රාහුල් ගාන්ධිගේ මැතිවරණ ප‍්‍රචාරණය වෙනුවෙන් රෙදි ගැලවූ නිළිය - Tanisha Singh bares all for Rahul Gandhi

නිරුවත තරම් හොද වෙළද භාන්ඩයක් තවත් නැත. කාන්තා නිරුවත හා අඩනිරුවත වෙළදපොළේ විකිණෙන්නේ උණු කැවුම් වගේය. අද වන විට එය දේශපාලනයටද නැතුවම බැරි අංගයක් වී ඇත. ඒ නිළියන් දේශපාලනයට ආ නිසාම පමණක් නොව, මැතිවරණ ප‍්‍රචාරණයන්ටද නිරුවත, අඩනිරුවත යොදාගන්නා බැවිනි.
පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වූයේ මේග්නා පටෙල් නම් නිරූපණ ශිල්පිණිය තමන්ගේ අඩ නිරුවත එළැඹෙන මැතිවරණය වෙනුවෙන් නරේන්ද්‍ර මෝඩි පුදදුන් බවයි. දැන් ඉන්දියාවෙන්ම වාර්තා වෙන්නේ බොලිවුඩ් නිළි තනීෂා සිං රාහුල් ගාන්ධි වෙනුවෙන් ඇදුම් උනා දැමූ බවයි.

මම ඉන්දීය කොන්ග‍්‍රසයට ගොඩක් කල් ඉදන් උදව් කරනවා. ඒත් ඒක හැමෝම දැනගත්තේ දැන් තමයි. මම රාහුල් ගාන්ධිගේ හොද රසිකාවියක්. ඡන්දෙත් ළඟ එන නිසා මට ඕන උනා මගේ හිතේ රාහුල් ගාන්ධි ගැන තියෙන ආදරේ, කැමැත්ත පෙන්නන්න. මම කැමතියි රාහුල් ගාන්ධි ඉන්දියාවේ අගමැති වෙනවා දකින්න.තනීෂා රාහුල් ගාන්ධි ගැන කියන්නේ එහෙමය

ගැහැණුන්ගේ ගැහැණු වැඩ වලට හේතුව මොළේ අඩුකම - Men have bigger brains than women, research reveals

මොළේ කලදක් නෑ වගේ වැඩ කරාට තාමත් මේ ලෝකේ ලොකුම මොළය තියෙන්නේ මිනිස්සුන්ට.කතාවට ඉතිං මිනිස්සුන්ට කියලා කිව්වට ගැහැණුන්ගේ මොළේ නම් හැදි මිටේ තරම් කියලයි කියන්නේ.වැස්සට ඉස්කෝලේ ගිය අය පවා මෙලෝ දෙයක් නොදැන එහෙම කියන්නේ ගැහැණු අය කරන ගැහැණු වැඩ නිසානේ.හැබැයි ඉතිං ඕකකාන්තාව පහත් කරන්න පිරිමි ගොතපු කතාවක් කියලයි මහිලා සමිති ඇගිල්ල දික් කරන්නේ..

හැබැයි අදින් පස්සේ නම් ගැහැණු මොළේ හැදි මිටේ තරම් කියල කවුරු හරි කිව්වොත් එකේ කිසිම වැරැද්දක් නැහැ.ඒක 100% ක්ම විද්‍යාත්මකව සහතික ඇත්ත කතාවක්.මොකද ඇත්තටම කාන්තාවන්ගේ මොළේ හැදිමිට තරම්ම නොවුනත් පිරිමින්ට වඩා නම් පොඩියි.

මේ කාරණය හොයාගත්තේ එංගලන්තේ කේම්බ්‍රිජ් පර්යේෂකයන් පිරිසක්. පහුගිය අවුරුදු 20ක් තිස්සේ විවිධ අය කරපු පරීක්ෂණ 126ක් අධ්‍යනය කරද්දි මේ රහස හෙළිවුනා.පිරිමි මොළයකට වඩා ප්‍රමාණයෙන් වගේම බරිනුත් ගැහැණු මොළය අඩුයි.

හලාවත පාන් ගෙඩියකින් යකඩ ඇණයක්

පුළුස්සා තිබූ පාන් ගෙඩියක යකඩ ඇණයක් ඇතුළත් ව තිබීමේ චෝදනාවට වැරදිකරුවන් වූ බේකරි හිමියෙකුට හා කඩ හිමියෙකුට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කල්හාරි කේ ලියනගේ මහත්මිය විසින් රුපියල් 17,000 ක දඩ මුදලක් ගෙවීමට නියම කළා ය.

