපියල් 17කින් අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.ඒ අනුව පරිප්පු කිලෝ 1ක් සඳහා අය කළ රුපියල් 22ක මුදල රුපියල් 5 ක් දක්වා අඩු කර ඇති අතර මෙය හෙට(06) දිනයේ සිට ක්‍රියාත්මක වෙයි.

Special Commodity Levy on imported dhal would be reduced by 17 rupees per kilo with effect from midnight today, the Ministry of Finance and Planning said.

Issuing a statement, the ministry said that President Mahinda Rajapaksa has instructed the Ministry to reduce the existing Special Commodity Levy on imported dhal with the view of providing concessions to consumers.

“Therefore the Special Commodity Levy of Rs. 22 per kilo of imported dhal is reduced to Rs.5 by 17 rupees,” Ministry stated.“The Special Commodity Levy on essential items would be revised by the Government from time to time in order to provide concession to consumers and the farmers,” it added.



ෆොන්සේකාට කියන්නේ ‘කණේ මයිල්’ කියලා - Dayasiri Jayasekara

සරත් ෆොන්සේකාට කියන්නේ කනේ මයිල් කියලා යයි එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් තමන් සමඟ පැවසූ බව වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.කුලියාපිටියේ පැවති රැස්වීමකදී ඒ මහතා සඳහන් කලේ ප්‍රභාකරන්නේ මයිල් ගස්වල සයිස් එකද සරත් ෆොන්සේකා සොයා ඇති බවයි.

එහිදී අදහස් පල කල ඒ මහතා මෙසේද කීය.

‘ෆොන්සේකා මහත්තයා කියලා තියනවා ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් මහින්ද රාජපක්ෂ මහත්තයාව වටින්නේ නෑ කියලා. කොහෙන්ද මයිල් ගැන්නේ කියලා මම අහන්නේ. ඒ කියන්නේ ප්‍රභාකරන්නේ මයිල් ගස්වල සයිස් එක සරත් ෆොන්සේකා මහත්තයා හොයලා තියනවා. පසුගිය කාලයේ ඔය වගේ කතා කියලා තමයි ඡන්ද ටික කඩාගත්තේ. පසුගිය කාලයේ උද්ඝෝෂණයක් තිබුණා. සරත් ෆොන්සේකා මහත්තයාගේ රැස්වීම වෙනම තියනවා. එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම වෙනම තියනවා. හැබැයි කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලා.

මට එතුමාගේම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපේ ලොක්කාගේ කට හොඳ නෑ කියලා. කනේ මයිල්ම ගිහින් රැස්වීම් තියාගන්නවා. කනේ මයිල් කියන්නේ සරත් ෆොන්සේකා මහත්තයට. මේක මේ තම තමන්ගේ පෞද්ගලික අරමුණු බේරාගැනීමට කරණ ව්‍යාපාරයක්. අපි ඕවට කලබල වෙන්න ඕනේ නෑ.

මව්බිම පුවත්පතේ 18 වංගුව හා ගයේෂා - Gayesha Perera

 මාත් එක්ක කුණුහරුප කතා කරන්න එපා හරිද? හසන්ජිත්
 අපේ කලාකාරයො ඔලමොට්ටලයො. නමුත් ගයේෂා පෙරේරා ඔලමොට්ටලයෙක් නෙවෙයි.හසන්ජිත්
මව්බිම පුවත්පතේ "යං" අතිරේකයේ 18 වංගුව නමැති විශේෂාංගයට ගයේෂා පෙරේරා විසින් පිළිතුරු ලබාදෙමින් සිටින අතරතුර ඇයගේ පෙම්වතා වන හසන්ජිත් විසින් එම සම්මුඛ සාකච්චාව මැදට පැන එය නවත්වා ඇතිබව වාර්තාවේ.

අපි මේ පාර 18 වංගුවට කතා කළේ ඡන්දෙ ඉල්ලන්න ලෑස්තිවෙලා ඉන්න ගයේෂා පෙරේරාට. කාර්යබහුලතාව නිසාම වෙන්න ඇති අපිට ගයේෂාව 18 වංගුවට එකතු කරගන්න දෙතුන් පාරක් උත්සාහ කරන්න වුණා. අපේ 18 වංගුවෙ ස්වභාවයත් පැහැදිලි කරල ප්‍රශ්න අහන්න පටන් ගත්ත විතරයි කවදාකවත් නොවුණ දේකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා.

1.පංචතූර්ය භාණ්ඩ අතරින් ආතත වාද්‍ය භාණ්ඩයක් නොවන්නේ?
1. දිග් බෙරය
2. බුම්මැටිය
3. උඩැක්කිය
4. තම්මැට්ටම

66 වැනි නිදහස්‌ සමරුව අද - 66th Independence Day

ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස්‌ උළෙල අද (4දා) මහත් අභිමානයෙන් යුක්‌තව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේ නිදහස්‌ මාවතේදී පැවැත්වේ.ආරක්‍ෂක හමුදා නිලධාරීන් 2300 කට අධික පිරිසක්‌ සහභාගි වන ආචාර පෙළපාලියක්‌ද ඊට අයත් වේ.

යුද හමුදා නිලධාරීන් සහ භටයන් 1400 ක්‌ නාවික හමුදා භටයන් 250 ක්‌ ගුවන් හමුදා භටයන් 250 ක්‌ පොලිස්‌ භටයන් 250 ක්‌ සහ සිවිල් ආරක්‍ෂක භටයන් 250 ක්‌ ඊට සහභාගි වෙති. මේ හැර කැඩෙට්‌ භටයන් 325 ක්‌ ද තරුණ බළකායේ භටයන් 300 ක්‌ද එකී ආචාර පෙළපාලියේ ගමන් කරනු ඇත.

කෑගල්ල ප්‍රදේශයේ පාසල් සිසුන් 110 ක්‌ ජාතික ගීයද තවත් සිසුන් 25 ක්‌ ජයමංගල ගාථාද ගායනා කරනු ඇත.මෙම නිදහස්‌ උළෙලට යුධ හමුදා රථ හා වෙනත් ප්‍රහාරක රථද එක්‌වේ.66 වැනි නිදහස්‌ දින උළෙලට රජයේ ඇමැතිවරු විදේශ තානාපතිවරු හා වෙනත් සම්භාවනීය අමුත්තන්ද සහභාගී වෙති.

Gossip Lanka Hot News Previous News Archive