මාස ගාණක් පවුල් කා දැරිය ගෙදරට ගෙනත් දැමූ පෙම්වතා අතුරුදන්

වයස අවුරුදු 15 ක් වන බාලවයස්කාර දැරියක් මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇය සමග මාස කීපයක් ජීවත් වී පසුව ඇය ඇයගේ නිවසට ගෙනවිත් දමා ගිය බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

පහැර ගැනීමට ලක්ව ඇත්තේ පුත්තලම - මදුරගම පදිංචිව සිටි දැරියකි.පසුගිය වසරේ සැප්තැම්බර් මස ඇය ඇයගේ පෙම්වතා විසින් මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇත.එදින සිට පසුගිය 14 වැනිදා දක්වා පෙම්වතාගේ ඥාතිවරයෙකුගේ නිවසේ දෙදෙනා ගත කර තිබේ.

පෙම්වතාගේ ඥාතියෙකුගේ නිවසේ සිටි කාලය තුළ ඔහු සමග අඹු - සැමියන් ලෙස ජීවත් වූ බව දැරිය තම මව්පියන්ට පවසා ඇත.පසුව දැරියගේ මව්පියන් විසින් මේ බව පුත්තලම පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබේ.සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

කෑමට බීමට පමණයි.. නල ජලය වාහන සේදීම, මල්වලට දැමීම නවතන්න

දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණය නිසා ජල මූලාශ‍්‍රවල ජල මට්ටම සීඝ‍්‍ර ලෙස පහළ යමින් තිබෙන බවත්, මේ නිසා නළ ජලය භාවිත කරන සියලූම දෙනා ජලය අත්‍යවශ්‍යම කටයුතු වලට පමණක් යොදා ගන්නා ලෙස ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

දැනට අඛණ්ඩව නළජලය සපයන්නේ ඉතාමත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් බවත්, දිගින් දිගටම මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් ඉදිරියේදී ජල සැපයුම සීමා කිරීමට පවා සිදුවන බවද එම අමාත්‍යංශයේ ලේකම් අමරානන්ද අබේගුණසේකර මහතා පවසයි.

ආහාර පිසීම, බීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් නළජලය භාවිත කරන ලෙසත්, පවතින කාලගුණ තත්ත්වය වෙනස්වන තුරු වාහන සේදීම, මල්පැළ වලට වතුර දැමීම වැනි විවිධ හේතු මූලික කර ගනිමින් සිදුකරන භූමියට ජලය විසිරීම සීමා කරන ලෙසටද ඔහු ඉල්ලා සිටියේය.

දේශපාලනයට සම්බන්ධ වෙනවා නම් ඡන්දේ ඉල්ලන්නේ උතුරු පළාතෙනුයි - K Sujeewa

මයික්‍රෆෝනය ඉදිරියේ සිට දෙමළ බසින් ගුවන්විදුලි හා රූපවාහිනී රසිකයන් ඇමතූ කේ. සුජීවා එළිමහන් ප්‍රසංග වේදිකාවට දැන් නැතිවම බැරි ගායිකාවක් වෙලා. නිවේදන ජීවිතයෙන් සමුගත් ඇය යළි මයික්‍රෆෝනය අතට ගන්නේ ගායිකාවක් හැටියටයි. කෙසේ වුවත් ඇයගේ හඬට සිංහල ජනතාව තුළ සුවිශාල පිළිගැනීමක් තියෙනවා.

මේ දිනවල ඇයව නිර්මාණ තුළින් දකින්න නොලැබුණත් ඇය පිළිබඳව රාවයක් පැතිරෙනවා. ඒ ඇගේ පවුල දෙකඩ වෙලා කියන රාවයයි. ඒ පිළිබඳවත් ඇගේ සංගීත ජීවිතය පිළිබඳවත් කතා කරන්න මෙවර රිවිසරසිට ඇයව සම්බන්ධ කරගත්තා. මේ ඒ ගැනයි.