එසේ දඩ නියම වූයේ හලාවත ජයබිම ජනපදයේ පදිංචි කඩ හිමියෙකුවන එම් ජමාල්දීන් කාසිමි හා හලාවත වට්ටක්කලියේ බේකරිහිමියෙකුවන මොහොමඩ් හුසේන් මොහොමඩි හාරිස් නමැති දෙදෙනාට ය.

පළමුවන විත්තිකරු පවත්වා ගෙන යන වෙළෙඳසැලෙන් මිලට ගෙන ගොස් ආහාරයට ගැනීමට සූදානම් වූ පාන් ගෙඩියෙහි යකඩ ඇණයක් තිබී හමුවීම හේතුවෙන් ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත කර තිබු පැමිණිලක් අනුව විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.එම යකඩ ඇණය හමු වී ඇත්තේ එම පාන් ගෙඩියෙන් කැබැල්ලක් කුඩා දරුවෙකුට ආහාරයට දුන් අවස්ථාවේ දී බව අනාවරණය විය.

නදීශා හේමමාලිට කුරුඳු පොල්ලෙන්ම උත්තර

මංගල සමරවීර මහත්තයගෙ කුරුඳු පොලු හමුදාවට අලුතින් බැඳුණා කියන නදීශා හේමමාලිටත් කුරුඳු පොලුවලින්ම උත්තර දෙන්න ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ කුරුඳු පොලු අතේ තියාගෙන බලන් ඉන්නවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වදින හිටපු පළාත් සභා මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහතා පසුගියදා මාතර දී පැවැසීය.

ඒ මහතා එම අදහස් පළ කර සිටියේ පිටබැද්දර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින් අරස මරක්කලගේ නදීශා හේමමාලි සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

මෙදා එක්සත් ජාතික පක්ෂයෙන් මාතරට තරග කරන්න නදීශා කියලා නිළියක් දාලා තියෙනවා. මාතර හතර සීමාවල්වත් නොදන්න මෙයා නාම යෝජනා භාර දීපු දවසේම වාගේ කුරුඳු පොලු හමුදාවට එකතු වුණා කියලා ප්‍රසිද්ධියේ කියන්න ගිහිල්ලා ඇඟ පුරාම නාගත්තා. මොකද පහුගිය කාලේ මාතර නගරයේදී කුරුඳු පොලුවලින් ගහගත්තෙ යූඑන්පීකාරයෝ දෙපිරිසක්මයි. එක කණ්ඩායමක් යූඇන්පී නායකයාට පක්ෂව අනික් කණ්ඩායම නායකයාට විරුද්ධව. දෙගොල්ලන්ගෙ ගහ මරා ගැනිල්ල මාතර මිනිසුන්ට යාන්තමින් අමතක වෙලා යද්දි නිළිය ඇවිත් ඒ අතීතය නැවතත් මතක් කළා.

පවුල කැඩුවාට කෝටි 1½ක් වන්දි ගෙවයි

විවාහක කාන්තාවක සමඟ අනාචාරයේ හැසිරීමෙන් එම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා ඇයත් සමඟ ගෙවූ පවුල් ජීවිතයේ එකමුතුව සහ සබැඳියාව කඩා බිඳ දැමීමේ වරදට නීත්‍යානුකූල සැමියාට රුපියල් කෝටි එකහමාරක වන්දි මුදලක් ගෙවීමට කාන්තාව සමඟ අනාචාරයේ හැසුරුණු පුද්ගලයා‍ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ විය.

‍අග විනිසුරු මොහාන් පීරිස්, කේ. ශ්‍රීපවන් සහ රෝහිණී මාරසිංහ විනිශ්චය මණ්ඩලය හමුවේ කැඳවුණු අභියාචන පෙත්සමක් විභාගයට නොගෙන සමථයකට පත් කර ගන්නා ලෙස අධිකරණය කළ යෝජනාවක් අනුව එම මුදල භාර ගෙන නඩුව අවසන් කර ගැනීමට නීත්‍යානුකූල සැමියා එකඟ විය.

මෙම නඩුවේ පැමිණිලිකාර සැමියා නුගේගොඩ පදිංචි ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ පවුල් ජීවිතය කඩා බිඳ දැමී යැයි කියන පුද්ගලයා ගුවන් සේවා සමාගමක පියාසර ඉංජිනේරුවරයෙකි. විවාහය බිඳී යාම නිසා තමාට සිදු වූ පාඩුව සහ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් අදාළ පුද්ගලයාගෙන් ලබා දෙන ලෙස සැමියා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

සන්ධානෙ හැමෝම ජනාධිපතිගෙ පින්තූරෙ දානවා.. එජාපෙ එකෙක්වත් රනිල්ගෙ මූණ දාන්නෙ නෑ

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පින්තූරය මෙවර මැතිවරණයේ කිසිදු එජාප අපේක්‍ෂකයෙකු භාවිතා නොකරන බවත් ඔහුගේ සමීපතමයන් මෙවර මැතිවරණයට තරග කිරීම මගහැර ඇති බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.

