වනාතමුල්ල නිවාස අර්බුදය හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ අතර එහිදී එයට විරුද්ධ හඬක් නැගු එම පුදේශයේ ජීවත්වන සමරධීර සුනිල් නැමැත්තා පැහැරගනීමකටද ලක්විය.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) වනාතමුල්ල, 45 වත්ත, ප්‍රජාශාලාව අසලදී පැවැත්වීය. එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් නැමැත්තා සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරන ලද අතර වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු - සුනිල් වටගල මහතාද මතුවී තිබෙන තත්වය පැහැදිලි කළේය. කෙසේවෙතත් වනාතමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැහැර ගැනීමට ලක්වූ බව කියන සුනිල් නමැත්තා කියා සිටියේ තම ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් රජය ඊට වගකිව යුතු බවයි.
එහිදී අදහස් දැක්වූ පැහැරගැනීමට ලක්වූ සරධීර සුනිල් ප්‍රකාශ කල අදහස් පහත දැක්වේ.
"වනාතමුල්ල නිවාස සමිතියේ මම ඉන්නවා..අපේ නිවාස වෙනුවෙන් අපි කතා කරා..අපිට ප්‍රශ්න ගොඩක් තියෙද්දී ආරක්ෂක ලේකම් තුමා අපේ බිල්ඩින් එකට ආවා..මම ඒ වෙලාවේ කඩයප්පන් තබන තැනක හිටියේ..ප්‍රසාද් කියන එක්කෙනයි බ්‍රිගේඩියර් නුයි මාව ඈත ඉදන්ම පෙන්නුවා..පෙන්නුවට පස්සේ මගේ නිවාස පැත්තට ආවා..






