නිරුවත තරම් හොද වෙළද භාන්ඩයක් තවත් නැත. කාන්තා නිරුවත හා අඩනිරුවත වෙළදපොළේ විකිණෙන්නේ උණු කැවුම් වගේය. අද වන විට එය දේශපාලනයටද නැතුවම බැරි අංගයක් වී ඇත. ඒ නිළියන් දේශපාලනයට ආ නිසාම පමණක් නොව, මැතිවරණ ප්රචාරණයන්ටද නිරුවත, අඩනිරුවත යොදාගන්නා බැවිනි.
පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වූයේ මේග්නා පටෙල් නම් නිරූපණ ශිල්පිණිය තමන්ගේ අඩ නිරුවත එළැඹෙන මැතිවරණය වෙනුවෙන් නරේන්ද්‍ර මෝඩි පුදදුන් බවයි. දැන් ඉන්දියාවෙන්ම වාර්තා වෙන්නේ බොලිවුඩ් නිළි තනීෂා සිං රාහුල් ගාන්ධි වෙනුවෙන් ඇදුම් උනා දැමූ බවයි.
මම ඉන්දීය කොන්ග්‍රසයට ගොඩක් කල් ඉදන් උදව් කරනවා. ඒත් ඒක හැමෝම දැනගත්තේ දැන් තමයි. මම රාහුල් ගාන්ධිගේ හොද රසිකාවියක්. ඡන්දෙත් ළඟ එන නිසා මට ඕන උනා මගේ හිතේ රාහුල් ගාන්ධි ගැන තියෙන ආදරේ, කැමැත්ත පෙන්නන්න. මම කැමතියි රාහුල් ගාන්ධි ඉන්දියාවේ අගමැති වෙනවා දකින්න.තනීෂා රාහුල් ගාන්ධි ගැන කියන්නේ එහෙමය