සුජීවාගේ කටහඬ මේ දිනවල අහන්න ලැබෙන්නේ නැහැ. ප්‍රසංග වේදිකාවෙන් ප්‍රතික්ෂේප වෙලාද ඉන්නේ?
රූපවාහිනී හා පුවත්පත් මාධ්‍යයෙන් මාව දකින්න ලැබෙන්නේ නැති නිසා මම නිහඬවෙලා කියලා හිතනවා ඇති. ඒත් මම නිහඬ නැහැ. හැම සති අන්තයකම රට වටේ තියෙන සංගීත ප්‍රසංගවල මම ගී ගයනවා. ඒ නිසා හරිම කාර්ය බහුලයි. ඒ වගේම මගේ හඬ මගේ රටාව අදටත් හෙටටත් ප්‍රසංග වේදිකාවෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඕනෑ තරම් ආරාධනා ලැබෙනවා.

video: වනාතේ සුනිල් සුදුවෑන්එකකින් පැහැරගෙන

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි කරු වන් සහ ඔවුන්ගේ නිවාස, ඉතා අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීමට එරෙහිව කටයුතු කරමින් සිටි, වනාතමුල්ල 34 වත්තේ පදිංචි සමරවීර සුනිල් නැමැතා අද (15 ) අවිගත් පිරිසක් විසින් සුදුපැහැති වෑන්රථයකින් පැහැරගෙන ගොස් ඇතැයි සඳහන් කරමින් එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරත විය.

පෙරේදා (13) ආරක්ෂක අංශ නිලධාරීන් 34 වත්තට පැමිණ අතුරුදහන්වූ සමරවීර සුනිල් සොයා ඇතැයිද පැවසේ.

ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන අතර විරෝධතාකරුවන් අද දහවල් දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණය අසළට පැමිණ එම උද්ඝෝෂණය ආරම්භ කළේය.වනාතමුල්ල නිවාස හිමිකම් සුරැකීමේ සංවිධානයේ මාධය ප්‍රකාශක සහ නිවාස අහිමිවන්නන් වෙනුවෙන් නීති ආධාර ලබාදෙන එම නිවාස සිද්ධියට අදාළ නඩුවට ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුනිල් වටගල මහතාද එහි පැමිණියේය.

ගෝඨාභය මැතිවරණ නීති කඩයි - Gotabhaya Rajapaksa

රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි වුවද එය නැවත වරක් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වී තිබේ.

පෙබරවාරි 13 වැනිදා පෙරවරුවේ කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්වී ඇති අතර එහිදී උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම හා මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සිදුකර තිබේ. මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර, නීතිඥ මනෝහරද සිල්වා, නීතිඥ ජගත් ගුණවර්ධන ආදීන්ද සහභාගි වී ඇත.

රජයේ මාණ්ඩලික මට්ටමේ ඉහළම නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම් වරයකුට මැතිවරණ ප‍්‍රචාරණ කටයුත්තකට සහභාගිවීමට හැකිදැයි රාවය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ එසේ කළ නොහැකි බවයි.

ඇමැති පුතා කන්ටේනර් පන්නයි

"නීති විරෝධි ද්‍රව්‍ය තිබුණේදැයි බලවත් සැකයක්‌"
ජපානයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වූ පාවිච්චි කරන ලද අධිශීතකරණ සහිත කන්ටේනර් 2 ක්‌ ඇමැති පුතකුගේ බලපෑම මත රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගේ උපදෙස්‌ අනුව කිසිදු පරීක්‍ෂාවකින් තොරව නිදහස්‌ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කන්ටේනර් දෙක තුළ තිබූ අධි ශීතකරණ තුළ සඟවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්ද යන්න පිළිබඳව මේ වන විට බරපතල සැකයක්‌ මතුවී ඇති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.මෙම කන්ටේනර් දෙක තුළ ඇත්තේ අධිශීතකරණ කොටස්‌ බවට ලිපි සකසන ලෙස රේගු දිගු කාමරයේ නිලධාරියකුට උපදෙස්‌ දී ඇති ඉහළ නිලධාරියා එම ලියකියවිලි සකස්‌ කිරීමෙන් අනතුරුව කන්ටේනර් අංගනයේ සිටින නිලධාරියකුට කතා කර මෙම කන්ටේනර් පරීක්‍ෂාවකින් තොරව නිදහස්‌ කරන ලෙසට උපදෙස්‌ දී තිබේ.

