ගම්පොළ ප්‍රධාන මස් වෙළෙඳසලක හිමිකරුවන් ඇතුළු පස් දෙනකු එක්වී බෝ ගසක එල්ලා මරා මස් කරන ලද මී හරක් දෙදෙනකුගේ මස් සමඟ එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනකු රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ද අනෙකුත් තිදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද ගම්පොළ මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
මෙසේ ඇප නියම වූයේ මොහොමඩ් නෂීර්, දිලුම් තුෂාර යන අයටය. මොහොමඩ් ෂාරුක්, දෙනියේ ගෙදර ප්‍රේමතිලක, මුරුන්දන් ශෂිකුමාර් යන අය රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.
ගම්පොළ මිල්ලගහමුල දෙනියගම ප්‍රදේශයේ සිටි මීහරක් දෙදෙනකු එම ගමේ කැලෑ ප්‍රදේශයට වන්නට තිබූ බෝගසේ එල්ලා රාත්‍රි කාලයේදී මරා මස් කරද්දී ඒ බව ගම්වාසීන්ට දැන ගන්නට ලැබී එම ස්ථානය වටලා සැකකරුවන්ට පැන යාමට නොදී අල්ලාගෙන තිබුණි.මේ ප්‍රදේශයේ පදිංචි උඩ පළාත ප්‍රාදේශීය සභා සභාපති ඩී. ජී. ගුණසේන මහතා ඇතුළු ගම්වාසීන් මේ බව ගම්පොල පොලිසියට දැන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් එම සැකකරුවන් හා මස් තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.







