බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු පිතිකරුවන් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ලකුණු 180 සීමාව හබා ගිය බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම කඩුලු සියල්ලම දැවී ලකුණු 167 ක් ලබා ගන්නා ලදී.කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබුණි.
බංග්ලාදේශයේ මීර්පූර් ජාතික ක්‍රීඩාංගණයේ මෙම තරඟය පැවැත් වුණි.මෙය පන්දුවාර 43 ක් ලෙස අඩුකර තිබු අතර වර්ෂාවෙන් අද තරඟය ආරම්භ කිරීමද ප්‍රමාද වී තිබුණි