ඒ අනුව කන්ටේනර් දෙක කඩිනමින් රේගුවෙන් පිට කිරීම සඳහා ඇමැති පුත්‍රයාගෙන් ඉහළ නිලධාරියාට දිගින් දිගටම බලපෑම් එල්ලවී ඇත.

බෝගසක එල්ලා මීහරක්‌ දෙදෙනකු මස්‌ කරලා

ගම්පොළ ප්‍රධාන මස්‌ වෙළෙඳසලක හිමිකරුවන් ඇතුළු පස්‌ දෙනකු එක්‌වී බෝ ගසක එල්ලා මරා මස්‌ කරන ලද මී හරක්‌ දෙදෙනකුගේ මස්‌ සමඟ එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්‌ දෙනාගෙන් දෙදෙනකු රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ද අනෙකුත් තිදෙනා ලබන 17 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමටද ගම්පොළ මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

මෙසේ ඇප නියම වූයේ මොහොමඩ් නෂීර්, දිලුම් තුෂාර යන අයටය. මොහොමඩ් ෂාරුක්‌, දෙනියේ ගෙදර ප්‍රේමතිලක, මුරුන්දන් ශෂිකුමාර් යන අය රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

ගම්පොළ මිල්ලගහමුල දෙනියගම ප්‍රදේශයේ සිටි මීහරක්‌ දෙදෙනකු එම ගමේ කැලෑ ප්‍රදේශයට වන්නට තිබූ බෝගසේ එල්ලා රාත්‍රි කාලයේදී මරා මස්‌ කරද්දී ඒ බව ගම්වාසීන්ට දැන ගන්නට ලැබී එම ස්‌ථානය වටලා සැකකරුවන්ට පැන යාමට නොදී අල්ලාගෙන තිබුණි.මේ ප්‍රදේශයේ පදිංචි උඩ පළාත ප්‍රාදේශීය සභා සභාපති ඩී. ජී. ගුණසේන මහතා ඇතුළු ගම්වාසීන් මේ බව ගම්පොල පොලිසියට දැන්වීමෙන් පසු පොලිස්‌ නිලධාරීන් එම සැකකරුවන් හා මස්‌ තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.

සැමියාගේ චිත්‍රපටවලට මට කතා කළේ නැහැ - Gayathri Dias

ගයත්‍රි ඔබ මොන වගේ වැඩත් එක්ක ද මේ දවස්වල කාලය ගත කරන්නෙ?

මේ දවස්වල මම ප්‍රධාන වශයෙන්ම මගෙ කාලය වෙන් කරල තියෙන්නෙ මගෙ සැලෝන් එකේ වැඩවලට. ඊට අමතරව ජාතික රූපවාහිනිය වෙනුවෙන් මොහාන් පී. රංගනාථ නිර්මාණය කරන අලුත්ම ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව දරුවන්ගේ වැඩවලටත් වැඩි කාලයක් යොදවනවා.

ඔබ කලක් කලා ක්ෂේත්‍රයෙන් දුරස් වෙලා සිටියා නේද?

ඔව් අවුරුදු ගණනාවක්ම මම රඟපෑමෙන් ඉවත්වෙලා සිටියා. ඒ; මගේ දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතුවලට මගේ සම්පූර්ණ කාලය යොදවන්න තිබුණු නිසා.

ඇයි ඔබට නැවත කලාවට එන්න හිතුණේ?

කලාව කියන්නේ ඉතාම ගෞරවාන්විත දෙයක්. මම හරි ආශාවෙන් තමයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. දරුවන්ගේ වැඩ නිසා කලාවෙන් ඉවත් වුණත් දරුවන් ලොකු මහත් වුණාම කලා ක්ෂේත්‍රයෙන් ලැබුණු ආරාධනා නිසා නැවත මට කලා ක්ෂේත්‍රයට එන්න ආශාවක් ඇතිවුණා. ඒ නිසයි මම නැවත කලා කටයුතු වලට සම්බන්ධ වුණේ.

Gossip Lanka Hot News Previous News Archive