ගාල්ලේ පවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේද කීය.

‘අද මේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ නායකයාගේ සමීපතමයන් කියන කවුරුත්ම තරග කරන්නේ නෑ. ගාල්ල දිස්ති‍්‍රක්කය ගත්තාම මේකේ දිස්ති‍්‍රක් නායකයා ලෙස ඉන්න වජිර අබේවර්ධන මහත්තයා තරග කරන්නේ නෑ. මාතර සාගල රත්නායක තරග කරන්නේ නෑ. හම්බන්තොට ආනන්ද කුලරත්න, කළුතර ලක්ෂ්මන් විජේමාන්න, කොළඹ සුනේත‍්‍රා රණසිංහ වගේ අය තරග කරන්නේ නෑ. 

එතකොට මෙන්න මේ වගේ තමන්ගේ ඉතාම හිතවත් උදවියට මේ ඡන්දේ ගැන විශ්වාසයක් නැත්නම් කොහොමද ඡන්දේ දිනන්නේ. මේ අය මේ ඡන්දය පරදින බව දන්න නිසයි මැතිවරණය තරග කිරීම මගහැර තියෙන්නේ.

Facebook සිද්ධියේ සිසුවියගේ මරණයට දෙමාපියෝ වග කියන්න ඕණෑ - Dayasiri

පසුගියදා කුරුණෑගල පාසැලක දැරියකගේ සියදිවි නසා ගැනීමේ සිදුවීම පිළිබඳව එම දැරියගේ දෙමාපියන් දැඩි සේ වගකිව යුතු බව වයඹ මහා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. පඬුවස්නුවර කොස්දෙනිය මහ විදුහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීමේ උත්සවයකට බ්‍රහස්පතින්දා (13) එක් වෙමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළේය. “ළමයි පැසැලේ ඉන්නෙ දවසේ ටික කාලයයි. 

වැඩි කාලයක් ඉන්නේ දෙමාපියන් ඇසුරේ. දැරියක් පසුගිය දා සියදිවි නසාගත්තා. ඒ විදුහල්පති බැණ වැදුණ බව කියලා. විදුහල්පති බැණ වැදුන පළියට සියදිවි නසා ගන්නා තත්ත්වයට මේ දැරිය පත්වුණේ දෙමාපියන්ගේත් වරද නිසා. මේ තත්ත්වයට ඒ දරුවා පත්වීම ගැන දෙමාපියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕණ.
තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා පරිගනකය එක්ක කරන දේ හොයා බලන්න ඕණ. එහෙම බලන එක වගකීමක්. දරුවෙක් මිය ගියාම උද්ඝෝෂණය කරන්නට කලින් ඒ දරුවාට ඒ විනාශය නොවෙන තැනට වැඩ කරන්න කවුරුත් දැනගත යුතුයි.

කටුනායක අධිවේගි මාර්ගයේ සැප බසයක් ගිනි ගනී - 42 passengers on board expressway bus on fire

අද (13) දහවල් කොළඹ සිට කටුනායක දක්වා අධිවේගි මාර්ගයේ ගමන්ගත් සුභඛෝපභෝගි ලංගම බස් රියක් ජාඇල පිවිසුම අසලදී හදිසියෙම ගිනි ගත්තේය. මෙම අවස්ථාවේ මගීන් 41 දෙනෙක් එහි ගමන් කරමින් සිටි අතර කිසිවකුට අනතුරක් සිදු වී නැත.

මගීන් වෙනත් බස් රථවලින් ගමනාන්තය දක්වා පිටත් කර යැවූ අතර මුළුමණින්ම ගිනිගත් බස් රථය පසුව බෝපිටිය පොලිසිය වෙත ගෙන ගොස් තිබේ. ගින්නට හේතුව ඇන්ජිම අසල විදුලිය කාන්දුවක් බව ලංගම කාර්මික නිලධාරින් විශ්වාස කරති.

A fire has been reported inside a SLTB bus that was travelling along the Colombo- Katunayake Expresseway.There had been forty two passengers in the bus. However, the police stated that their were no casualties reported.According to the Police Media Unit, the bus which had been travelling from Colombo to Katunayake, had caught on fire at around 11.25 Thursday afternoon in the 15.4 kilometre area near Ja-Ela.

Gossip Lanka Hot News Previous News Archive